දැරියක් අපයෝජනය කළ සිද්ධියක සැකකරුවකුට අත්හිටවූ සිර දඬුවම්
බාල වයස්කාර දැරියක් නීත්‍යනුකූල බාරකාරත්වයෙන් අපහරණය කර, බරපතල ලිංගික අපයෝජනයක් කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකරුවෙකුට දකුණු පළාත්බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.පී.එස්.නිස්සංක මහතා බර පතල වැඩසහිත වසර දෙකක සිර දඩුවමක්ද රුපියල් දස දහසක දඩයක් ද වින්දිත දැරියට රුපියල් ලක්ෂයක වන්දියක්ද ගෙවිමට නියම කොට සිර දඩුවම් වසර දහයකට අත් හිටුවනු ලැබීය.