IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


රිය අනතුරකින් තිදෙනෙක් මරුට

(කාංචන කුමාර ආරියදාස)
 
හබරණ දඹුලු පාරේ කුඩාමීගස්වැව ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ වෑන් රථයක් අනතුරට පත් වීමෙන් පුද්ගලයන් තිදෙනකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි හබරණ පොලීසිය කියයි.
 
මෙසේ මියගොස් ඇත්තේ වෑන් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් තිදෙනා බවත් එයින් වෑන් රථයේ රියදුරු සහ වෑන් රථයේ ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තවත් පිරිමි අයකු සහ  කාන්තාවක් බරපතල තුවාල දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් කාන්තාවක් මහනුවර මහ රෝහලට මාරු කර යැවූ බවත් පොලිසිය කියයි.
 
මෙසේ මියගොස් ඇත්තේ පොළොන්නරුව කදුරුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය කියයි.
 
පොළොන්නරුව දෙසින් දඹුල්ල දෙසට වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථය ධාවනය වී තිබේ. දඹුල්ල දෙසින් පොළොන්නරුව දෙසට මෙම වෑන් රථය ධාවනය වෙද්දී හබරණ දඹුල්ල ප්‍රධාන මාර්ගයේ කුඩා මීගස්වැව කුඹුක් සෙවණ ආසන්නයේ මෙම අනතුර සිදුව තිබෙන බවද  වාහන දෙක මුහුණට මුහුණ ගැටී ඇතැයි ද පොලීසිය කියයි.
 
අනතුරට පත් වෑන් රථයේ පිරිස කුමන කාරණයක් නිසා  කොහේ ගිය අය ද යන්න ප්‍රකාශයක් ලබා ගැනීමට හෝ නොහැකි තත්ත්වයේ පසුවන බව පොලීසිය කියයි.
 
කෙසේ වෙතත් ඔවුන්ගේ වාහනයේ  තිබුණු දුරකථන අංක හරහා සහ හැඳුනුම්පත් හරහා පදිංචිය සනාථ කර ගැනීමට හැකි වූ බව හබරණ පොලීසිය සඳහන් කළේය. ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ. හබරණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

 



අදහස් (4)

රිය අනතුරකින් තිදෙනෙක් මරුට

Raveendra Friday, 16 August 2019 03:51 AM

රියදුරු අසුනේ යහමින් අසුන්ගෙන මම විතරයි මේ මාර්ගයේ යන්නේ සහ මට විතරයි මේ මාර්ගය අයිති යන උගත් සිතුවිලි වලින් පරිපුර්ණ වී රියපදවන රියදුරන්ට ජයෙන් ජයම වේවා !!!!! " මුදල් නිසා " මාර්ග නීති දඩුවම් ලිවීමට නිතරම අමතක වෙන සත්ගුණවත් මාර්ග නිතී පිලිබදව කෙල පැමිණි පොලිස් නිළදාරීන්ගේ සියලු පැතුම් ඉටුවේවා...!!!

:       0       216

kakiya Lea. Friday, 16 August 2019 07:01 AM

දවසකට රිය අනතුරුවලින් කීදෙනෙක් නම් මියයනවද? වගකිවයුතු බලධාරින් මොනවද කරන්නේ. ඇමතිගේ ඉදලා පහල නිලදාරියට යනකම් සියලුම වරදානනම් අඩුවක් නැතුව ලබනවා. කරන සේවය කුමක්ද ? වරද සොයා නිසි ප්‍රමිතියකට වැඩ කරනවානම් මෙවැනි අනතුරු අඩුකරගැනීම අපහසු නොවේ. ඒත් මොනතරම් අඳ බාලයින්ද මේවයේ ඉන්නේ...

:       0       57

RaveendraFriday, 16 August 2019 08:48 AM

සහතික ඇත්ත. මේවායේ ඉන්නේ සියල්ල දත් නියම ගල් ආඳෝ...

:       1       76

Amila Friday, 16 August 2019 07:40 AM

ඔබතුමාලා මේවා වාර්තා කරනවා වගේ රජයේ ආයතනවල මිනිස්සු රස්තියාදු කරන ඒවා ගැන සහ කාලය නිරාපරදේ කා දමන දේවල් ගැන එලිකරන්න කටයුතු කරන්න. මොකද ඒවා පොදුවේ හැමෝටම කරන සේවයක්. රට පස්සට යන්නෙත් මේ අකාර්යක්ෂම රාජ්‍ය සේවකයෝ සහ නිලධාරීන් නිසා.

:       0       59

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 502 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2242 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1677 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site