( ඉන්දිකා රාමනායක )
උසස් ජාතික ඩිප්ලෝමා සිසුන්ගේ විරෝධතාවක් හේතුවෙන් මරදාන හා ඒ අවට ප්‍රදේශයන්හි දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.
අද දහවල් 1.30 ට පමණ මරදාන හන්දියෙන් මෙම විරෝධතා පාගමන ඇරැඹිණි. ඔවුන් උසස් අධ්‍යාපන අමාත්‍යංශය දක්වා පැමිණීමට නියමිත බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම විරෝධ. මී හරක් වගේ වැඩ කළාම හැමදාම පාරේ තමයි. ගන්න දෙයක් නෑ.
යහපාලන කාලේ මේවා කරනකොට කරපු විවේචන බන්දුල මතකද මන්දා? ඊයේ පෙරේදා මට ඇහුනා කියනවා මහජනයාට කරදර නොකර ඒගොල්ලන්ට කාලයක් දෙන්න කියලා වැඩ කරන්න. ඊට වඩා හොඳ නැතිද උද්ඝෝෂණයට වෙන්වූ කලාපයක් පිට්ටනියක් වෙන් කරලා මහජනයාට වද නොදී ඕනේ කුදයක් ගහගන්න කියල උද්ඝෝෂකයින් අයින් කළානම්. මේ යෝජනාව යහපාලන කලේ ගෙනාපු එකක්.
කෙලින්ම අමාත්‍යංශයට ගිහින් කතාකළා නම් ඉවරයි. පහුගිය සියලු දෙනාට අවස්ථාව ලැබුණා.
යහපාලන කාලේ හැමදාම උද්ඝෝෂණ තිබුණනේ... කොටුවේ දුම්රියපළ ඉදිරිපිට සවස 4.30 වනවිට යන්නවත් බැහැ. සමහරු පැල් ගහගෙන හිටියේ. දැන් මොකද පාරවල් බ්ලොක් වෙනවා කියන්නේ. එදා එහෙම වුනේ නැද්ද?
මේ ළමයි මිනිසුන්ට පිළිකුල් . ඉගෙන ගන්නේ නැහැ. රට ගැන හිතන්නේ නැහැ. දෙමව්පියන් ගැන හිතන්නේ නැහැ. දැනුමක් නැහැ පුද්ගලික රැකියාවලට ගන්න. ඒවාට කැමතිත් නැහැ විනය නැති නිසා.. ඊළඟට ආණ්ඩුවෙන්ම ජොබ් එකක් ඉල්ලනවා. ඒත් රටටම ණයකාරයෝ...