ග්‍රාම නිලධාරීන්ට වැඩවර්ජන කරන්න බෑ ග්‍රාම නිලධාරී සේවාව ආරම්භ කර ඇත්තේ සාම නිලධාරියෙකු ලෙස බැවින් ග්‍රාම නිලධාරීවරුන්ට වැඩවර්ජනය කිරීමේ අයිතියක් නැතැයි අභ්‍යන්තර හා ස්වදේශකටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද (24) ගාල්ලේදී පැවසීය. 24 February 2019
බොරැල්ල රථ වාහන අංශයේ ඕඅයිසී හැප්පූ පුද්ගලයා අත්අඩංගුවට පොලිස් යතුරු පැදියකින් යමින් සිටියදී බම්බලපිටිය ප්‍රදේශයේ දී බොරැල්ල පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාව ඩිෆෙන්ඩර් රථයේ හප්පා බරපතල තුවාල සිදුකර පලාගිය පොලිස් අධිකාරීවරයෙකුගේ පුතෙකු බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය පවසයි. 24 February 2019
සන්ධානය පිහිටුවීම කඩිනම් කරයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මූලික කරගනිමින් පිහිටුවීමට යෝජිත පුළුල් දේශපාලන සන්ධානයේ කටයුතු කඩිනම් කිරීමට එම පක්ෂ දෙක හා ඊට සම්බන්ධ සෙසු පක්ෂ තීරණය කර ඇත. 24 February 2019
පාර්ලිමේන්තුවට එන්නේ මිරිස්කුඩු ගසා ගන්නට නෙමේ පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ මිරිස් කුඩු ගසා ගන්නට නොව තමන්ගේ ජනතාව වෙනුවෙන් වැඩ කරන්නට බව සියලුම මන්ත්‍රීවරු සිතෙහි තබා ගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසංහ මහතා බොගවන්තලාවේදී අද (24) පැවැසීය. 24 February 2019
චෝදනාලාභී පොලිසියේ 10 ක් මාතරට එපාවෙයි රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර සිරුරු පුලුස්සා විනාශ කළ බවට චෝදනා එල්ල වී තිබෙන දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන ඒකකයේ ඉතිරිව සිටින පොලිස් නිලධාරීන් දසදෙනා මාතර දිස්ත්‍රික්කයෙන් පිටතට ස්ථාන මාරු කර යවන ලෙස මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී ගයංග හසන්ත මාරපන මහතා අද (24) පොලිස්පතිවරයා වෙත ලිඛිතව දන්වා යැවීය. 24 February 2019
දෙහිඕවිට ප්‍රා.සභාවේ මන්ත්‍රීවරයෙකුගේ නිවසකින් ගිනි අවියක් සොයා ගනී දෙහිඕවිට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුගේ අවිස්සාවෙල්ල උඩුපිල ප්‍රදේශයේ නිවසක් වටලා ගිනි අවියක් , ජීව උන්ඩ සහ තියුණු ආයුධ කිහිපයක් සමඟ මන්ත්‍රීවරයාගේ බිරිඳ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 24 February 2019
පූජිත් ජයසුන්දර වෙනුවට චන්දන වැඩබලයි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ජපානයේ නිල සංචාරයකට ගොස් ඇති නිසා වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පත් කර ඇත. 24 February 2019
ධීවර වරාය ආශ්රිත ශඛ්‍යතා අධ්‍යයනයට යුරෝ ලක්ෂ හය හමාරක් ශ්‍රී ලංකාවේ ධීවර වරායන් සංවර්ධනය සඳහා වන ශක්‍යතා අධ්‍යනයකට ප්‍රංශ සංවර්ධනය සඳහා වන ඒජන්සිය විසින් යුරෝ 650.000 ක මුල්‍ය ප්‍රදානයක් ලබා දී ඇත. 24 February 2019
විද්‍යාත්මක පරීක්ෂණයකින් තොරව කරන ප්‍රකාශ පිළිගන්න බෑ විද්‍යාත්මක පරීක්ෂණයකින් තොරව ඇතැම් පිරිස් කිරිපිටි සම්බන්ධයෙන් කරන ප්‍රකාශ ශ්‍රී ලංකා රසායනික විද්‍යා ආයතන ප්‍රතික්ෂේප කරන බව එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය කීර්ති අත්තනායක මහතා පැවැසීය. 24 February 2019
රත්ගමදී පැහැරගත් අයගේ ඥාතීන්ගෙනුත් කප්පම් ගන්න හදලා රත්ගම පැහැරගත් දෙදෙනාගේ පවුල්වලින් කප්පම් ලබා ගැනීමට උත්සාහ කළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශණ අංශය පවසයි. 24 February 2019
බොරැල්ල රථ වාහන ඕඅයිසී හැප්පූ ඩිෆෙන්ඩර් රථය සොයා ගනී පොලිස් යතුරු පැදියකින් ගමන් කර සිටි බොරැල්ල පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරකට ලක් කර පලාගිය ඩිෆෙන්ඩර් රථය බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 24 February 2019
ජනප්‍රිය ගායක රූකාන්ත ගුණතිලකට පහරදීමක් පෞද්ගලික රූපවාහිනී නාලිකාවකින් මේ දිනවල විකාශනය වන ගී තරු තේරීමේ තරඟාවලියක පැවැති තරඟයෙන් ඉවත් වූ තරඟකරුවකුගේ ආධාර කරුවන් පිරිසක් රූකාන්ත ගුණතිලක මහතාට සහ ඔහුගේ වාහනයට පහරදීමක් සිදු කර ඇතැයි මත්තේගොඩ පොලිසිය පවසයි. 24 February 2019
පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ සැඟවුණ 4 දෙනා සොයයි රත්ගම බූස්ස රත්න උදාගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර පුලුස්සා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන අතරතුරදී පැනගොස් සැඟවී සිටින දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරු සිව්දෙනා සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය. 24 February 2019
මත්ද්‍රව්‍ය පරීක්ෂණයට ලේ ගන්න ඇමැති බුද්ධික ගිලන් රිය ගෙදරට ගෙන්වාගනී තම ශරීරයේ කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය කිසිවක් නොමැති බව පෙන්වීම සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා අද (24) මාතර පිහිටි සිය නිවසේ දී වෛද්‍ය පරීක්ෂණයට පෙනී සිටියේය. 24 February 2019
ඩිෆෙන්ඩරයක ගැටී බොරැල්ල පොලිස් ස්ථානාධිපති රෝහලේ පොලිස් යතුරුපැදියකින් යමින් සිටි බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා බම්බලපිටියේ දී ඩිෆෙන්ඩර් රථයක ගැටීමෙන් තුවාල ලබා රෝහල් ගත කළ බව බම්බලපිටිය පොලිසිය පොලිසිය පවසයි. 24 February 2019
මත්ස්‍ය ආනයනයට සීමා මත්ස්‍ය ආනයනය සීමා කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය තීරණය කර තිබේ. 24 February 2019
ලංකාවේ විශාලතම මත්කුඩු තොගය සමඟ දෙදෙනෙකු අල්ලයි රුපියල් මිලියන 2945ක් වටිනා හෙරොයින් මත්කුඩු කිලෝ 294යි ග්‍රෑම් 490ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 24 February 2019
ජනපතිගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුබ පැතුම් දකුණු අප්‍රිකාවට එරෙහිව එරටේදී ම තරග 2 - 0 ක් ලෙස පූර්ණ ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කරමින් එවන් දස්කමක් දැක්වූ පළමු ආසියාතික රට බවට ශ්‍රී ලංකාව පත් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා සිය උණුසුම් සුබපැතුම් පිරිනමයි. 23 February 2019
නීතිවිරෝධී විෂ මත්ද්‍රව්‍යයක් පානය කිරීමෙන් පිරිසක් මරුට ඉන්දියාවේ ඊසානදිග අසාම් ප්‍රාන්තයේ නීතිවිරෝධී විෂ මත්ද්‍රව්‍යයක් පානය කිරීම හේතුවෙන් 70ක් පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. 23 February 2019
ලේ තැවරුණු පොලිස් නිලඇඳුම් මාතර ගෙවත්තකදී පුළුස්සලා රත්ගම බූස්සරත්න උදාගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමෙන් පසුව අපරාධයට සහභාගි වූ නිලධාරීන් ඇඳසිටි ලේ තැවරුණු පොලිස් නිලඇඳුම් පුලුස්සන ලද ස්ථානය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද (23) පරික්ෂාවට ලක් කරන ලදි. මෙම ස්ථානය මාතර වැල්ලමඩමේ ගෙවත්තකි. 23 February 2019
පැය හතකට පසු රත්ගම විරෝධතාව අවසන් රත්ගම තරුණයන් දෙදෙනකු පැහැරගෙන ගොස් මරා දැමීමට එරෙහිව පැවැති විරෝධතාව මීට ටික වේගාවකට පෙර අවසන් විය. 23 February 2019
ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලිය ජයගනී දකුණු අප්‍රිකාවට එරෙහිව පෝර්ට් එළිසබෙත්හිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදීත් කඩුලු 8 ක දැවැන්ත ජයක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගාවලියේදී 2-0 ක ජයක් ලබාගත්තේය. ජයග්‍රහණය සඳහා ලකුණු 197 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියේය. 23 February 2019
ගුවන් හමුදා බස් රථයකට රත්ගමදී ගල් ප්‍රහාරයක් රත්ගමදී පුද්ගලයින් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කළේයයි කියන සිද්ධියට විරෝධය පල කරමින් පැය දෙකකට වැඩි කාලයක් තිස්සේ රත්ගම හන්දියේ විරෝධතාවයක් පැවැත්වෙන ස්ථානය අසලින් ගමන් කළ ගුවන් හමුදා බස් රථයකට විරෝධතාකරුවන් එල්ල කළ ගල් ප්‍රහාරයක් වැදි ගුවන් හමුදා සෙබළෙකු සහ සෙබළියක් තුවාල ලබා ඇතැයි වාර්තාවේ. 23 February 2019
රජරට රැජින රත්ගම නවතී - උද්ඝෝෂණය අසලට එස්.ටී.එෆ් කැඳවයි මුහුදුබඩ දුම්රිය මාර්ගය රත්ගමදී අවහිරකරගෙන පැවැත්වෙන උද්ඝෝෂණය නිසා කොළඹ සිට පැමිණි රජරට රැජින දුම්රිය අතරගම නතර කිරීමට සිදුවී තිබෙන බව දුම්රිය පාලන අධිකාරිය කියයි. 23 February 2019
රත්ගම තරුණයන්ට සාධාරණය ඉල්ලා ගාලු-කොළඹ පාර හරස් කර විරෝධතාවක් රත්ගම දී පැහැරගෙන යනු ලැබූ තරුණයන් දෙදෙනාගේ ඥාතීහු ඇතුළු පිරිසක් ගාලු-කොළඹ ප්‍රධාන මාර්ගය රත්ගමදී හරස් කරගෙන විරෝධතා ඇරැඹූහ. 23 February 2019
පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කරයි පන්නිපිටිය - බොරැල්ල මාර්ගයේ දෙපානම හන්දිය ආසන්නයේදී ඊයේ (22) රාත්‍රී 11.45ට පමණ පුද්ගලයකුට වෙඩිතබා ඝාතනය කර ඇතැයි මහරගම පොලීසිය කියයි. 23 February 2019
‘‘මාධ්‍ය නගා සිටුවීමට - මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමට කැපවෙනවා ‘‘ රටේ ජනමාධ්‍ය නගා සිටුවීමටත් 2015 සිට දිනාගත්ත මාධ්‍ය නිදහස තවදුරටත් ආරක්ෂා කිරීමටත් කැපවෙන බව කැබිනට් නොවන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා කොළඹදී පැවැසීය. 22 February 2019
රත්ගම සිද්ධියට සම්බන්ධ පොලිසියේ 5ක් ගැන තොරතුරක් නෑ රත්ගම බූස්ස රත්න උදාගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර පුලුස්සා දමන ලද බවට චෝදනා එල්ල වී තිබෙන දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන ඒකකයේ රාජකාරී සඳහා අනුයුක්ත කර සිටි පොලිස් කොස්තාපල්වරුන් පස් දෙනෙකු පිළිබඳව අද (22) සිට කිසිඳු තොරතුරක් නැතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 22 February 2019
ශ්‍රී ලංකාවට ලකුණු 197 ක ඉලක්කයක් දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පෝට් එළසබෙත්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (22 වැනිදා) දකුණු අප්‍රිකානු පිල දෙවැනි ඉනිමේදී ලකුණු 128කට දැවී ගියේය. 22 February 2019
මැතිසබේ ප්රචණ්ඩ ක්‍රියා ගැන මන්ත්‍රීවරුන් 59 කට චෝදනා මිරිස් කුඩු ගැසීම, මැතිසබේ දේපලවලට හානි කිරිම කතානායකවරයාට තර්ජනය කිරිම පොලිස් නිලධාරින්ට පහරදීම යනාදී මැතිසබේ ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් 59 දෙනෙකුට විරුද්ධ චෝදනා එල්ලවී තිබෙන බව මේ සිද්ධින් පිළිබඳව විමර්ශන පැවැත්වූ පාර්ලිමේන්තු කමිටු වාර්තාවේ සඳහන් වෙයි. 22 February 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026