හෙරොයින් කටේ සඟවා සිටි අයෙක් වෙනත් නඩුවකින් නිදහස් කරයි කළුතර බන්ධනාගාරයේ දී හෙරොයින් පැකට් 34 ක් මුඛයේ සඟවාගෙන සිටියදී, අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවෙකු වෙනත් නඩුවකින් නිදහස් කර යවා ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි. 05 September 2018
බන්ධනාගාර නිවාඩු නිකේතන පිටස්තර අයට දීම අත්හිටුවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් නිවාඩු නිකේතන පිටස්තර පුද්ගලයන්ට ලබාදීම අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය විසින් අත්හිටුවා ඇතැයි එම මුලස්ථාන ආරංචි මාර්ග අනාවරණය කරයි. 05 September 2018
රුබෙල්ලා තුරන් වු රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ ශ්‍රී ලංකාව රුබෙල්ලා රෝගයෙන් මිදුණු රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අද (05) නම් කරනු ලැබ තිබේ. 05 September 2018
‘රාජ්‍ය දේපළ සොරකම් කළොත් මරණ දඬුවම දෙන්න ඕනෑ’ රාජ්‍ය දේපළ සොරකම් කිරීමේ චෝදනාවට වරදකරුවන් වන අයට මරණ දඬුවම නියම කිරීම නීති පොතට ඇතුළත් කළ යුතු යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (5) පැවති උත්සවයනදී පැවසීය. 05 September 2018
නෙවිල් ප්‍රනාන්දු රෝහල ගුවන් හමුදාවට පවරා ගැනීමේ යෝජනාවක් සයිටම් වෛද්‍ය පීඨයට අනුබද්ධව ආරම්භ කළ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පවරා ගැනීමට රජයට ඉදිරිපත් වී ඇති යෝජනාවක් සම්බන්ධයෙන් අද (5) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා වී ඇත. 05 September 2018
‘ජනබල රැලිය කිසිදු බලවේගයකට නවත්වන්න බැහැ‘ ජනබල රැලිය කිසිදු බලවේගයකට නැවැත්විය නොහැකි බවත් කුමන බාධක පැමිණයත් ඉදිරියටම යන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 05 September 2018
අනවසර ඛනිජ කැණීම් සෙවීමට ජී.පී.එස් තාක්ෂණය නීතිවිරෝධී ඛනිජ කැණීම් හා ප්‍රවාහන කටයුතු සෙවීම සඳහා ජී.පී.එස් තාක්ෂණය යොදාගෙන නව යාන්ත්‍රණයක් සකසා ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි. 05 September 2018
20 පාර්ලිමේන්තුවට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අදාළ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. 05 September 2018
මාර්ග 5කින් කොළඹට එති විරෝධතාවට සහභාගී වන පිරිස මේ වනවිට කොළඹ, මහනුවර, මීගමු පාර, බොරැල්ල, මරදාන, ටවුන්හෝල් ඔස්සේ මාර්ග පහක් හරහා කොළඹ නගරයට සමීප වෙමින් සිටිති. 05 September 2018
උසස් තාක්ෂණ සිසුන් දෙදෙනා රිමාන්ඩ් ගාල්ල ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ පසුගිය 29 වැනි දා ඇතිවු ගැටුමේදී සිසුන් තිදෙනකුට පහරදී තුවාල සිදුකළැයි සැකපිට අත්අඩංගුවට ගන්නා ලද සිසුන් දෙදෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරිම සඳහා මේ මස 7 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.නිශාන්ත පිරිස් මහතා නියෝග කළේය. 05 September 2018
අන්ධ උපාධි අපේක්ෂිකාවට අතවර කළ මස්සිනා අත්අඩංගුවට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබමින් සිටින අන්ධ උපාධි අපේක්ෂිකාවකට අතවර කිරිම සම්බන්ධයෙන් එම සිසුවියගේ අක්කාගේ සැමියා වන 37 හැවිරිදි මස්සිනා අද (5) අත්අඩංගුවට ගත් බව නෙලුව පොලිසිය පවසයි. 05 September 2018
‘පොහොට්ටු කල්ලිය ජනතාව පළිහක් කරගෙන පටු අරමුණු ඉටුකර ගන්න හදනවා’ කොටි ත්රස්තවාදීන් ඔවුන්ගේ අවසාන කාලයේදී කළ අයුරින්ම පොහොට්ටු කල්ලිය ද ජනතාව පළිහක් කරගෙන තම පටු අරමුණු ඉටුකර ගැනීමේ දියාරු උත්සාහයක නිරතවන බව එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මාධ්‍ය හමුවකදී අද (5) පැවසීය. 05 September 2018
එජාප 72 වැනි සංවත්සරය හෙට එක්සත් ජාතික පක්ෂයේ 72 වැනි සංවත්සර මහෝත්සවය පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ දී හෙට (6) පෙරවරු 9ට පැවැත්වෙයි. 05 September 2018
විරෝධය දක්වන්න කොළඹ එද්දී පිරිසක් නිවාඩු දමා ගමට යති ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරනු ලබන විරෝධතාවයට සහභාගීවීම සඳහා දිවයිනේ ජනතාව සතර දෙසින් කොළඹ කරා ඇදෙමින් සිටින බව ඒ ඒ ප්‍රදේශවලින් වාර්තා වේ. 05 September 2018
ඇමරිකානු තානාපති කාර්යාලයෙන් අවවාදයක් ඒකාබද්ධ විපක්ෂය කොළඹදී පවත්වන විරෝධතාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසන්නේ ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකානු ජාතිකයන් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි. 05 September 2018
ආණ්ඩුව රට ඒකාධිපතිත්වයක් කරා ගෙන යනවා - මහින්ද වර්තමාන ආණ්ඩුව ප්රජාතන්ත්රවාදය අහෝසි කරමින් රට ඒකාධිපතිත්වයක් කරා ගෙනයමින් පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 05 September 2018
සාගර විශ්ව විද්‍යාලයේ සේවකයෝ වර්ජනයක ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ශ්‍රී ලංකා සාගර විශ්ව විද්‍යාල සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනයට සාගර විශ්ව විද්‍යාලයේ තංගල්ල ආයතනයේ සේවකයින් ද සහය දක්වමින් රාජකාරී කටයුතු වලින් ඉවත්වී තිබේ. 05 September 2018
‘උපයෝගීතා කොමිසම අනුමැතිය දුන් විදුලි බලාගාර ව්‍යාපෘති ක්‍රියාවට නංවා නෑ’ මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබාදී ඇති විදුලි බලාගාර ව්‍යාපෘති කිහිපයක් ම විදුලිබල මණ්ඩලය ක්‍රියාවට නංවා නැතැයි මහජන උපයෝගීතා කොමිසම පවසයි. 05 September 2018
ඩොලරය 163 පනී ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව අද (3) ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයේ අගය 163 සීමාව ඉක්මවා ගියේය. 05 September 2018
‘ජේබි‘ සුළි කුණාටුවෙන් ජපානයේ 10 ක් මරුට ජපානය හරහා හමාගිය ජේබි සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිට 10දෙනකු මියගොස් ඇති අතර දැඩි හානි සිදුව ඇති බව වාර්තා වේ. 05 September 2018
රන්ජන්ගේ නඩුවේ සාක්කි විභාගය දෙසැ. 11 දා සිට අධිකරණයට අපහාස කිරිමේ චෝදනාව සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්කි විභාගය දෙසැම්බර් 11 , 12 , සහ 13 දිනවල පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සිදුකිරිමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. 05 September 2018
ජනබල මෙහෙයුමට යමින් තිබු බස් රියකට ප්‍රහාරයක් හාලිඇල බෝගහමඩිත්ත ප්‍රදේශයේ දී කොළඹ පැවත්වෙන ජනබල මෙහෙයුමට යමින් තිබූ පෞද්ගලික බස් රථයකට අංක තහඩු රහිත කැබ් රථයකින් පැමිණි මැර පිරිසක් විසින් අද (5) උදැසන පොලූ මුගුරුවලින් පහරදී ඇතැයි පොලීසිය පවසයි. 05 September 2018
‘ආවා’ කල්ලියේ ප්‍රබලයකු අත්අඩංගුවට යාපනය , මානිප්පායි හා කෝපායි පොලිස් බලප්‍රදේශ තුළ භීෂණය පතුරවමින් පුද්ගලයින්ට පහරදීම් හා දේපලවලට හානිකිරීම් සිදුකළ ‘ආවා’ කල්ලියේ ප්‍රබලයකු වන ‘ලංඩා’ නැමැත්තා ඉණුවිල් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව මානිප්පායි පොලිසිය කියයි. 05 September 2018
සාමකාමීව උද්ඝෝෂණයේ නිරත වන අයට පොලිසියේ බලපෑමක් නෑ ඒකාබද්ධ විපක්ෂය හෙට (5) පවත්වන උද්ඝෝෂණය හෝ විරෝධතා ව්‍යාපාරය නැවැත්වීමට පොලිසිය කිසිදු ඉල්ලීමක් අධිකරණය හමුවට ඉදිරිපත් කර නොමැති බව රාජ්‍ය පරිපාලන, කලමනාකරණ, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද (4) පැවසීය. 04 September 2018
පාර්ලිමේන්තුවට හෙට පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණය පැවැත්වෙන හෙට (5) පාර්ලිමේන්තුවට පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ ආරක්ෂාවක් දීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තීරණය කර ඇත. 04 September 2018
කටුනායක ගුවන් තොටේ විද්‍යුත් ගේට්ටු 10ක් සවි කරන්න කැබිනට් අනුමැතිය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ විද්‍යුත් ගේට්ටු 10ක් සවි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි වාර්තාවේ. 04 September 2018
හිංසාකාරීව හැසිරීමට එරෙහිව කැබිනට් ඇමැතිවරු තදින් සිටිති ඒකාබද්ධ විපක්ෂය කොළඹදී හෙට (05) පවත්වන උද්ඝෝෂණයේදී හිංසාකාරී ලෙස හැසිරෙන්නේනම් පොලිසිය බලය පාවිච්චි කළයුතු බව ඇමැතිවරුන් කිහිපදෙනෙකු අද (04) පැවැති කැබිනට් රැස්වීමේදී දැඩිව ප්‍රකාශ කර ඇත. 04 September 2018
ඒකාබද්ධයේ පෙළපාළිය වළක්වන්න තලංගම පොලිසිය ඉල්ලු වාරණය ප්‍රතික්ෂේප වෙයි ඒකාබද්ධ විපක්ෂය හෙට (05) පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය සහ විරෝධතා පෙළපාලියේ උද්ඝෝෂකයින් විසින් පාර්ලිමේන්තු වට රවුමේ සිට පොල්දූව වටරවුම දක්වා ඇතුලූ වීම වලක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසට තංලගම පොලිසිය කළ ඉල්ලීමක් කඩුවෙල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස්න මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. 04 September 2018
දැදුරු ඔය ජලාශයන් වැව් වලට ජලය දෙන්න හැකිදැයි විදෙස් නියෝජිතයෝ සොයා බලති පුත්තලම දිස්ත්‍රික්කයේ දැනට වගා කටයුතු වලට නිසි පරිදි ජලය ලබා ගැනීමට නොහැකි ජලාශවලට දැදුරු ඔයේ ජලාශයෙන් ජලය ලබා ගෙන ඉගින්මිටිය ජලාශය, මහ උස්වැව යව වැව්වලට සහ රතඹලා ඔයෙන් විජය කටුපොත වැවට ජලය ලබා ගැනීමේ කටයුතු විදෙස් දූත පිරිසක් නිරීක්ෂණය කළේය. 04 September 2018
දිස්ත්‍රික්ක තුනකදී හෙට සුනාමි පෙරහුරුවක් සුනාමි ආපදා අවස්ථාවකට මුහුණදීම සඳහා කලාපීය රටවල් සූදානම් කරවීමේ අරමුණින් ලෝකයේ රටවල් 28ක පවත්වන සුනාමි ආපදා පෙරහුරු වැඩසටහන ශ්‍රී ලංකාවේ ද දිස්ත්‍රික්ක තුනක ග්‍රාම නිලධාරී වසම් 6 කදී හෙට (5) පෙරවරු 8.30ට පමණ පැවැත්වේ. 04 September 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026