(ආරියරත්න රණබාහු , සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පසුගිය රජයේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය උදාගම් වැඩ පිළිවෙළ යටතේ නිවාස නව දහසක් සෑදීමේ ප්‍රචාරණ කටයුතු සඳහා රුපියල් කෝටි 100 ක් වියදම් කර ඇතැයි නිවාස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පාර්ලිමේන්තුවේදී අද (05) පැවසීය.
මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව පැවසීය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රශ්න ඇසීමේ වාරයේදී අනුරාධ ජයරත්න මන්ත්‍රීවරයා ඇසූ අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දීම අගමැතිවරයා විසින් රාජ්‍ය ඇමැතිවරයා වෙත යොමු කෙරිණි.
අනුරාධ ජයරත්න මහතා
පසුගිය රජය උදාගම් වල නිවාස සෑදීමේදී ප්‍රචාරණය වෙනුවෙන් වියදම් කළ මුදල් ප්‍රමාණය කොපමණද
නිවාස රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතා
මේ වෙනුවෙන් රුපියල් මිලියන 1000 ක ආසන්න මුදලක් වියදම් කර ඇති බව දැනට අපි සොයාගෙන තිබෙනවා.
මේ වනවිට සොයාගත් බිල්පත් සහ අදාල ලේඛන අප සතුව තිබෙනවා.ඒවායේ සඳහන් මුදල් අනුව රුපියල් බිලියන 700 කට වැඩිය.අපට මේ සම්බන්ධව ලැබී තිබෙන තොරතුරු අනුව රුපියල් මිලියන 1000 ක් වියදම් කර තිබෙනවා.
එපමණ මුදලක් වියදම් කර තිබෙන්නේ නිවාස 9000 ක් හදන්නැයි නමුත් අපි පසුගියදා මුල්ගල් තැබූ නිවාස 14022 සඳහාම ප්‍රචාරණ සහ ලේඛන වලට රුලියල් ලක්ෂ 5 කට වැඩිය වියදම් වෙලා නැහැ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
මට ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද අගමැතිතුමා
කතානායක කරු ජයසූරිය මහතා
අගමැතිතුමා කැමතිනම් පමණයි
අගමැති මහින්ද රාජපක්ෂ මහතා
මම නෙවෙයි ප්‍රශ්නය ඇහුවේ අනුරාධ ජයරත්න මන්ත්‍රීතුමා එතුමාගෙන් කැමැත්ත අහන්න
කතානායක කරු ජයසූරිය මහතා
විපක්ෂ නායකතුමා , අගමැතිතුමා අවස්ථාව දෙන්නේ නැත්නම් එතුමා අකමැතිනම් මට ප්‍රශ්නය අහන්න දෙන්න බැ
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
එහෙමනම් කතානායකතුමනි විපක්ෂ නායක හැටියට මම අහන්න හදපු ප්‍රශ්නයට පිළිතුරු දීම අගමැතිතුමා ප්‍රතික්ෂේප කළා කියලා සටහන් කරන්න
කතානායක කරු ජයසූරිය මහතා
හොදයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කාගෙ කාගෙත් කෙරුවාවල් ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...
කෝටි 100ක් වැයවුණාට ලොකු වැඩකුත් කෙරිලා තියෙනවා...
ලක්ෂ 100, කෝටි 100 වෙලා ......?
මුල්ගල් තියන්න මොන වියදමක්ද.... වලක් හැරුවා සිමෙන්ති ටිකක් දැම්මා සිමෙන්ති ගලක් තිබ්බා. ඔයවගේ මුල්ගල් කෝටිගණන් මෙයාලා තියලා ඇති නේද.?
නොමිලේ නිවාස හදා දීම වහාම නැවැත්විය යුතුයි. මේක වැඩකරන ජනතවගෙන් ලැබෙන බදු දේශපාලකයන්ගේ පටු උවමනාවන් සදහා කරන දූෂිත ක්‍රියාවක්. මේ නිවාස සාදා දීම ලංකාවේ දශක ගණනාවක සිට කරගෙන ආවත් දුප්පත් කම අඩු නෑ. මේ නිවාස නොමිලේ දීම වෙනුවට රජය රැකියා අවස්ථා බිහි කල යුතුයි.
අර වරාය විවෘත කරපු උත්සවයට කීයක් වැයවුනාද?
පව් සජිත්...
එහෙව් කෙනා ජනපති කලානම් මුළු රටටම අබසරණයි
මේ වගෙ බාල අදහස් ඇති අය එනිසාම රටේ ආර්ථිකය තමන් නොදැනුවත්ම විනාශ වෙනවා. තාත්තලා ඒ කාලයේ කල දේවල් අදට ගැලපෙන්නෙ නෑ. තැන තැන කෝන්පිට්ටු නොගසා රටේ ඉඩම් ඉතුරු කර දිගුකාලිනව සිතා තට්ටු ගෙවල් ඇතිකලයුතුයි. ලලිත් ඇතුලත්මුදලි වගේ නායකයකු දැන් යූ එන් පී යට කඩාපාත්විය යුතුම කාලයයි මේ.
වරාය විකුණලා ගත්ත කොමිස් කුට්ටි ?