ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ ආරාධනයක් මත පාකිස්තානයේ ගුවන් හමුදාපති මුජාහිඞ් අන්වර් ඛාන් මහතා අද (5) රාත්‍රියේ මෙරටට පැමිණේ.
පාකිස්තාන ගුවන් හමුදාපතිවරයා ලබන 10 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටින අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ, ගුවන් හමුදාවේ සහ නාවුක හමුදාවේ නිලධාරීන් ඇතුළු පිරිස් හමුවීමට නියමිතය.
ගුවන් හමුදාපති මුජාහිඞ් අන්වර් ඛාන් මහතා 1983 වසරේ පාකිස්තාන ගුවන් හමුදාවට එක්වූ අතර ගෞරවනීය කඩුව, හොඳම නියමු කුසලානය සහ පාකිස්තාන ගුවන් හමුදා ඇකඩමියේ ඒකාබද්ධ මාණ්ඩලික කමිටුවේ සභාපති රන් පදක්කමද දිනාගෙන ඇත.
පාකිස්තානය වෙනුවෙන් කරන ලද විශිෂ්ට සේවාව අගයමින් මුජාහිඞ් අන්වර් ඛාන් මහතා නිෂාන් ඉම්ටියාස්, හිලාල් ඉම්ටියාස්, සිතාරා ඉම්ටියාස් සහ තම්ගා ඉම්ටියාස් යන සම්මානවලින් ද පිදුම් ලබා ඇත.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැමවිටම ලංකාව සමග සිටි නියම මිතුරු රටක් . කවදාවත් අමතක කරන්න හොද නැහැ ඔවුන් අපේ යුද්දයේදී අපට දැක්වූ සහයෝගය . විශේෂයෙන් ඉන්දියාව සහ බටහිර රටවල් අපට ආයුධ දෙන්න බැහැ කියද්දී එක දුරකථන ඇමතුමකින් අපේ රටට විශාල වශයෙන් අවි ආයුධ ලබා දුන්නා . තවත් ප්‍රසිද්ධ රහසක් තමයි ඔවුන්ගේ ගුවන් හමුදා භටයන් අපේ ගුවන් යානා උපයෝගී කරගෙන කොටි මර්මස්ථාන විනාශ කළ බව .