රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ සහ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ සාමාජිකයන් ලෙස තෝරා ගත් ඇමැතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ප්‍රකාශයට පත් කිරීම අද ( 05) පාර්ලිමේන්තුවේදී සිදු කෙරිණි.
පවිත්‍රාදේවී වන්නිආරච්චි , ඩග්ලස් දේවානන්ද , වාසුදේව නානායක්කාර , දුමින්ද දිසානායක , රෝහිත අබේගුණවර්ධන, ලසන්ත අලගියවන්න, ශෙහාන් සේමසිංහ, චන්දිම වීරක්කොඩි යන අමාත්‍යවරුන් හා උදය ප්‍රභාත් ගම්මන්පිල, පාලිත රන්ගේ බණ්ඩාර, නිරෝෂන් පෙරේරා, සෙය්යිඩ් අලී සාහීර් මවුලානා, බුද්ධික පතිරණ, එස්. ශ්‍රීතරන්, වෛද්‍ය නලින්ද ජයතිස්ස, විජේපාල හෙට්ටිආරච්චි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම නව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සාමාජිකයෝ වෙති.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119 :1 හි විධිවිධාන ප්‍රකාරව 2020 ජනවාරි මස 24 වැනි දින රැස්වූ තේරීම් කාරක සභාව විසින් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සාමාජිකයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනෙකු පත් කළේය. ඒ අනුව අද ඔවුන්ගේ නම් ප්‍රකාශයට පත් කෙරිණි.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120 :1 හි විධිවිධාන ප්‍රකාරව 2020 ජනවාරි මස 24 වැනි දින රැස්වූ තේරීම් කාරක සභාව විසින් පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ සාමාජිකයන් ද පත්කර තිබේ.
අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජන්ත, මහින්දානන්ද අලුත්ගමගේ, දයාසිරි ජයසේකර, ජයන්ත සමරවීර, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා යන අමාත්‍යවරුන් සහ රාවුෆ් හකීම්, විජේදාස රාජපක්ෂ, හර්ෂ ද සිල්වා, අජිත් පී පෙරේරා, ශ්‍රියාණි විජේවික්‍රම, රන්ජන් රාමනායක, අශෝක් අබේසිංහ , සුනිල් හදුන්නෙත්ති , මාවෙයි එස්.සේනාධිරාජා , ඩී.වී චානක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එලෙස පත් කර ඇති සාමාජිකයෝ වෙති.
කාරක සභා 02 හි සභාපතිවරුන් පත් කිරීම කාරක සභා රැස් වූ අවස්ථාවලදී සාමාජිකයන්ගේ යෝජනා ස්ථීරත්වයෙන් සිදු කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හඳුන්නෙත්තිව මුල්පුටුවට දාමු..
හන්දුන්නෙත්ති සභාපති උනොත් වෑඩක් වෙයි.
සුනිල් හඳුන්නෙත්ති තමයි කෝප් එකේ සභාපති කළ යුත්තේ... ප්‍රධාන පක්ෂ දෙකේම පාලන බලයන් තුළ වෙන වංචා දූෂණ හොයන්න සහ ප්‍රශ්නකර දූෂිතයන් එළියට ඇදලා ගන්න ඔය ප්‍රධාන පක්ෂ දෙකෙන්ම නම් කරලා තියෙන කිසිම කෙනෙක්ට බැහැ. එ්ක කරන්න පුළුවන් 3 වැනි පක්ෂයක කෙනෙක්ට විතරයි. ඒ නිසා හඳුන්නෙත්ති තමයි මේකට සුදුස්සා... ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා කලින් වගේම මේවා මාධ්‍යයට විවෘත්ත කරයි කියලා....
එතකොට දුමින්ද දිසානායකව දාගෙන ඉන්නේ එයාගේ අකටයුතුකම් කතා කරන්න ලේසි වෙන්නද? අර ප්‍රසිද්ධ කෘෂිකර්ම බිල්ඩිමේ ප්‍රශ්නේ එහෙම මේ පාර කතා වෙන්නත් තියෙයි නේ ...