දුමින්ද යළි රිමාන්ඩ් වැල්ලවත්ත හැව්ලොක් නිවාස සංකීරණයේ දී සොයාගත් රන් ආලේපිත ටී 56 ගිනි අවිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇතුළු සැකකරුවන් සිව්දෙනා ලබන 26 වන දින දක්වා යළි රිමාන්ඩ් බාරයේ තබන්නැයි ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය අද නියෝග කළාය. 19 June 2025
කිරි හරක් ව්‍යාපෘතියේ පාඩුව ලක්ෂ විසි එක්දාහකට වැඩියි කිරි හරක් ගෙන්වීමේ ව්‍යාපෘතියෙන් වූ පාඩුව රුපියල් ලක්ෂ විසි එක්දාහකට වැඩි බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 19 June 2025
කෝප් කමිටුව රියැලටි ෂෝ එකක් කෝප් කමිටුව රියැලටි ෂෝ එකක් පමණක් යැයි ද ඊට තීන්දු ගන්න බලයක් නැතැයි ද පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේ දී පැවසීය. 19 June 2025
චීන - ආසියා ප්‍රදර්ශනයේ ලංකාවට ලොකු තැනක් චීන-දකුණු ආසියා 9 වැනි ප්‍රදර්ශනයට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්රමුඛ නියෝජිතයෝ සහභාගී වූහ. 19 June 2025
රඹුක්වැල්ලගේ දියණියන් දෙදෙනා සහ බෑනා අධිකරණය හමුවට සැක කටයුතු ගිණුම් 40 කට අධික ප්‍රමාණයක් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් හිටපු අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියන් දෙදෙනා සහ බෑනා අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. 19 June 2025
මලයාලම් නළු මොහන්ලාල් පාර්ලිමේන්තු විවාද බලන්න එයි චිතුපට රූපගත කිරීමක් සඳහා මේ දිනවල ලංකාවට පැමිණි සිටින මලයාලම් සිනමාවේ ජනප්‍රිය නළු මොහන්ලාල් විශ්වනාදන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංචාරයක නිරතවිය. 19 June 2025
කන්තලේ උප සභාපතිට ඝන පූර්ණය හරස් වේ කන්තලේ ප්‍රාදේශීය සභාව සඳහා සභාපතිවරයෙකු තෝරා ගැනීමේ පැවැති ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත්වූ ඩී.එම්. තාරක සඳරුවන් සම්පත් මහතා සභාපතිවරයා ලෙස තේරීපත්වූ සභාවේ ඇති වූ නොසන්සුන් කාරී තත්වයක් හේතුවෙන් උප සභාපතිවරයකු තෝරා ගැනීම දින නියමයක් නැතිව කල් ගියේය. 19 June 2025
ඇප සම්පූර්ණ කළ කෙහෙළිය පවුල එළියට ඇප කොන්දේසි සපුරා ගත නොහැකිව රක්ෂිත බන්ධනාගාර ගතවූ හිටපු අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු තිදෙනාගේ ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට සැකකාර පාර්ශවය අද කටයුතු කර ඇත. 19 June 2025
ඊශ්‍රායලයේදී තවත් ලාංකිකයෙක්ට තුවාල ඊශ්‍රායලයේ රෝහලක සාත්තු සේවිකාවක් ලෙස සේවය කරමින් සිටින ශ්‍රී ලාංකික කාන්තාවක් ඉරානය මිසයිල ප්‍රහාරයකින් තුවාල ලබා ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. 19 June 2025
ඖෂධ මිලදී ගැනීමේ කමිටු දෙකට නැවතත් පණදීමේ සූදානමක් සෞඛ්‍ය අමාත්‍යාංශය දේශීය ඖෂධ නිෂ්පාදකයන්ගෙන් ඖෂධ මිලදී ගැනීමේදී මිල කමිටු දෙකක් පවත්වාගෙන යෑමෙන් රජයට සිදුවියහැකි පාඩුව වළක්වා ගැනීම අනුගමනය කළ ප්‍රතිපත්තිය වත්මන් සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මහතා ආපස්සට හැරවීමට කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කරයි. 19 June 2025
බිම්ස්ටෙක් මහලේකම් සුව නි,ඇමති හමු වෙයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා සහ බෙංගාල බොක්ක ආශ්රිත රටවල බහු ආංශික තාක්ෂණික ආර්ථික සහයෝගීතාව සඳහා වන එකමුතුවේ මහලේකම් තානාපති අම්බ් ඉන්ද්‍රා මනි පාණ්ඩේ මහතා අතර හමුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද(19)සිදු විය. 19 June 2025
සුදුසු තණකොළ වවන්නේ නැතුව රට හරක් ගෙනැත් පසුගිය ආණ්ඩු යටතේ ඇතැම් කාල වල යුරෝපීය ගවයන් ගෙන්වීමේදී ඔවුන්ට අවශ්‍ය පෝෂණ තත්ත්වයන් ලබා ගැනීම සඳහා අදාළ තණකොළ වන්නේ නැතිව ගවයන් ගෙන විත් තිබෙන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී සුජීව දිසානායක මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී කීය.පසුගිය ආණ්ඩු යටතේ ඇතැම් කාල වල යුරෝපීය ගවයන් ගෙන්වීමේදී ඔවුන්ට අවශ්‍ය පෝෂණ තත්ත්වයන් ලබා ගැනීම සඳහා අදාළ තණකොළ වන්නේ නැතිව ගවයන් ගෙන විත් තිබෙන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී සුජීව දිසානායක මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්ත 19 June 2025
කෝප් සභාවේ නිර්දේශවලට කඩිනම් නීති පියවර ඕනෑ පොදු ව්‍යාපාර කාරක සභාවේ මතුවන කරුණු පිළිබඳව කඩිනමින් නීති පියවර ගැනීමට නීතිපතිවරයාට යොමු කිරීමට හැකිවන පරිදි නීතිමය සංශෝධන කඩිනමින් කළ යුතු යැයි ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 19 June 2025
කෙහෙලිය පවුලේ තවත් තිදෙනෙක් අල්ලස් කොමිසම හමුවට හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගේ දියණියක් , බෑනා සහ ලේලිය අද (19) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාව හමුවට පැමිණි බව උසස් නිලධාරියෙක් පැවැසීය. 19 June 2025
අභියාචනාධිකරණ සභාපති විනිසුරු දිවුරුම් දෙයි නව අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නලින් රොහාන්ත අබේසුරිය මහතා අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. 19 June 2025
බඹරු ඇන 12ක් රෝහලේ තේ දළු නෙළමින් සිටි වතුකම්කරුවන් පිරිසකට අද (19) දින එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතුකම්කරු කාන්තාවන් 09 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 03 දෙනෙකු ඇතලු 12 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට ඇතුළත්කළ රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරි එ.එස්.කේ. ජයසුරිය මහතා පැවසීය. 19 June 2025
ජාත්‍යන්තරය ගැන හරි අවබෝධයෙන් වැඩ නොකළොත් ලාංකිකයන් අනතුරේ රජය ජාත්‍යන්තරයේ ඇතිවී තිබෙන තත්ත්වයන් හරියට නිරීක්ෂණය කොට කටයුතු නොකළොත් ශ්‍රී ලාංකික පුරවැසියන්ටත් දරුණු ප්‍රතිවිපාක භුක්ති විඳීමට සිදුවන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 19 June 2025
නිට්ටඹුව සංඝබෝධි සිසු සිසුවියෝ ජනාධිපති මන්දිරයට නිට්ටඹුව සංඝබෝධි ජාතික පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති මන්දිරය නැරඹීම සඳහා පැමිණියහ. 19 June 2025
ටිල්වින් කොමියුනිස්ට් ලොක්කන් හමුවේ චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනයක් මත චීනයේ සංචාරයක නිතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුලු පිරිස චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජික, ස්ථාවර කමිටු සාමාජික සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සංවිධාන අංශයේ ප්‍රධානී ෂී තැයිෆෙන් මහත්වරුන් ඇතුළු ඉහළ පෙළේ නායක පිරිසක් හමුවූහ. 19 June 2025
ලක්ෂ 30ක ඉඟුරු පන්නන්න බැරිවෙයි තීරු බදු නීති උල්ලංඝනය කරමින් ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද ,වියළි ඉඟුරු උර 19 ක් සහිත ඩිංගි යාත්‍රාවක් කල්පිටි පොලිස් බළ ප්‍රදේශයට අයත් එරඹුගොඩැල්ල වෙරළ තීරයේ දී අද (19) අලුයම කල්පිටි පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත .එම අවස්ථාවේ දී යාත්‍රා වේ සිටි සැකකරුවන් දෙදෙනකු පලා ගොස් ඇත . 19 June 2025
සතුන්ට තුවක්කු අටවා දිට්ඨධම්මවේදනීය කර්මය පළ දෙයි සතුන් දඩයම් කිරීම සඳහා බඳින තුවක්කුවක් ඇටවීමට යාමේදී කලින් අටවන ලද බඳින තුවක්කුවක් පත්තු වී පුද්ගලයකු ඊයේ (18) මිය ගොස් ඇතිබව සියඹලා ආණ්ඩුව පොලිසිය පවසයි. 19 June 2025
බඹරු ඇන සැමියා මරුට: බිරිය රෝහලේ තම ගෙවත්තෙහි පොල් කඩන්නට ගිය අඹුසැමි යුවළකට බඹරුන් දෂ්ට කිරීමෙන් සැමියා මියගොස් බිරිඳ බරපතල තුවාල ලබා ඇතැයි අගුණකොළ පෑලැස්ස පොලිසිය පවසයි. 19 June 2025
පළාත් කිහිපයකට විටින් විට වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් අද (19) ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 19 June 2025
වැලිවිටය දිවිතුර පොහොට්ටුවට යයි වැලිවිටිය දිවිතුර ප්‍රාදේශිය සභා සභාපතිවරයා ලෙස ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පොද්දිවල මාරගේ වසන්ත මහතා ද උප සභාපති ලෙස සමගි ජනබල වේගයේ පි.එච්.තුසිත චාමර මහතාද අද තෝරා පත් කර ගත්තේය. 18 June 2025
පෞද්ගලික මූල්‍ය ආයතනයක රන්බඩු සොරාගත් විධායක නිලධාරියා මාට්ටු මාලඹේ පෞද්ගලික මූල්‍ය ආයතනයකින් රන් භාණ්ඩ සොරාගෙන රුපියල් කෝටි හතකට ආසන්න වටිනා මුදලක් වංචා කළ එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීවරයෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 18 June 2025
රට වැටෙන බව කලින් දැනගෙන හිටියා අහන්න හිටියේ බිරිඳ විතරයි රට වැටෙන බව අවුරුදු දෙකකට කලින් දැනගෙන හිටියත් ඒ බව කියන්නට තම බිරිඳ හැර වෙන කවුරුවත් නොසිටි බව මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඊයේ(18)පැවසීය. ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මේ බව පැවසූයේ ධුරයෙන් විශ්‍රාම යාම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ පැවැති උත්සවය අමතමිනි. 18 June 2025
සජබ කහවත්ත, වැලිගෙපොළ සහ පන්නල බලය අල්ලයි මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ජාතික ජනබලවේග පක්ෂය විසින් බහුතර සභික සංඛ්‍යාවක් හිමි කරගත් කහවත්ත, වැලිගේපොළ සහ පන්නල ප්‍රාදේශීය සභාවල පාලන බලය සමගි ජනබලවේගය ප්රමුඛ විපක්ෂය විසින් දිනා ගනු ලැබීය. 18 June 2025
දේශබන්දු කමිටුවට ආ සාක්ෂිකාරියක හරවා යවයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ සාක්ෂි දීමට පැමිණි සාක්ෂිකාරියක් වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ නීතිඥවරයාගේ විරෝධය හේතුවෙන් කමිටුව විසින් සාක්ෂි නොගෙන අද (18) හරවා යවනු ලැබුවාය. 18 June 2025
මහාධිකරණ විනිසුුරු දෙදෙනෙක්ට උසස් වීම් මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනකු අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස උසස් කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිව ඇත. 18 June 2025
ත්‍රී රෝද රියැදුරන්ට හොඳ ගති පුහුණු කරන්න යයි සංචාරක ක්ෂේත්රයේ නියැළෙන ත්‍රිරෝද රථ රියදුරන්ගේ ආකල්ප හා ආචාරධර්ම වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය පියවර ගෙන තිබේ. 18 June 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025