(රංජන් කස්තුරි)
වසර 13ක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන සඳහා අලුතින් ගුරුවරුන් 5000ක් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
එම ගුරුවරුන් බඳවා ගැනීම සඳහා මේ වනවිට මුදල් වෙන්කර ඇති බවද ඇමතිවරයා කීය.
2017 වසරේ සිට ක්‍රියාත්මක උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව යටතේ අලුතින් විෂයන් 26ක් හඳුන්වා දී තිබෙන බවද අකිල විරාජ් කාරියවසම් මහතා කීය.
වෘත්තීය විෂය හදාරන සිසුන් රැකියාගත පුහුණුව ලබන අවස්ථාවේ ඔවුන්ට දෛනිකව රුපියල් 500 දීමනාවක් ලබාදෙන බවද අධ්‍යාපන ඇමතිවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තේ දළු කඩන මිනිහට රු 700ක් දෙනවා. මේ ගුරුවරුන්ට 500ක් දෙනවා. කොහොමද ටිකිරි මොලේ ...?
අපරාදේ සල්ලි. අධිකරණ ඇමතිනි අතුකෝරාල මහත්මිය කියන්නේ නම් මේ අවුරුද්දේ ඡන්දයක් තියන්නේ නෑ කියලයි. දැනටමත් ඡන්දෙට කැසපට ගහගෙන ඉන්න එක්කෙනාගේ වැඩේ අගෝස්තු 22ට කලින් ඉවරක් කරන්න කියලා ජනාධිපතිතුමා මලික් සමරවික්‍රම ඇමැතිතුමාට අණකලාලු. මෙහෙම දෙයක් මම දැක්කා අන්තර්ජාලයේ ලියා තියෙනවා. "ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කර හෝ නොමැති අවස්ථාවක සහ විශේෂයෙන් ජනාධිපතිවරණය ලබන වසර දක්වා කල්යාමේ හැකියාවක් ද මතුව ඇති අවස්ථාවක කඩිමුඩියේ සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කරවා ගැනීම සඳහා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළින්ම ඇති කෙරුණු කැරැල්ල පසුපස ජනාධිපතිවරයා සිටින බවත් සජිත් ප්‍රේමදාස සහ ජනාධිපතිවරයාගේ මෑත කාලින ඇඟලුම්කම මෙන්ම එම පාර්ශ්වයට නායකත්වය දීම සඳහා හදිසියේම මලික් සමරවික්‍රම සහ කබීර් හෂිම් යන අමාත්‍යවරුන් ඉදිරිපත්වීමද ඉතාම සැක සහිත බවත් ජනාධිපතිවරයා 23 වැනිදායින් පසු එළඹෙන සතියේදී ශ්‍රී ලංකාවේ දේශපාලන කරළිය උඩු යටිකුරු කෙරෙන විශාල පියවරක් ගැනීමේ සූදානමකින් පසුවන බවත් අපට දැනගන්නට තියෙනවා. " උපුටා ගැනීම අවසන්...
අපගේ අදහස් වැරදි නම් අපට සමාව දෙනු මැන. ඡන්දයක් ළඟ එනවිට රජයේ පත්වීම් හෝ එවැනි පුහුණුවීම් සඳහා අලුතෙන් පුරවැසියන් බඳවා ගත හැකිද? අපේ මැකෝ, දේශප්‍රිය මහත්මයා මේ පිළිබඳව යම්කිසි දැනුවත් කිරීමක් කරන්නේ නම් අගය කරන්නෙමු.
ඡන්ද ප්රකාශනයක්. කොහොමටත් විද්‍යාපීඨ, පත්වීම් දිය යුතුයි. මේ අාණ්ඩුව විද්‍යාපීඨ වලට බඳවා ගැනීමත් අඩාල කළා.
මේ වැඩ පිළිවෙලේ නියමු ව්‍යාපෘතිය පටන්ගන්නේ ගම්වලින් වෙන්න ඇති. පහුවෙද්දී අලුතින් උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව යටතේ අලුතින් උගන්වන විෂයන් 26 ට ඇරෙන්න අනිත් විෂයන්ට ගමේ පාසල්වල ගුරුවරු නැතිකරලා ගමේ අය රුපියල් 500ට මේසන් වැඩ, වඩුවැඩ වලට හුරු කරවනවා. කොළඹ උන් දොස්තර ඉංජිනේරු වැඩවලට හුරුකරවනවා. ඔන්න ඕකටයි මල්ලි නියම ටිකිරි මොළේ කියන්නේ.
පත්වීම් දෙන්න යයි.තාම කල් වැඩියි.ඡන්දෙ ලං වෙද්දී දෙයි.
ඔයාගේ පත්වීම් 5000ක් නෙවි... 500000ක් දුන්නත් දැනටම ජනතාව තීන්දුවක් අරගෙන ඉවරයි.. ගෙදර යන්න ලෑස්ති වෙන්න.