ඇවන්ගාඩ් නඩුව ඔක්තෝබර් 30 ට කල්යයි ඇවන්ගාඩ් සිද්ධියට අදාළව අභියාචනාධිකරණය මගින් ලබාදී තිබු තාවකාලික තහනම් නියෝගය හේතුවෙන් එම නඩුව ලබන ඔක්තෝබර් 30 වැනි දා දක්වා කල්තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය. 09 July 2018
නිව්යෝර්ක් ටයිම්ස් හෙළිදරව්ව ගැන පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපෘතිය සඳහා චීන සමාගමකින් ඩොලර් මිලියන 7.6 ක අල්ලසක් ලබා දීම සම්බන්ධයෙන් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත කළ හෙළිදරව්ව සම්බන්ධයෙන් දෛනික පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා පැවසිය. 09 July 2018
ලෝටස් පාර වහයි විරෝධතා පාගමනක් හේතුවෙන් ගාලු මුවදොර පාර කොටුව ලෝටස් පාර මුදල් අමාත්‍යංශය අසලින් වසා දමා ඇත. 09 July 2018
යාපන කොටුවේ යුද හමුදාව කඳවුරු බඳිනවාට විරෝධය යාපනය කොටුවේ යුද හමුදා කඳවුරු ස්ථාපිත නොකරන ලෙසටත් යාපනය දිස්ත්‍රීක්කයෙන් යුද හමුදාව ඉවත් විය යුතු බවත් පවසමින් සමස්ත ලංකා දෙමළ කොංග්‍රස පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් විසින් විරෝධතාවක නිරත වූහ. 09 July 2018
කෝටි 5 ක හෙරොයින් සමඟ පකිස්තාන් ජාතිකයෙක් අත්අඩංගුවට රුපියල් කෝටි පහකට ආසන්න වටිනා කමකින් යුතු බ්‍රවුන් ෂුගර් වර්ගයට අයත් හෙරොයින් කිලෝ 04 ග්‍රෑම් 180 ඉතා සූක්ෂම අයුරින් මෙරටට රැගෙන පැමිණි පාකිස්තානු ජාතිකයෙකු අද (09) උදෑසන 06.01 කටුනායක ගුවන් තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට ලද තොරතුරු මත අත්අඩංගුවට ගනු ලැබීය . 09 July 2018
ගායන ශිල්පිනියගේ ඝාතනයට සැමියා අත්අඩංගුවට ගායන ශිල්පිනියක වන ප්‍රියානි ජයසිංහ කතුරකින් ඇන ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ සැමියා පානදුර දුම්රිය ස්ථානය අසලදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 09 July 2018
ආවා කල්ලියේ ප්‍රභලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට පසුගිය දිනයන්හි යාපනයේ නිවාස වෙතට කඩා වැදී අලාභ හානි සිදුකළ ආවා කල්ලියේ ප්‍රභල සාමාජිකයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට චුන්නාකම් පොලීසිය පවසයි. 09 July 2018
වෙඩි තැබීමකින් නාගරික මන්ත්‍රී මරුට පිටකොටුව හෙට්ටිවීදියේදී අද (09) උදෑසන සිදු වු වෙඩි තැබීමකින් කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකු මිය ගොස් ඇත. 09 July 2018
තායි ගුහාවේ සිරවු දරුවන්ගෙන් සිව් දෙනෙක් බේරා ගනිති තායිලන්ත ගුහාවේ සිරවී සිටින දරුවන්ගෙන් සිව් දෙනකු නිරුපද්‍රිතව පිටතට රැගෙන ආ බව මාධ්‍ය වාර්තා කර ඇත. 09 July 2018
යාපනයේ කැලෑවකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමු වෙයි යාපනය මණියන්තෝට්ටම් ප්‍රදේශයේ කැලෑවක වළ දමා තිබූ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 744 ක් ඇතුළු යුද උපකරණ තොගයක් සොයා ගත් බව යාපනය පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් පවසයි. 09 July 2018
විජයකලා ලන්ඩන් යන්න ලෑස්තියි කොටි සංවිධානට යළි ගෙන ආයුතු යැයි ප්‍රකාශ කළ හිටපු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය ලබන සතියේ ලන්ඩන් බලා පිටත්වී යාමට නියමිතය. 08 July 2018
ජම්පටාවීදියේ වෙඩි තැබීමෙන් දෙදෙනකු මරුට - තවත් දෙදෙනකුට තුවාල කොළඹ ජම්පටා වීදියේදී සිදුවූ වෙඩි තැබීමකින් සිව්දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවත් ඉන් දෙදෙනෙකු මියගිය බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවැසීය. 08 July 2018
ජපානයේ ස්වාභාවික අපදාවලින් 60 ක් මරුට ජපානයේ බටහිර ප්‍රදේශයේ හදිසියේ ඇතිවූ ගංවතුර හා නායයෑම් හේතුවෙන් 60දෙනකු පමණ මියගොස් බොහෝ පිරිසක් අතුරුදන්ව ඇතැයි වාර්තා වේ. 08 July 2018
ඉන්ධන මිල ඉහළ නංවනවාද තීරණය 10 වැනිදා ඉන්ධන මිල ඉහළ නංවනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අඟහරුවාදා (10) වැනිදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී අවසන් වරට තීන්දුවක් ගැනීමට නියමිතය. 08 July 2018
මිනිස් ජාවාරමට එරෙහි රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන් නීති විරෝධී මිනිස් වෙළදාමට එරෙහිව කටයුතු කරන රටවල් අතර ඉදිරියට පැමිණීමට ලංකාවට හැකියාව ලැබී ඇති අතර මිනිස් වෙළදාමට එරෙහිව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගන්නා පියවර ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඇගයීමට ලක්ව තිබේ. 08 July 2018
අනුරාධපුර ඝාතනයට හතරක් සැකපිට අනුරාධපුර දී තියුණු ආයුධවලින් කපා කොටා පියකු කපා කොටා මැරා දැමීයැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු පුල්ලෙයාර් චමින්ද නම් පුද්ගලයා ඇතුළු හතර දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 08 July 2018
උතුරට එන්නැයි විග්නේෂ්වරන්ගෙන් රංජන්ට ආරාධනාවක් තමා පුනරුත්තාපනය කළ යුතුද යන්න තීරණය කිරීමට පෙරාතුව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා උතුරට පැමිණ සැබෑ තත්ත්වය සොයා බැලිය යුතු බවත්, පුනරුත්තාපනය කළයුත්තේ කාවද යන්න එවිට ජනතාව පවසනු ඇති බවත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා සඳහන්කළේය. 08 July 2018
ගණකාධිකාරීවරු- ආයුර්වේද වෛද්‍යවරු හෙට ලෙඩ වෙති රජය විසින් තෝරාගත් සේවා කිහිපයක දීමනා සහ වැටුප් වැඩිකිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පා ගණකාධිකාරීවරුන්, දේශීය ආදායම් කොමසාරිස්වරුන්, ආයුර්වේද වෛද්‍යවරුන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක නිලධාරීන් හෙට (9) දිනයේ ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබේ. 08 July 2018
ක්ෂේත්‍ර 19ක විධායක නිලධාරීහු 11 වැඩ වරති ක්ෂේත්‍ර 19 කට අයත් රජයේ විධායක නිලධාරීන් මේ මස 11 වැනිදා එක් දින සංකේත වර්ජනයකට හා විරෝධතාවකයකට එළැඹෙන බව රජයේ විධායක නිලධාරින්ගේ ඒකාබද්ධ කමිටුව කියයි. 08 July 2018
කඳුරට පෙරමුණේ නායකයාගේ පුතා සංවිධායක ධුරයෙන් ඉවතට කඳුරට ජනතා පෙරමුණේ ජාතික සංවිධායක ලෙස කටයතු කළ මධ්‍යම පළාත් සභා මන්ක්රී රාධ ක්‍රිෂ්ණන් රාජාරාම් මහතා අද(08) සිට තාවකාලිකව එම තනතුරින් ඉවත් කළ බව එම පක්ෂයේ මහ ලේකම් ඒ ලොරන්ස් මහතා පැවසීය. 08 July 2018
කෝටියක රන් බිස්කට් මෝදරින් අල්ලයි රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් රන් බිස්කට් කිලෝවක් සමඟ ව්‍යාපාරිකයකු මෝදර රජමල්වත්ත ප්‍රදේශයේ නිවසකදී අද අත්අඩංගුවට ගත් බව මෝදර පොලිසිය කියයි. 08 July 2018
සංහිඳියාවට බාධා කරන්නන්ට හමුදාවෙන් කණේ පහරක් උතුරු නැගෙනහිර ජනතාව තුළ රජය හා යුද්ධ හමුදාව පිළිබඳ ඇති විශ්වාසය පළුදු වන අයුරින් දේශන පවත්වන හා සංහිඳියා ක්‍රියාදාමයට බාධා වන අයුරින් කටයුතු කරන පුද්ගලයන්ට යුද්ධ හමුදා කඳවුරුවලට ඇතුළුවීමට අවසර නොදෙන්නැයි යුද්ධ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා හමුදා අංශවලට උපදෙස් ලබා දී තිබේ. 08 July 2018
දුම්රිය අර්ධ රාජ්‍ය කරන යෝජනාවට වෘත්තීය සමිති විරෝධය දුම්රිය දෙපාර්තමේන්තුව අර්ධ රාජ්‍ය ආයතනයක් ලෙස පවත්වාගෙන යාමට ඉදිරිපත්වී ඇති කමිටු නිර්දේශ ඉදිරි දෙසතිය ඇතුළත ඉවත් කර ගැනීමට ආණ්ඩුව ක්‍රියා නොකළහොත් ආණ්ඩුවටත් පාලකමණ්ඩල යෝජනාවටත් එරෙහිව දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය පවසයි. 08 July 2018
වී විකුණගන්න බැරිව හරකුන්ට කන්න දෙති බලන්ගොඩ කල්තොට ගොවි ජනපදයේ ජිවත් වන ගොවින්ගේ වී අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකි වීමෙන් ඔවුන් ගැටලු රැසකට මුහුණ පා සිටින බව ගොවි සංවිධාන නියෝජිතයෝ කියති . 08 July 2018
තද සුළඟින් දෙවිනුවර විහාරස්ථානයේ වහළයටත් හානි - සිසුවියන් තිදෙනකුට සුළු තුවාල හදිසියේ හටගත් ටොනේඩෝ සුළං තත්වයක් හේතුවෙන් දෙවිනුවර රජමහා විහාරස්ථානයේ ධර්ම ශාලා ගොඩනැගිල්ලේ වහලයේ උළු ගැලවී විසිරී ගොස් කැඩීගිය උළු කැට කැබලි වැටීමෙන් දහම් පාසලේ ශිෂ්‍යාවන් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි ගන්දර පොලීසිය පවසයි. 08 July 2018
කඳුළු වායු උණ්ඩ10,000 ගෙන්වීමට ඩෙන්ටර් කැඳවයි කැරලි,කෝලහල මැඩ පැවැත්වීම සඳහා තවත් කඳුළු වායු උණ්ඩ 10,000 ක් මිලට ගැනීමට පොලීසිය විසින් ටෙන්ඩර්පත් කැඳවනු ලැබ තිබේ. 08 July 2018
අලිමංකඩ ලුණු ලේවායේ උතුරු කොටස සංවර්ධනය පෞද්ගලික අංශයට අලිමංකඩ ලුණු ලේවායේ උතුරු කොටසට අයත් කුරුන්චන්තිව් ලුණු ලේවායේ සංවර්ධනය පෞද්ගලික ආයෝජකයකුට පැවරීමට රජය තීරණය කර ඇත. 08 July 2018
හිමිනමකට කඩුවක් පෙන්වා තර්ජනය කළ අයෙක් අත්අඩංගුවට කඩුවක් රැගෙන පාදුක්ක මොරගහතැන්න ශී‍්‍ර මහා විහාරස්ථානයට පැමිණි පුද්ගලයකු විහාරාධිපති බෙරන්නාවේ විමල හිමියන්ට තර්ජනය කළැයි සැකපිට අත් අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි 08 July 2018
ජගත් පුරවර සමුළුවට අගමැති ඇතුළු දූත පිරිස සිංගප්පුරුවට හය වැනි ජගත් පුරවර සමුළුවට සහභාගි වීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු දූත පිරිස අද (08) උදෑසන 7.52 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 302 දරණ ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා පිටත් වුහ. 08 July 2018
දක්ෂිණ අධිවේගයේ අනතුරකින් මෝටර් රියක් ගිනි ගනී දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල ඉමදූව ආසන්නයේදී සිදු වු අනතුරකින් මෝටර් රියක් ගිනි ගැනීමකට ලක් වී මුළුමනින්ම විනාශ වු බව පොලීසිය පවසයි. 08 July 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026