එයාර් ඉන්දියා ගුවන් සමාගමට අයත් ගුවන්යානයක් නව කෙරෝනා වෛරසය ව්‍යාප්තව තිබෙන චීනයේ වූහාන් ප්‍රදේශය බලා පිටත්විය.

වූහාන්හි රැඳී සිටින ඉන්දීය ජාතිකයන් රැගෙන ඒම සඳහා එම ගුවන්යානය පස්වරු 1.20ට දිල්ලි නුවරින් පිටත්වූ බවද ඉන්දියානුවන් 400 දෙනෙකු පමණ රැගෙන ඒමට නියමිත බවද වාර්තා වේ.
මෙම ගුවන්යානයේ වෛද්‍යවරුන් පස්දෙනෙකු ද ගමන් කරන බව පැවසේ.

(එයාර් ඉන්දියා ගුවන් සේවයෙන් චීනය බලා පිටත් වූ ගුවන්යානයේ කාර්ය මණ්ඩලය)
මෙලෙසින් චීනය බලා ගමන් ඇරඹියේ එම ගුවන් සමාගමට අයත් B747 දරන ගුවන්යානයයි. එහි මගීන් 423දෙනෙකු සඳහා පහසුකම් ඇතැයි පැවසේ.
චීනයේ බීජිං නුවරට පැය 2-3කින් යානය ගොඩබැස්වීමට නියමිතය.
(ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇසුරිනි)
16844


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිටත් අපේ ගුවන් යානයක් යවලා මේ දරුවෝ ටික ගෙන්න ගන්න පුළුවන්නේ. මම හිතන්නේ ඉන්දියාවට වැඩිය අපිට චීන්නු සලකනවා.