‘මහ මැතිවරණයක සේයාවක් ළඟලු’ නීතියේ යම් බාධාවක් ඇත්නම් එය සංශෝධනය කර හෝ ඉදිරියේ දී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දු වී ඇති බව පැවසූ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී රංජිත් සොයිසා මහතා තමන්ට දැන් මහ මැතිවරණයක සේයාවක් ළඟ ළඟ එන බව පෙනෙන්නට ඇතැයි අද (4) ඇඹිලිපිටියේ දී පැවසීය. 04 November 2018
පළාත් තුනක සායනික අපද්‍රව්‍ය ඉවත්කිරීම නවතී මධ්‍යම, බස්නාහිර හා දකුණ පළාත්වල රෝහල්වල සායනික අපද්‍රව්‍ය රෝහල් තුළම ගොඩ ගැසෙමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 04 November 2018
රතන හිමිගේ සහය ආණ්ඩුවට රටේ පැවති තත්ත්වය සළකා නව අගමැතිවරයකු පත්කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය අනුමත කරන බවත්,ස්වාධින මන්ත්‍රීවරයකු ලෙස විපක්ෂයේ සිටිමින් නව රජයට සහය දෙන බවත් එක්සත් ජාතික පෙරමුණු ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ. 04 November 2018
පීඩන අවපාතයක් වර්ධනය වන ලකුණු බෙංගාල බොක්කට දකුණින් මුහුදු ප්‍රදේශය මැද ඉදිරි දින කිහිපය තුළ අඩු පීඩන තත්ත්වයක් ඇතිවිය හැකි බවත් එය ශ්‍රී ලංකාවට ද බලපෑ හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 04 November 2018
විදෙස් කතකගේ කඳ නැති හිසක් බොල්ගොඩ රක්ෂිතයෙන් හමුවෙයි විදේශීය කාන්තාවකගේ බවට සැක කරන කඳින් වෙන් කරන ලද හිසක් බණ්ඩාරගම බොල්ගොඩ ගඟෙහි රක්ෂිතය තුළ තිබී අද (04) හමු වූ බව බණ්ඩාරගම පොලිසිය කියයි. 04 November 2018
දෙමළ සන්ධානය විශ්වාසභංගයට සහාය දෙන්න තීරණය කරයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ. 03 November 2018
ශ්‍රී ලංකාවට කරන විදේශ බලපෑම් වලට අවුන්සාන් සුකීගේ අකමැත්ත මියන්මාර් රාජ්‍යයේ රාජ්‍ය කවුන්සිල් නායිකා හා එරට විදේශ ඇමතිනි අවුන්සාන් සුකි මහත්මිය සහ මියන්මාර්යේ ශ්‍රි ලංකා තානාපති නන්දිමිත්ර ඒකනායක මහතා අතර හමුවක් කවුන්සිල් නායිකා නිල නිවසේදි සිදු විය. 03 November 2018
ජාතික සමගිය සංහිඳියාව හා මුස්ලිම් ආගමික කටයුතු රාජ්‍ය ඇමති ෆවුසි ඒ.එච්.එම් ෆවුසි මහතා ජාතික සමගිය, සංහිදියාව හා මුස්ලිම් ආගමික කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. 03 November 2018
පාර්ලිමේන්තුව කැඳවන්න’යි එ.ජා. සංවිධානයෙන් තදබල අවවාදයක් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා පාර්ලිමේන්තුව කැඳවන්නැයි ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අවධාරණය කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 03 November 2018
පොරොන්දු ඉටු නොකළොත් ජීඑස්පී සහනය නැතිවෙන ළකුණු මානව හිමිකම් ඇතුළු ජාත්‍යන්තර ප්රඥප්ති සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට විශේෂයෙන්ම යුරෝපා සංගමයට ලබාදුන් පොරොන්දු ඉටු නොකළහොත් ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනය අහිමි වී යනු ඇතැයි මෙරට යුරෝපා සංගම් තානාපති තුන්ග් ලායි මාර්ගේ මහතා සඳහන් කර ඇත. 03 November 2018
ලංකාවේ හමුදාව විනයගරුකයි - විජේදාස රාජපක්ෂ ශ්‍රී ලංකා හමුදාව ලොව විනයගරුකම හමුදාව යැයි අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අද (2) පැවැසීය. 03 November 2018
අගමැති ආරක්ෂක කොට්ඨාසයේ ස්ථානාධිපති ඉවත් කිරීම කොමිසමෙන් නවත්වයි අග්‍රමාත්‍ය ආරක්ෂක කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා සාමාන්‍ය රාජකාරි සඳහා අනියුක්ත කිරීමට පොලිස්පතිවරයා නිකුත් කළ විශේෂ පොලිස් පණිවුඩය අවලංගු කරන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව නියෝග කර ඇතැයි පොලිස් මූලස්ථායේ ආරංචි මාර්ග කියයි. 02 November 2018
කතානායක රජුට යටත් විය යුතු නෑ - කිරිඇල්ල කතානායකවරයා මන්ත්‍රීවරුන්ට මිස රජතුමාට යටත්වීමේ අවශ්‍යතාවක් නැති බවත් මේ අවස්ථාවේදී ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කර ඉතිහාසය ගතවීමට වර්තමාන කතානායකවරයාට ඓතිහාසික අවස්ථාවක් උදාවී තිබෙන බවත් පාර්ලිමේන්තුවේ හිටපු සභානායක හා හිටපු අමාත්‍ය නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය. 02 November 2018
රට තුල පවතින තත්ත්වය ගැන නොසලකා සංවර්ධන වැඩ කරන්න - ජනපති රටේ පවතින දේශපාලන තත්ත්වයන් බාධාවක් කර නොගෙන මේ වසර අවසාන වන විට නිම කළ යුතු සංවර්ධන කාර්යයන් විධිමත්ව සහ කාර්යක්ෂමව ඉදිරියට මෙහෙයවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය. 02 November 2018
මන්ත්‍රීවරුන් අත්සන් කළේ පාර්ලිමේන්තුව කැඳවන්න පමණයි - විමල් එක්සත් ජාතික පක්ෂය විසින් කතානායකවරයාට ලබාදුන් අත්සන් ලේඛනයට මන්ත්‍රීවරුන් අත්සන් තබා ඇත්තේ පාර්ලිමේන්තුව කැඳවීමේ යෝජනාවකට සහය පළකරමින් මිස හිටපු අගමැතිවරයාට සහය පළකරමින් නොවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (2) පැවැසීය. 02 November 2018
මහින්දට බහුතරය හරි බව ගෝඨා කියයි පාර්ලිමේන්තුව කවදා රැස් කළත් දැන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය හරි බව අද (2) සවස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇඹිලිපිටියේ දී පැවසීය. 02 November 2018
අයි.ඕ.සී තෙල් මිල පහළට ඉන්දියන් ඔයිල් සමාගම ද (අයි.ඕ.සී.) පෙට්රරල් සහ ඩීසල්වල මිල ගණන් අද (2) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තාවේ. 02 November 2018
‘මහින්ද අගමැති කළේ ව්‍යවස්ථාවට අනුවයි’ මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරන ලද්දේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතාට පවසා ඇත. 02 November 2018
තවත් ඇමැතිවරු දෙදෙනෙක් දිවුරුම් දෙති තවත් ඇමැතිවරු දෙදෙනක් මීට ටික වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. 02 November 2018
නීතිපති දෙපාර්තමේන්තුවට එස්ටීඑෆ් ආරක්ෂාව අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ පිහිටා ඇති නීතිපති දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව සඳහා අද (2) සිට පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා ඇත. 02 November 2018
රනිල් සහ පිරිස අත්අඩංගුවට ගන්නැයි බොදුබලයෙන් පැමිණිල්ලක් රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලූ පිරිස රජයට අයත් අරලියගහ මන්දිරයේ නීති විරෝධී ලෙස රැඳී සිටිනා බැවින් ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා බොදුබල සේනා සංවිධානය අද (2) මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. 02 November 2018
ගෝඨාට එරෙහි පොදු දේපලපනත් නඩුවේ පෙත්සම් විභාගය අවසන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබෙන සහතිකය නීතිවිරෝධී බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම් විභාගය අවසන් කිරීමට අභියාචනාධිකරණය අද (02) තීන්දු කළේය. 02 November 2018
අගමැතිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් අද සවස කතානායක කරු ජයසූරිය මහතාට බාර දෙනු ලැබීය. 02 November 2018
බස් ගාස්තු අඩුකරන්න යයි ඩීසල් මිල රුපියල් 7 කින් අඩුකිරිමේ වාසිය ජනතාවට ලබාදීම සඳහා බස් ගාස්තුව අඩුකිරිම පිළිබඳව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ අවදානය යොමු වී තිබේ. 02 November 2018
‘හිටපු අගමැති රනිල්ට ජවිපෙ සහය නෑ‘ ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරු 6 දෙනාගේ සහාය හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බවට පළ වු ප්‍රවෘත්තිය ප්‍රතික්ෂේප කරන බව ජනතා විමුක්ති පෙරමුණු ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි. 02 November 2018
හිටපු ඇමැති පාඨලී අමාත්‍යාංශයට ගොස් රාජකාරී කරයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයාව සිටි පාඨලී චම්පික රණවක මහතා අද (2) එම අමාත්‍යාංශයට ගොස් රාජකාරී කටයුතුවල නිරත වී ඇති බව වාර්තා වේ. 02 November 2018
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අත්අඩංගුවට ගන්න නියෝග ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ලබන නඩු වාරයට පෙර අත්අඩංගුවට ගන්නැයි කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (02 ) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. 02 November 2018
රුපියල යන්තමින් ඉහළ යයි ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අද (2) රුපියල් 1 ශත 50කින් ඉහළ ගියේය. 02 November 2018
විමල්ට එරෙහි නඩුව වෙනත් අධිකරණයකට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංස මහතාට එරෙහි නඩුව තමන් විභාග කිරිම සුදුසු නොවන බව සඳහන් කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා එම නඩුව සුදුසු අධිකරණයට යොමු කිරිම සඳහා කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්.හෙයියන්තුඩුව මහතා වෙත යොමු කළේය. 02 November 2018
‘නොසිතන අය ආණ්ඩුවට එක්වෙනවා’ කිසිවෙකුත් නොසිතන අය ඉදිරියේ දී ආණ්ඩුවට එක්වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 02 November 2018
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026