‘ඇමෙරිකාව ලංකාවේ හමුදා කඳවුරු සාදාගැනීමට තැත්කිරීම ගැන පුදුම වියයුතු නැහැ’
ඉන්දියානු සාගරයේ ඇමරිකාව පවත්වාගෙන ගිය ප්රධානතම යුද හමුදා කඳවුර වූ දියාගෝ ගාර්ෂියාව ඔවුන්ට අහිමිවීමත් සමඟ, උපායමාර්ගිකව ඉතා වැදගත් පිහිටීමක පවතින ලංකාවේ හමුදා කඳවුරු හදාගැනීමට ඇමෙරිකාව උත්සාහ කිරීම ගැන පුදුමවීමට දෙයක් නැතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා අද (22 ) පැවසීය.