මහර බන්ධනාගාරය ඉදිරිපිට උද්ඝෝෂණයක් වසර 100 ක් පැරණි මාර්ගයක් වසා දැමීමේ සිද්ධියට විරෝධය දක්වමින් මහර බන්ධනාගාරය ඉදිරිපිට ප්‍රදේශවාසීන් පිරිසක් උද්ඝෝෂණයක් ආරම්භ කර ඇත. 30 July 2018
අල්ලස් ගත් ආනයන - අපනයන පාලකවරයා රිමාන්ඩ් වසර 10 ක් පැරණි වාහන දෙකක් ජපානයෙන් ගෙන්වා ගැනීමට අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂ දෙකක් ඉල්ලා ලබා ගත් බව කියන අපනයන ආනයනය පාලකවරයා ලබන 7 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය. 30 July 2018
රංජන්ගේ අපහාස චෝදනා කෙටුම්පත නීතිපති අධිකරණයට දෙයි නියොජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කළ බවට සඳහන් චෝදනා පත්‍රයේ කෙටුම්පත නීතිපතිවරයා විසින් අද (30) ශ්‍රේෂ්ඨාධිකරණයට බාර දෙන ලදී. 30 July 2018
ඉතාලි ජාතිකයාගෙන් පහර කෑ ලාංකිකයාට මාස 2 ක් ප්‍රතිකාර ඉතාලියේ මිලාන් නගරයේ සේවය කරන ශ්‍රී ලාංකිකයෙක් තම ජංගම දුරකතනයෙන් ඇමතුමක් ගනිමින් සිටින විට ඒ අසලින් ගමන් ගත් ඉතාලි ජාතිකයෙක් සිංහල භාෂාවෙන් කතා කිරිම සම්බන්ධයෙන් උරණ වී සිදුකළ පහරදීමක් හේතුවෙන් ලාංකිකයාට රෝහල් ගතවී ප්‍රතිකාර ගැනීමට සිදුවූ පුවතක් පසුගිය 25 වැනි දා එරටින් වාර්තා විය. 30 July 2018
සූරියවැව ප්‍රා. ලේ කාර්යාලයේ වැඩ නවතී සුරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගේට්ටුව අවහිර කර පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් අද (30) සුරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ සම්පුර්ණයෙන්ම ඇණහිට තිබේ. 30 July 2018
ලක්ෂ 13 හෙරොයින් දෙහිවලින් සොයා ගනී දෙහිවල ටෙරන්ස් පාරේ බංගලාදේශ කාන්තාවක් නැවතී සිටි කාමරයක සුට් කේසයක් තුළ තිබි රුපියල් ලක්ෂ 13 කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් සොයා ගත් බව දෙහිවල පොලිසිය කියයි. 30 July 2018
යාපනයේ කල්ලි ගැටුම් ඇරඹෙයි යාපනයේ ක්‍රියාත්මක ආවා කල්ලියේ වත්මන් නායකයා බවට සැලකෙන පුද්ගලයාගේ නිවසට ඇතුළු ස්ථාන 4 ක පිහිටි නිවාස 4 කට ඊයේ (29) රාත්‍රියේ තියුණු ආයුධ ගත් පිරිසක් කඩා වැදී නිවාස අලාභ හානි රැසක් සිදු කර පලා ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි. 30 July 2018
නවාස් ෂරීෆ් අසනීපෙන් සිර දඬුවම් ලබන පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් කඩිනමින් රෝහල් ගත කරන ලෙස බන්ධාගාර වෛද්‍යවරුන් එරට බලධාරීන්ගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ. 29 July 2018
විදුලි අර්බුදය ගැන හොයන්න නිලධාරීන් කෝප් කමිටුවට කැඳවයි විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීම සහ විදුලි ඒකකයක් සඳහා ගෙවන මිල සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව කරුණු විමසීමට විදුලිබල අමාතශංයේ හා ආර්ථික කටයුතු අමාත්‍යශයේ ලේකම්වරුන් සහ විදුලිබල මණ්ඩලය හා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව යන ආයතනවල සභාපතිවරුන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප්) කැඳවීමට නියමිත බව පාර්ලිමේන්තු ආංචි මාර්ග කියයි. 29 July 2018
ආදර කන්ද ගිනි තැබීමට 6ක් සැකපිට - අක්කර 100ක් ඉවරයි ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නම්පේරියල් නියදගල රක්ෂිතයට ගිනි තැබීම පිළිබඳ සැකපිට හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව ඉඹුල්පේ ප්‍රාදේශිය ලේකම් කිර්ති ජයසිංහ මහතා පැවසීය. 29 July 2018
නැගෙනහිර සංවර්ධන සැලැස්මේ අරමුණ අගමැති කියයි යුද්ධයෙන් බැට කෑ නැගෙනහිර ගම් ගණනාවක් ඉදිරියට ගෙන යාම නැගෙනහිර සංවර්ධන සැලැස්මේ අරමුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මඩකලපුවේ දී අද පැවසීය. 29 July 2018
මේ වසරේ සිට අලුතින් වෛද්‍ය පීඨ 2ක් මේ වසරේ සිට අලුතින් වෛද්‍ය පීඨ දෙකක් ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි. 29 July 2018
පේරාදෙණි සරසවියේ ගස් 137ක් කපන්න යයි විශ්ව විද්‍යාලයේ සියලු පීඨ වසා දමා සිසුන් විශ්ව විද්‍යාලයේ පිටමං කර පාලනාධිකාරිය අත්නෝමතික ලෙස විශ්ව විද්‍යාල පරිශ්‍රයේ වටිනා ගස් කපා දමන බවට සිසුහූ චෝදනා කරති. 29 July 2018
80 හැවිරිදි අක්කාගේ දිවි තොරකර 75 මල්ලී දිවි නසා ගනී තම වැඩිමහල් සහෝදරියගේ ගෙල කපා මරා දමා සියදිවි හානි කර ගත් බවට සැක කෙරෙන ඇයගේ සහෝදරයාගේ ද සිරුර සොයා ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි. 29 July 2018
හමුදාව පදිංචිව සිටි ඉඩම් 5160 ක් ජනතාවට බෙදා දෙයි ත්‍රිවිධ හමුදාව පදිංචිව සිටි උතුරු නැගෙනහිර ඉඩම් අක්කර 5160 ක් ගිය වසරේදී සාමාන්‍ය ජනතාවට බෙදා දී ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. 29 July 2018
බාලවයස්කාර දරුවා අපයෝජනය කළ හමුදා සෙබළාට ගුටි කටියන්ගල්ල නව ගම්මානයේ නව හැවිරිදි බාල වයස්කාර පිරිමි දරුවෙකු අපයෝජනය කළ බව කියන හමුදා සෙබළකුට ගම්වාසීන් පහර දීම නිසා ප්‍රතිකාර සඳහා කැකිරාව රෝහලට ඇතුළත් කර ඇතැයි ඉපලෝගම පොලිසිය කියයි. 29 July 2018
දකුණේ දේශපාලනඥයන් විශ්වාස නෑ -ධර්මලිංගම් සිද්ධාර්ථන් උතුරේ අර්බුදයට දේශපාලන විසඳුමක් ලබා දීමට දකුණේ දේශපාලන බලවේග පියවර ගනී යන විශ්වාසයක් උතුරේ ජනතාව තුළ නොමැති බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා ලංකාදීපයට පැවසීය. 29 July 2018
ලංකාවට පනින්න හැදූ සරණාගතයන් දෙදෙනා අල්ලයි මුහුදු මගින් ශ්‍රී ලංකාවට යෑමට උත්සාහ කළ තමිල්නාඩුවේ සරණාගත කඳවුරක සිටි ශ්‍රී ලාංකික සරණාගතයින් දෙදෙනෙකු ඉන්දියාවේ රාමේෂ්වරන් ප්‍රදේශයේදී අත්අඩංගුව ගෙන ඇතැයි චෙන්නායි හි ශ්‍රී ලංකා තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී. 29 July 2018
හිටපු ජනපති නොපැමිණීමෙන් උත්සවයේ විරෝධතාවක් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දු වු පරිදි නොපැමිණීම නිසා ඇඹිලිපිටිය හීන් දලූක්හින්න නාග විහාරස්ථානයේ සංවිධානය කර තිබූ බුද්ධ ප්‍රතිමා නිරාවරණය කිරීමේ උත්සව සංවිධායකයන් දෙදෙනකු ඒ අසල තිබූ කොහොඹ ගසක නැග විරෝධය පෑමත් සමඟ ඇතිවූ නොසන්සුන්තාව නිසා උත්සවය කල් දමනු ලැබීය. 29 July 2018
ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයකින් 10 දෙනකු මරුට ඉන්දුනීසියාවේ අද (29) උදෑසන ඇතිවූ ප්‍රබල භූ කම්පනයකින් 10 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 29 July 2018
සංඝ රත්නය ආරක්ෂා කිරිමට රක්ෂණ ක්‍රමයක් මහා සංඝ රත්නය ආරක්ෂා කර ගැනීම සඳහා රක්ෂණ ක්‍රමයක් ඇති කරන බව බුද්ධ ශාසන අමාත්‍ය ජයවික්‍රම පෙරේරා මහතා අනුරාධපුර අභයගිරියේ දී පැවසීය. 29 July 2018
නීතිවිරෝධි දුම්වැටි සමඟ දෙන්නෙක් අත්අඩංගුවට නිතීවිරෝධි අයුරින් මෙරටට රැගෙන ආ රුපියල් 50,000 ක් වටිනා සිගරට් කාටුන් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනකු ත්‍රිකුණාමලය කොඩ්බේ ධීවර වරාය නාවික හමුදා බුද්ධි අංශ නිලධාරින්ට ලැබුණු තොරතුරක් මත විශේෂ කාර්ය බළකා කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 29 July 2018
ගිරිහඬු සෑය පූජා භූමි සංවර්ධන සැලැස්ම වසර 33කට පසු පණ ලබයි ලොව ප්‍රථම චෛත්‍ය නිර්මාණය ලෙස සැලකෙන බුදුරදුන්ගේ කේශ්ධාතු නිදන්ගත තිරියාය “ගිරිහඬු සෑය“ පුදබිමේ යුද ගැටුම් නිසා ඇණහිට තිබු පූජා භූමි සංවර්ධන සැලැස්ම වසර 33කට පසු යළි ලබන අගෝස්තු 25 වැනි දා ආරම්භ කිරිමට නියමිත බව 29 July 2018
හොරෙන් ඉන්න අයට ගෙදර යන්න එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් මාස තුනක පොදු සමාකාලයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලබන මස පළමු වැනිදා සිට මාස තුනක පොදු සමාකාලයක් ප්‍රකාශයට පත් කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි. 29 July 2018
බීමතින් සිටි මිතුරා වැවට දැමීමෙන් මරුට කණ්ඩලම වැවේ දියනෑමට ගිය තරුණයකු අද (28) පස්වරුවේ දියේ ගිලී මිය යෑමත් සමග තරුණයා සමග වැවේ මත්පැන් පානය කරමින් සිටි හා බීමතින් සිටි මිතුරා වැවට දැමු කීපදෙනකු ඇතුළු තරුණයන් 16 දෙනෙකු සැක පිට දඹුල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ . 28 July 2018
කැලිෆෝනියාවේ ලැව්ගින්නෙන් 2 ක් මියයති. 3 ක් අතුරුදන් ඇමරිකාවේ උතුරු දිග කැලිෆෝනියා ප්‍රාන්තයේ ලැව් ගිනි නිවා දැමීමට ගිය ගිනි නිවන භටයන් දෙදෙනකු ගින්නට හසුව මියගොස් ඇති අතර තිදෙනකු අතුරුදන් වී ඇත. තද සුළං හේතුවෙන් ලැව්ගිනි ඉතා වේගයෙන් පැතිරුණු බවත් දහස් ගනන් පිරිස් නිවාස අතහැර පලා ගිය බවත් වාර්තා වේ. 28 July 2018
අග්නිදිග විශ්ව විද්‍යාලයේ උප කුලපති තෝරාගැනීමෙන් පසු කලබලයක් අග්නිදිග විශ්ව විද්‍යාලයේ උපකුලපති තෝරා පත්කර ගැනීමේ ඡන්දයෙන් පසු ගල්කිස්ස අධ්‍යයන වැඩසටහන් මධ්‍යස්ථානය අසල උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ. 28 July 2018
කිරි ඉබ්බන් 96 ක් සොයා ගැනේ කිසියම් අයෙකු විසින් නොගැඹුරු වලකට දමා සිටි ඉබ්බන් 96 දෙනෙකු සොයා ගැනීමට හම්බන්තොට වන ජීවි කාර්යාලයේ නිලධාරීන්ට හැකි වී තිබේ. 28 July 2018
දුම්රියට ගල්ගැසූ සිසුවා අත්අඩංගුවට කොලඹ කොටුව සිට තලෙයි මන්නාරම බලා ධාවනය වූ දුම්රියට ගල්ගැසූ බව කියන 15 හැවිරිදි සිසුවෙකු මන්නාරම පේසාලෙයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 28 July 2018
ඇසළ අවසන් මහ පෙරහැර නිමාවෙයි ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍ය ඊයේ (27) රාත්‍රි අවසන් මහා පෙරහැර පැවැත්වීමෙන් පසුව නිමාවට පත්විය. 28 July 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026