(දයාරත්න ඇඹෝගම)
උතුරු මැද පළාතේ රැකියා විරහිත උපාධිධාරිහූ තමන්ට රැකියා ලබාදෙන ලෙස ඉල්ලා අද (05) අනුරාධපුරයේ පළාත් සභා සංකිර්ණය ඉදිරිපිටදි උද්ඝෝෂණයක නිරත වුහ.
පසුගිය 2017 වසරේදි රැකියා විරහිත උපාධිධාරින් ගුරුවරුන් ලෙස බඳවා ගැනිමට සම්මුඛ පරික්ෂණයක් පවත්වා සුදුස්සන් තෝරා ගෙන කොටසක් ගුරු සේවයට බඳවා ගත්තද තවත් බොහෝ පිරිසක් බඳවා නොගත් බව මෙම රැකියා විරහිත උපාධිධාරිහු පවසති.
එසේ තිබියදි නැවත සම්මුඛ පරික්ෂණයක් පවත්වා ගුරුවරුන් බදවා ගැනීමේ සැලසුමක් පවතින බව පවසන ඔවුහු තමන් ගුරුවරුන් ලෙස බඳවා ගන්නා ලෙස ඉල්ලා උද්ඝෝෂණයේ නිරතව සිටිති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රැකියා වෙළඳපොලේ අදට අවශ්‍ය සුදුසුකම් තමන්ට නැතිනම් තමන්ගේ අඩුලුහුඬුකම් සපුරාගෙන ජීවිතේ ජය ගන්න ඕනේ. රැකියා තියෙන්න බෙදාදෙන්න නෙමෙයි ලබා ගන්නයි. මේ ගොල්ලන් ඔයකියන තරම් ගුරුකමට දක්ෂ නම්, උනන්දු නම් මෙලහකටත් කෝටිපති ටියුෂන් මුදලාලිලා වෙන්න තිබුණා. ගුරුකම ඉල්ලන්නේ ලේසියෙන් ලබාගන්න පුළුවන් රැකියාවක් නිසා මිසක් හැකියාවක් හෝ උනන්දුවක් තියෙන නිසා කියලා පේන්න නැහැ.
මේ කොල්ලෝ කෙල්ලන්ට කීව විදිහට ජොබ් එකක් දුන්නානම් හරි නේද? ජනවාරි 01 වෙනකොට දෙනවා කිව්වා.. මාර්තු 01 වෙනකොට එනවා කිව්වා. කීවා නම් කීව දේ කරන්න ඕනෑ. අනෙක රටේ වෙන හොරකම් හැටියට ලොකු ගාණක් ආණ්ඩුවට යන්නේ නැහැ.. මේ අයට පඩි ගෙවන්න...!!!
අවරුදු 4 1/2 හොහෙද හැංගිලා හිටියේ ? ජෙප්පෝ කීවද දැන් එලියට බහින්න කියා? අපේ පලාත්වල හැම කඩයකම සේවක සේවිකාවන් ඕනේ කියලා පෝස්ටර් ගහලා තිබෙනවා. නුපුහුණු උනාට කමක් නැහැ. මොවුන් රජයේම රැකියා හොයන්නේ පින් පඩි ගන්න. රජයේ රැකියා දෙන්නම් එපා.