‘ව්‍යවස්ථාව යළි වෙනස් කරන්න ආණ්ඩුවට අයිතියක් නෑ’
ව්‍යවස්ථාව යළි වෙනස් කිරීමට මේ ආණ්ඩුවට කිසිම අයිතියක් නැහැ. එය කළ හැක්කේ ඊළඟට පත්වන ආණ්ඩුවට පමණක් යැයි විපක්ෂ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (26) පැවසීය. රාජපක්ෂ මහතා මෙසේ පැවසූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, දැනට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂ 10 සමඟ අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.