IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


පූජිත්-හේමසිරි යළි රිමාන්ඩ්

(දසුන් රාජපක්ෂ)

පාස්කු ඉරුදින ප්‍රහාරය වළක්වා නොගෙන රාජකාරී වගකීම පැහැර හැරීම හා මනුෂ්‍ය ඝාතන සිදු කිරීම යන චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කොට අනිවාර්ය නිවාඩු යවා සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් අනිද්දා (5) තෙක් තව දුරටත් රිමාන්ඩ් බාරයේ භාරයේ තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්.අයි.කේ. කාහිංගල මහත්මිය අද (3) නියෝග කළාය.

මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල අද යළි කැඳවූ අවස්ථාවේ රිමාන්ඩ් බාරයේ සිටින පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරු බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ සිටියහ.

සිදු කරන ලද පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු සිද්ධියට අදාළ ව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ පුද්ගලික ලේකම්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව දැනුම් දුන්හ.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු දක්වමින් සිය සේවා දායකයන්ට ඇප ලබා ගැනීම සඳහා කොළඹ මහාධිකරණය වෙත අයදුම් ඉදිරිපත් කළ බව දන්වා සිටියහ. ඇප  ඇයදුම  කෙරේ නීතිපතිවරයාගේ කිසිදු විරෝධතාවයක්  නොමැති බව දන්වා සිටි එම නීතිඥවරු අනිද්දා(05) එම අයදුම් මහාධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතව ඇති බව පැවසූහ.

ඒ අනුව ඉදිරිප වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත් කළ මහේස්ත්‍රාත්වරිය පැමිණිල්ල අනිද්දා යළි කැඳවීමට නියෝග කළාය.

( ඡායාරූප - ඉෂාන් සංජීව ) 



අදහස් (1)

පූජිත්-හේමසිරි යළි රිමාන්ඩ්

de silva Tuesday, 04 February 2020 09:11 AM

බොරුවට රිමාන්ඩ් කරකර ඉන්නේ නැතුව තිබෙන චෝදනා වලට නඩු දමලා නඩු අහන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 460 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2211 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1662 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site