IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


‘කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කළැයි ලියවිලි ලැබී නෑ’

(නිමල කොඩිතුවක්කු)

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් තමන් ඉවත් කළ බවට නිල වශයෙන් හෝ නොනිල වශයෙන් හෝ කිසිවක් දැනුම් දී නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් පී.පෙරේරා මහතා කොළඹ දී අද (30) පැවසීය.

තමන් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන ඉවත් කළ බවට දැනගත්තේ මාධ්‍ය මගින් බවත් ඒ පුවත හැර ඒ සම්බන්ධයෙන් වෙන කිසිවක් නොදන්නා බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් තමන් එලෙස ඉවත් කිරිමට කිසිඳු හේතුවක් නොමැති බවද කොළඹ, මාර්ක්ස් ප‍්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පෙරේරා මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා  සහ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධීකාරී මණ්ඩලයෙන් ඉවත් කර ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් ඔහු මේ බව පැවසීය.



අදහස් (8)

‘කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කළැයි ලියවිලි ලැබී නෑ’

Mahee Thursday, 30 January 2020 01:15 PM

අන්න හරි, තව කියන්න කෘත්‍යාධිකාරී මණ්ඩලේ කියන්නේ මොකේටද? එහෙම දෙයක් ගැන මෙලෝ දෙයක් මතකත් නෑ කියලා. අයියෝ ඕවා අපි කියාදෙන්න ඕනෑද?

:       0       2

RaveendraThursday, 30 January 2020 02:12 PM

හා හා කට කට... දැන, උගත් උද්දච්ඡ පඬියන්ට මෙහෙමද කතා කරන්නේ? චි චී එය හොඳ නැහැ.. අනික මේ කෙනාත් සුදු කබා කාරයෙක්නේ. ඇත්ත නැත්තත් මෙන්ම නැත්ත ඇත්තත් කරන්න දක්ෂයෝනේ..

:       0       104

BamunuarachchiThursday, 30 January 2020 02:47 PM

බොහෝ කලකට පෙර කිරීමට තිබු දෙයක්. විනයක් නොමැතිව පක්ෂය ගෙන යාමට නොහැක "වින්යස්සච නාමෝ සසනස්සච් අයුන් " විනයක් නොමැතිනම් ශාසනයද පිරිහීමකට ලක්වන බව ධර්ම දේශනා වල සදහන් වේ. පේනවනේ මහින්ද මහත්තයාගේ පක්ෂය.

:       0       0

SankaFriday, 31 January 2020 04:06 AM

ඕගොල්ලෝ දෙන්නම කතා කරන්නේ විහිලු. යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ. ඇත්ත කිවුවොත් එජාපයට සහ රටට පිළිලයක් වෙච්ච රනිල්ව පක්ෂයෙන් එළවලා නායකත්වය සජිත්ට දෙන සටනේ ප්‍රධානව කටයුතු කළේ අජිත් තමයි. අජිත් ඔබ සැළෙන්න එපා. ඔබට අපේ ප්‍රණාමය !

:       0       0

සමන්ත Thursday, 30 January 2020 05:17 PM

සමන්ත, මේ තමයි ඊයේ පෙරේදා එක්සත් ජාතික පක්ෂයට ඇවිත් පක්ෂේ නැති කරන්න හදපු බුරුවෝ. මේ වගේ අය එළවන්න ඕනේ. ඒකේ ආයේ දෙකක් නෑ.

:       0       0

Bamunuarachchi Friday, 31 January 2020 01:13 AM

ඕකට ලියකියවිලි අවශ්‍ය නැහැ... මේ සැරේ පත්කළේ නැතිනම් ඉවත්කරලා දැනගන්න. මොකද බලෙන් ගිහිල්ලා වාඩිවෙන්න පුළුවන්ද?

:       0       41

kamal Saturday, 01 February 2020 02:38 AM

ඇඩ්රස් එක පිටේ තිබ්බා නම් බලලා ලියුම එවන්න තිබුණා...

:       0       26

පබිලිස් Sunday, 02 February 2020 08:18 PM

කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කළාට පසු නැවත නොගන්නා බව මේ අය දන්නේ නැතුව ඇති. රනිල් මහත්තයා ඕවා කරන්නේ හොදට හිතලා බලලා. ඉවත් කළාට පස්සේ නැවත හිතන්න දෙයක් රනිල් මහත්තයට නැහැ. මේ අයගේ පාසල් අවදියේදී රනිල් නීති විදුහලෙනුත් පිටවෙලා ඇමතිවෙලත් හිටියේ. ජනාධිපතිවරු අගමැතිවරු කීපදෙනෙක් එක්ක වැඩකරලා හොද පළපුරුද්දක් තියෙනවා. ඕනවට වඩා කට මැත දොඩවන්න ගියොත් ඔය තියෙන ටිකත් නැතිවේවි. ඒ හින්දා පරෙස්සමෙන්.

:       0       30

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 90 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 31 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site