(සනත් ගමගේ)
හම්බන්තොට නව මහ රෝහල ජනතා අයිතියට පත් කිරීමෙන් හම්බන්තොට පැරණි නගරයේ සියලු ව්‍යාපාරික ස්ථානවලට මරු පහරක් එල්ලවන බව පවසමින් හම්බන්තොට නගරයේ සියලු ව්‍යාපාරික ස්ථාන වසා කළු කොඩි ඔසවා අද (01) හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර ඇත.
හම්බන්තොට වෙළඳ සංගමය හා සියලුම ව්‍යාපාරික ප්‍රජාව හා එක්ව හම්බන්තොට බස් නැවතුම්පොළ ඉදිරිපිට දී ව්‍යාපාරික ස්ථානවලට ඇතිවන බලපෑම්වලට විසඳුම් ඉල්ලා සත්‍යග්‍රහයක් ද ආරම්භ කර තිබේ.
හම්බන්තොට මහ රෝහල පිහිටා තිබූ ස්ථානය අවට සහ හම්බන්තොට නගරය තුළ පිහිටි ව්‍යාපාරික ස්ථානවලට ජනතාව පැමිණියේ රෝහල පිහිටා තිබූ හෙයින් වන අතර රෝහල අළුත් පාරේ අලුතින් ඉඳිකළ ස්ථානයට රැගෙන යෑමෙන් ජනතාව හම්බන්තොට නගරයට පැමිණිම සම්පූර්ණයෙන්ම නතර වේ.
මේ නිසා ව්‍යාපාරික කටයතු බංකොලොත් වන හෙයින් ව්‍යාපාරික ප්‍රජාවට සාධාරණයක් කරන ලෙස ඉල්ලා මෙම සත්‍යග්‍රහනය සහ හර්තාල් ව්‍යාපාරය අරඹා ඇති බව හම්බන්තොට වෙළඳ සංගමයේ ලේකම් සාරංග දේව සුරේන්ද්‍ර මහතා කිය.
මීට පෙර හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නව පරිපාලන සංකීර්ණයට රැගෙන යෑම හේතුවෙන් ද ව්‍යාපාරික ස්ථානවලට බලපෑම් එල්ල වූ අතර මහ රෝහල පිහිටා තිබීමෙන් එය මඟ හැරීගිය බවත් මහ රෝහල රැගෙන යෑමෙන් හම්බන්තොට ව්‍යාපරිකයින් කබලෙන් ළිපට වැටුණු බවත් සාරංග මහතා සඳහන් කළේය.
කිසි විටක හම්බන්තොට නව මහ රෝහල විවෘත කිරීමට විරුද්ධ වීමක් නොව ව්‍යාපාරික ප්‍රජාවට සිදුවන අසාධාරනය ගැන පමනක් මෙම විරෝධතාවයේ අරමුණ බවත් අළුත් රෝහල පිහිටි ප්‍රදේශයෙන් ව්‍යාපාරික ස්ථාන ආරම්භ කිරීමට සුදුසු ස්ථාන ලබා දෙන ලෙසටත්, පැරණි රෝහල තවදුරටත් එසේම එම ස්ථානයේ පවත්වාගෙන යන ලෙසටත් ඉල්ලා සිටින බව ව්‍යාපාරික සංගමයේ ලේකම් වරයා කියා සිටී.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම ගියොත් වැසිකිලියක්වත් හදන්න බැරිවෙයි. මිනිස්සු නගරෙට එන්නේ එදිනෙදා අවශ්‍ය දේවල් ගන්න. අවශ්‍යතාවය තියෙනවනම් බඩු ගන්න එයි. නැත්නම් බෙහෙත් ටික අරන් ගෙවල්වලට යයි
මේක නම් පුදුම රටක්. රටේ පාරවල්වල නීති හදන එක ගැන කතා කරන්නේ පෞද්ගලික බස් මුදලාලිලා . අලුත් හොස්පිටල් එක වීවෘත කරනවට කඩ මුදලාලිලා පිකටින්. කොලොන්නාවට තෙල් ගෙනෙන නල එලනවාට විරුද්ධව ආණ්ඩුවේ ඇමතිලා පාරට බහිනවා. අධ්‍යාපන ඇමති ටැබ් දෙන්න යනකොට (වැඩක් නැති බව ඇත්ත ) ජනාධිපති හරහට . එක ඇමති කෙනෙක් චීන සිගරට් ගෙන්න හදනවා තව කෙනෙක් හරහට. ජනාධිපති එල්ලුම් ගහ ගෙනෙනවා අගමැති හරහට. මහත්වරුනි, බදු ගෙවන අපට මේ පෙන්වන ජෝගියට අපි හිනාවෙන්නද ? ඇඩෙන්නේ නැද්ද ? සරණාගතයෝ හැටියට කොහෙට හරි යනවා හැර ඉදිරියක් නැති බව 100% විශ්වාසයි.
සිම්පල් කේස් එකක් නේ, පරණ රෝහල එහෙමම තිබියදී නව රෝහලත් පටන් ගන්න දෙකම පවත්වාගෙන යන්න. රෝගීන් අඩුවක් නැහැ නේ
හැමදේටම හර්තාල්. උද්ඝෝෂණ. ආත්මාර්ථකාමී මිනිස්සු
ඕවගේ ඒවා කරන්නේ කව්ද කියල දන්නවනේ ඉතින් කව්රුත්. මේ රට මෙහෙම ආකල්ප එක්ක ගොඩ දන්නා බෑ. මීට වැඩ හොදයි වෙන රටකට ගිහින් ඉන්න එක.
මේක ධනේශ්වර ක්රමයේ පවතින ප්රතිවිරෝධයක්...