(කාංචන කුමාර ආරියදාස)
හබරණ දඹුලු පාරේ කුඩාමීගස්වැව ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ වෑන් රථයක් අනතුරට පත් වීමෙන් පුද්ගලයන් තිදෙනකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි හබරණ පොලීසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ වෑන් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් තිදෙනා බවත් එයින් වෑන් රථයේ රියදුරු සහ වෑන් රථයේ ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තවත් පිරිමි අයකු සහ කාන්තාවක් බරපතල තුවාල දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් කාන්තාවක් මහනුවර මහ රෝහලට මාරු කර යැවූ බවත් පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ පොළොන්නරුව කදුරුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය කියයි.
පොළොන්නරුව දෙසින් දඹුල්ල දෙසට වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථය ධාවනය වී තිබේ. දඹුල්ල දෙසින් පොළොන්නරුව දෙසට මෙම වෑන් රථය ධාවනය වෙද්දී හබරණ දඹුල්ල ප්‍රධාන මාර්ගයේ කුඩා මීගස්වැව කුඹුක් සෙවණ ආසන්නයේ මෙම අනතුර සිදුව තිබෙන බවද වාහන දෙක මුහුණට මුහුණ ගැටී ඇතැයි ද පොලීසිය කියයි.
අනතුරට පත් වෑන් රථයේ පිරිස කුමන කාරණයක් නිසා කොහේ ගිය අය ද යන්න ප්‍රකාශයක් ලබා ගැනීමට හෝ නොහැකි තත්ත්වයේ පසුවන බව පොලීසිය කියයි.
කෙසේ වෙතත් ඔවුන්ගේ වාහනයේ තිබුණු දුරකථන අංක හරහා සහ හැඳුනුම්පත් හරහා පදිංචිය සනාථ කර ගැනීමට හැකි වූ බව හබරණ පොලීසිය සඳහන් කළේය. ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ. හබරණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රියදුරු අසුනේ යහමින් අසුන්ගෙන මම විතරයි මේ මාර්ගයේ යන්නේ සහ මට විතරයි මේ මාර්ගය අයිති යන උගත් සිතුවිලි වලින් පරිපුර්ණ වී රියපදවන රියදුරන්ට ජයෙන් ජයම වේවා !!!!! " මුදල් නිසා " මාර්ග නීති දඩුවම් ලිවීමට නිතරම අමතක වෙන සත්ගුණවත් මාර්ග නිතී පිලිබදව කෙල පැමිණි පොලිස් නිළදාරීන්ගේ සියලු පැතුම් ඉටුවේවා...!!!
දවසකට රිය අනතුරුවලින් කීදෙනෙක් නම් මියයනවද? වගකිවයුතු බලධාරින් මොනවද කරන්නේ. ඇමතිගේ ඉදලා පහල නිලදාරියට යනකම් සියලුම වරදානනම් අඩුවක් නැතුව ලබනවා. කරන සේවය කුමක්ද ? වරද සොයා නිසි ප්‍රමිතියකට වැඩ කරනවානම් මෙවැනි අනතුරු අඩුකරගැනීම අපහසු නොවේ. ඒත් මොනතරම් අඳ බාලයින්ද මේවයේ ඉන්නේ...
ඔබතුමාලා මේවා වාර්තා කරනවා වගේ රජයේ ආයතනවල මිනිස්සු රස්තියාදු කරන ඒවා ගැන සහ කාලය නිරාපරදේ කා දමන දේවල් ගැන එලිකරන්න කටයුතු කරන්න. මොකද ඒවා පොදුවේ හැමෝටම කරන සේවයක්. රට පස්සට යන්නෙත් මේ අකාර්යක්ෂම රාජ්‍ය සේවකයෝ සහ නිලධාරීන් නිසා.