(ඉන්දිකා රාමනායක)
මාස 1 1/2 වයසැති බිළිදියකගේ ගෙල සිරකර ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බිළිදියගේ මව අද (16) අත්අඩංගුවට ගත් බව මෝදර පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෝදර අලුත්මාවතේ පෞද්ගලික ආයතනයක ගණකාධිකාරිවරියක් වශයෙන් සේවය කරන 29 හැවිරිදි කාන්තාවකි.
තමත් විටමින් පෙති 30 ක් ගිලදමා තම දරුවාට මව්කිරි ලබා දුන් බවත් පසුව දරුවා සිහිසුන් වූ බව පවසා ඇය දරුවා සමඟ කොළඹ ජාතික රෝහලට ඊයේ (15) ඇතුළත්ව ඇති බව පොලිසිය කියයි.
එහිදී රෝහලේ වෛද්‍යවරුන් දරුවා පරීක්ෂා කිරීමේන් පසු දරුවා මියගොස් ඇති බවට දැනුම් දී ඇත.
දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද (16) කොළඹ ජාතික රෝහලේ පැවැත්වූ අවස්ථාවේ දරුවා මියගොස් ඇත්තේ ගෙල සිරකිරීමකින් බවට හෙළි වු බවද පොලිසිය පවසයි.
මෙම සැකකාරිය සිය සැමියා සමග ඇති කරගත් ආරවුලක් දුරදිග යාමෙන් බිළිදිය ගෙල සිරකර ඝාතනය කර ඇති බවට පරීක්ෂණයේ දී තොරතුරු හෙළි වු බවද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර මව්වරුන්ට දරු ප්‍රසූතියෙන් පස්සේ මාස ගණනක් යනකන් ලොකු මානසික පීඩනයක් තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් වෙන්න පුලුවන්. අර මෝඩ මිනිහගේ පිස්සු වැඩවලින් ඒක දෙගුණ තෙගුණ වුනා වෙන්නත් පුලුවන්.
මානසික ගැටළු වෙන්න පුළුවන්.. අම්මයි, දරුවයි දෙන්නම පව්.