අගමැති මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක් රට ගොඩ ගැනීමට ඇති අන්තිම අවස්ථාව මෙය බැවින් මැතිවරණ නොපවත්වා දිගටම බලයේ හිඳිමින් රට විනාශ කිරීමට වළිකන බලවේග පරාජය කිරීම සඳහා එකතු වෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (25) සියලූ රට වැසියන්ගෙන් ඉල්ලීමක් කළේය. 25 November 2018
තවත් සයිටම් සිසුන් 80 ගෙන් ලියාපදිංචිය ඉල්ලා අයදුම්පත් මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය සම්පුර්ණ කළ තවත් සිසුන් 80 දෙනෙකු ලියාපදිංචිය ඉල්ලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට අයදුම්පත් ඉදිරිපත් කර තිබේ. 25 November 2018
පොලිස්පති පුජිත්ගෙන් පැය 4 ක් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ සහකාර පොලිස් අධිකාරීවරයකු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අද (25) පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගෙන් පැය හතරකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තේය. 25 November 2018
නීතිඥ සංගමයේ සභාපති කොන්දේසි විරහිත සමාවක් ඉල්ලයි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විධායක සභාවේ අනුමැතියකින් තොරව මාධ්‍ය හමුවක අදහස් දැක්වීම තුළින් තමා වරදක් කර ඇති බව එහි සභාපති ජනාධිපති නීතීඥ යු.ආර් ද සිල්වා මහතා පිළිගෙන ඒ සම්බන්ධයෙන් කොන්දේසි විරහිත සමාවක් ඉල්ලා ඇති බව වාර්තා වේ. 25 November 2018
‘පක්ෂවල පව් මහජනතාවගේ කරපිටින් නොයවා මැතිවරණයක් කැඳවන්න‘ දේශපාලන පක්ෂවල පව් රටේ මහජනතාවගේ කරපිටින් නොයවා ස්ථාවර රටක් වෙනුවෙන් වහාම මහමැතිවරණයක් කැඳවන ලෙසට ඇල්ලේ ගුණවංස හිමියෝ කොළඹදි අද(25) පැවැසූහ. 25 November 2018
පොලිස්පති පුජිත්ගෙන් රහස් පොලීසිය ප්‍රශ්න කරයි සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් මහතා ඇතුළු පිරිසක් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටී. 25 November 2018
යෝෂිත එෆ්සීඅයිඩියට යෝෂිත රාජපක්ෂ මහතා විසින් රුපියල් ලක්ෂ 45 ක් වටිනා රත්මලානේ නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් විහාග වන නඩුවට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අත්සන් කිරීම සඳහා අද (25) පැමිණියේය. 25 November 2018
තායිවාන ජනපතිනිය ඉල්ලා අස්වෙයි තායිවානයේ ජනාධිපති සායි ඉන් වෙන් මහත්මිය ජනපති ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. 25 November 2018
පොලිස් ලොක්කන් ජනපති ලේකම් කාර්යාලයට කැඳවයි ශ්‍රී ලංකා පොලිසියේ සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් හෙට (26) උදේ ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා තිබේ. 25 November 2018
තණමල්විල පොලිස් සංචාරක රථයට වෙඩි තබා පලා ගිහින් තණමල්විල මූලස්ථාන පොලිසියේ ජංගම සංචාරක රථයට අද අලුයම වෙඩි තබා පළා ගිය වාහනයක් සහ සැකකරුවන් සොයා පොලිස් පරීක්ෂණයක් අරඹා ඇතැයි මිරිහාන පොලිස් අණදෙන තොරතුරු කොට්ඨාසයේ ආරංචි මාර්ග කියයි. 25 November 2018
හැටන්-කොළඹ සේවා දුම්රිය පිලී පනී හැටන් සිට කොළඹ දක්වා ධාවනය වු සේවා සපයන දුම්රිය පිලී පැනිම හේතුවෙන් උඩරට දුම්රිය ගමනා ගමනයට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි. 25 November 2018
අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් යාපනයෙන් සොයා ගනී යාපනය මණියන්තොට්ටම් ප්‍රදේශයේ සඟවා තිබූ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 4ක් සොයා ගැනීමට යාපනය පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් විසින් සමත්වී තිබේ. 25 November 2018
එජාපයේ අරගලය අවසන් වන්නේ ජනාධිපති ධුරයත් ලබාගෙනයි එජාපයේ අරගලය අවසන් වන්නේ අගමැති ධුරය පමණක් නොව ජනාධිපති ධුරයත් ප්රජාතන්ත්රවාදි ලෙස ලබාගෙන යැයි එජාපයේ ගාල්ල දිස්ත්‍රික් නායක හා ගාල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රි හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි. 24 November 2018
සන්ධානයේ මන්ත්‍රීවරුනුත් තානාපතිවරුන් හමුවෙලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉල්ලීම පරිදි තමන් ඇතුළු දුසිමකට ආසන්න රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් අඟහරුවාදා එම පක්ෂයේ අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් සිවුදෙනකු හමු වී සාකච්ඡා පැවැත්වූ බව ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති යර්න් රොඞ් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. 23 November 2018
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී 27 රහස් පොලිසියට කැඳවයි කප්පම් ගැනීම සඳහා පුද්ගලයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන නඩුවක වරෙන්තුකරුවකු වූ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් හට රැකවරණය දුන්නේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු නාවික හමුදාපති සහ වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ලබන 27 වැනිදා එම දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ. 23 November 2018
මහවිරු සැමරුමට අවසර - එල්ටීටීඊ සැමරුම් බෑ යාපනය විශ්වවිද්‍යාලය තුළ මහවිරු සැමරුම සිදු කළ හැකි වුවද කිසිදු අයුරකින් එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් නිල ඇඳුමක් හෝ එම සංවිධානයට අයත් ධජයක් හෝ කිසිදු නීතිවිරෝධී සැමරුමක් සිදු කිරීම තහනම් කරමින් අද (23) යාපනය මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් පැනවීය. 23 November 2018
මහින්ද අගමැති ධුරය දැරීම වලක්වාලන රීට් ආඥාවක් ඉල්ලා පෙත්සමක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට හා ඇමැතිවරන්ට එම තනතුරු දැරීමට නොහැකිබව ප්‍රකාශ කරමින් ක්වෝ වොරොන්ට්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් එක්සත් ජාතික පෙරමුණ අභියාචනාධිකරණයේ අද (23) පෙත්සමක් ගොනුකරනු ලැබීය. 23 November 2018
තමන් සමඟ සංවාදයකට එන්නැයි මෛත්‍රීගෙන් අභියෝගයක් දේශපාලනය සමඟ මාතෘ භූමිය වෙනුවෙන් උඩුගං බලා පිහිනන ගමනේදී තම ජීවිතය හෝ තනතුර හෝ ඒ දෙකම නැතිවිය හැකි වුවත් සටන අත්නොහරින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. 23 November 2018
රටේ වෙන දේවලට ආදිවාසී නායකයාටත් ලැජ්ජා හිතිලා මේ වන විට රටේ ඇති අර්බුදය හේතුවෙන් ලෝකයේ ජනතාව අතර අපේ රට පිළිබඳව කිසියම් නොසතුටක් ඇති බව තමන්ට ඔවුන්ගේ ඉරියව් වලින් දැනගන්නට හැකි වු බවත් එයට හේතුව රටේ පාලනය කරන ඇත්තන් රට කරවන 23 November 2018
වැස්ස වැඩිවන ලකුණු දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 23 November 2018
හඬ එස්.බී ගේ වුණත් පසුබිමේ වෙනත් අයෙක් - ජවිපෙ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ලැබීමට පෙර අවලංගු කිරීමට ජනාධිපතිවරයාට හැකි බවට එස්.බී දිසානායක මහතා කර ඇති ප්‍රකාශයේ හඬ එස්.බී ගේ වුවත් එහි පසුබිමේ ඇත්තේ වෙනත් අයෙකු විය හැකි බව ජනතා විමුක්ති පෙරමුණු ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය. 23 November 2018
අද පාර්ලිමේන්තුව පැය හත හමාරක් අද උදෑසන 10.30 ආරම්භ වූ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු පස්වරු 6.00ට අවසන් විය. විවේක කාලයකින් තොරව පැය හත හමාරකට ආසන්න කාලයක් අද පාර්ලිමේන්තුව පැවැත්විණි. 23 November 2018
ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතුයි වත්මන් රජයට පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් නොමැති බව අද (23) යළිත් තහවුරු වූ නිසා ඔවුන් ප්රජාතන්ත්රවාදයට ගරු කරමින් වහාම ඉල්ලා අස්විය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 23 November 2018
අද පැවති ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහගේ බලය තීරණය කළ නොහැකියි පාර්ලිමේන්තුවේ දී අද (23) පැවති ඡන්ද විමසීම තේරීම් කාරක සභා පිළිබඳ එකක් මිස රනිල් වික්‍රමසිංහ මහතාගේ බලය පෙන්වීමේ එකක් නොවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 23 November 2018
කතානායක නීතියට කටයුතු කරන තුරු පාර්ලිමේන්තු කටයුතු වලින් ඉවත් වෙනවා කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්, ස්ථාවර නියෝග හා පාර්ලිමේන්තු සම්ප්‍රදායත් අනුව කටයුතු කරන තුරු පාර්ලිමේන්තු කටයුතුවලින් ඉවත්වීමට ආණ්ඩුව තීරණය කළ බව සභානායක,අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 23 November 2018
ඕනෑම මැතිවරණයකට මුහුණදෙන්න එජාපෙ සූදානම් ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට පුළුල් සන්ධානයක් යටතේ මුහුණදීමට එක්සත් ජාතික පෙරමුණ සූදානම් බවත්, එහි ඡන්ද ලකුණ පවා මේ වන විට තීරණය කර අවසන් බවත් එම පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. 23 November 2018
‘මැතිවරණයෙන් පසු ශක්තිමත් රජයක් ගොඩනගනවා‘ ඉදිරි මැතිවරණයෙන් පසු ශක්තිමත් රජයක් බිහිකිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා කොළඹදී අද(23) පැවසීය. 23 November 2018
ඥානසාර හිමිට එරෙහි නීතීපති ගොනු කළ නඩුව අභියාචනාධිකරණයෙන් ඉවත් කරගනී 2007 වසරේ දී මාලඹේ කල්වාරි කිතුනු යාඥා මධ්‍යස්ථානයට පහර දී අලාභ හානි සිදු කළේ යැයි චෝදනා ලබා පසුව කොළඹ මහාධිකරණය මඟින් නිදොස් කොට නිදහස් කරන ලද ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු විත්තිකරුවන් 13දෙනෙකු එරෙහිව නීතිපති විසින් ගොනු කර තිබු අභියාචනා පෙත්සම අද (23) අභියාචනාධිකරණයෙන් ඉල් අස්කර ගන්නා ලදී. 23 November 2018
අනුර - සුමිත් - ආනන්ද තිදෙනාටම අධි චෝදනා ගොනු කළ හැකියි රගර් කී‍්‍රඩක මොහොමඞ් වසීම් තාජුඞීන්ගේ ඝාතන සිද්ධියට අදාළ සැකකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ටී. එම්. අනුර සේනානායක, නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු පොලිස් පරීක්ෂක අංගොඩගේ සුමිත් චම්පික පෙරේරා සහ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර යන තිදෙනා චෝදනා දෙකක් යටතේ වැරදි සිදුකර ඇති බවට සාක්ෂි මගින් අනාවරණය වී ඇතැයි නිතිපතිවරයා උපදෙස් ලබාදුන් බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද (23) කරුණු ගොනු කර ඇත. 23 November 2018
මැතිවරණ ප්‍රතිඵල ලබාදෙන තුරු බංග්ලාදේශයේ සංවර්ධන කටයුතු නවත්වයි බංග්ලාදේශ මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන තුරු කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ නොකරන ලෙස මැතිවරණ කොමිසමේ ලේකම් හෙලල් උද්දීන් අහමඩ් විසින් අගමැති ෂෙයික් හසීනා සහ අනෙකුත් ඇමතිවරුන්ට ප්‍රකාශ කර ඇත. 23 November 2018
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026