(ආරියරත්න රණබාහු , සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
බැදුම්කර වංචාව හා අදාළ වෝහාරික විගණන සම්බන්ධව මහබැංකුව හා නීතිපතිවරයා අවශ්‍ය නීතිමය පියවර ගතයුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (05) ප්‍රකාශ කළේය.
පසුගිය රජය මෙන් එෆ්.සී.අයි.ඩී හෝ කොමිසන් සභා පත්කර දේශපාලන සංදර්ශන කිරීමට තරම් වත්මන් රජය බංකොලොත් නැතැයිද අගමැතිවරයා කීය.
අග්‍රාමාත්‍යවරයා ඒ බව පැවසුවේ මුදල් ඇමැති හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා කියා සිටියේ අඩු ආදායම්ලාභීන්ට අත්‍යාවශ්‍ය භාණ්ඩ 10 ක් දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුන් පොරොන්දුව ලබන මාර්තු මස 1 වැනිදා සිට ක්‍රියාත්මක කරන බවය.
ඒ සඳහා අවශ්‍ය වෙළඳ ජාලය ලංකා සතොස , සමූපාකාර වෙළඳ සැල් වලට ප්‍රමුඛත්වය දී සකස් කරන බවද අගමැතිවරයා කීය.
දැනට අනුමත කර ඇති අතුරු සම්මත ගිණුමේ ප්‍රතිපාදන මගින් පසුගිය රජය නොපිය වූ මුදල් ගෙවීමට නොහැකි බව පැවසූ අගමැතිවරයා ඒ අනුව රුපියල් බිලියන 101 හා රුපියල් බිලියන 55 කින් එම අතුරු සම්මත ගිණුම වැඩි කර ගැනීමට පරිපූරක ඇස්තමේන්තුවක් අනුමත කරන ලෙසද සභාවෙන් ඉල්ලා සිටියේය.
ඊට අමතරව විදේශ ණය ව්‍යාපෘති මගින් කර ඇති වියදම් ගිණුම්ගත කිරීමට අවශ්‍ය රුපියල් බිලියන 211 පරිපුරකක ඇස්තමේන්තුවක් ද ඊට සමගාමීව අනුමත ණය සීමාවද රුපියල් බිලියන 7212 ට රුපියල් බිලියන 1078 දක්වා වැඩිකිරීමේ සංශෝධනය අනුමත කරන ලෙස ඉල්ලා සිටියේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොරොන්දු ඉටුකිරීමට උපරිම සහය දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විවිධ රැස්වීම් වලදී කරන ලද ප්‍රකාශ සිහිපත් කළ අගමැතිවරයා ඒ අනුව ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම පිළිගැනීම ගැන අගය කරන බවද කීය.
විශේෂයෙන් ජනාධිපතිවරයා හෝ අගමැතිවීමට විපක්ෂ නායකවරයා දක්වන කැමැත්ත බෙහෙවින් අගය කරන බවද අගමැතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම වංචාවක් ගැනම....
2015 කලිනුත් මහබැංකු වංචා වෙලා තියෙනවා. හරියට විගණනය කළොත් ඕවා නිකන්ම හොයාගත්ත හැකියි. කරාවිද කියන එ්කනේ වැඩේ...
අපේ ඒවා නම් එළියට ගන්න එපා මලෝ... එහෙම වුණොත් ඩුබායි හොටෙල් එක විකුණන්න වෙනවා.
ඒ විතරක් නෙවෙයි සුනාමි හොරු, සිරිලිය ගිණුම, සමෘද්ධි හොරු, මෙකී නොකී පවුලේ අය කරපුවා, දූෂිත දේශපාලුවන් කරපු මහා පරිමාණයේ හොරකම්, වංචා, දූෂණ ගෙනත් නීතිපතිවරයා අවශ්‍ය පියවර ගත යුතුයි. නීතිය කාටත් පොදුයි කියලනේ කියන්නේ...?
ගුවන් යානා ගණුදෙණු ගැන හොයන්න එපා..
ගුවන් යානා ගැන නම් හොයන්න එපා හාමු මහත්තයා...
වෝහාරික ගිණුම් වාර්තාව අධිකරණය ඉදිරියට කරුණාකරලා ගෙන්න 69 ලක්ෂය ගේ පැතුම එයයි ගරු අගමැතිතුමනි .....
බැදුම් කරය ගැන වෝහාරික වාර්තා කෝ ...?
ඡන්දෙන් පස්සේ බලාගන්න පුළුවන් කරන හැටි.
වෙනම ගුවන් යානයක් එහෙම ඕන නැද්ද.?
අපි හිතුවේ රංජාගේ හඬ පටි දේශපාලන සංදර්ශනයක් කියාය. දැන් බලන කොට ඒකට වෙන නාමයක් ලබාදිය යුතුයි.
අධිකරණ අමාත්‍යංශය යටතේ තිබුණ නීතිපති දෙපාර්තමේන්තුව ඒ දවස්වල ජනාධිපති යටතට ගත්තා මතකයි නේ. දැන් ඒක අගමැති යටතට ගත්තා නම් ලේසියෙන්ම ඔය කියන වැඩේ කරන්න පුළුවන් නේද?
වංචා සහ දුශිතයින්ට දඬුවම් දෙන කතාව තවමත් මැතිවරණ පොරොන්දුවක් පමණි. ක්‍රියාත්මක මට්ටමේදී කවුරුත් පස්ස ගහනවා. මොකක්ද මේකට හේතුව. මෙහෙම තව දුරටත් මේක මැතිවරණ පොරොන්දුවක් පමණක් වුනොත් ජනතාව මේවා විශ්වාස කරන්නේ නැහැ. මෙවැනි මැතිවරණ පොරොන්දු අනාගතයේදී දුන්නොත් ජනතාවගේ උපහාසයට ලක්වෙනවා. මේක හරියට විධායක ජනාධිපතික්රමය අහෝසි කරනවා කියන මැතිවරණ පොරොන්දුවට සමානයි. කවදාවත් ඉටුනොකරන මැතිවරණ පොරොන්දුවක්.
හරියට හරි 2005 සිට 2019 තෙක් සොයන්න ඔක්කොම මහජන මුදල්...