
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම තිල්අඩිය අල්කාසිම් ගම්මානය ආසන්නයෙ මාර්ගයක් ආසන්නයෙ තිබු ත්‍රි රෝද රථ රියදුරේකුගේ සිරුරක් අද( 22) හමුවු බව පුත්තලම මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස හමුව ඇත්තේ පුත්තලම තිල්අඩිය පදිංචි 72 හැවිරිදි පස් දරු පියකු වන අබ්දුල් ලතිෆ් නැමති අයකුගේ සිරුරක් බව පුත්තලම මූලස්ථාන පොලිසියෙ අපරාධ විමර්ශන අංශය කියයි.
අදාල ත්‍රිරෝද රථ රියදුරු පස් දරු පියා ඊයේ (21) රාත්‍රියේ නිවසේ රැදි සිටියදි හයර් එක්ක යාම සදහා බව පවසමින් කිසියම් අයකු පැමින කැදවාගෙන ගොස් ඇති බවත් ඔහු උදෑසන වන විටත් නිවසට නොපැමිණිම නිසා පුත්තලම මූලස්ථානයට ඔහුගේ බැනා විසින් පැමිනිලි කර ඇති බවද කියයි.
කෙසේ වෙතත් අදාල ත්‍රි රෝද රථ රියදුරාගේ නිවසට කිලෝ මිටර් 2 කට ආසන්න දුරකින් අඩපනාවිල්ලුව ගම්මානයට ගමන් කරන මාර්ගයෙ කානුවකට ඔහුගේ සිරුර දමා තිබියදී ඒ ආසන්නයෙන් ගමන් කළ අයකු දැක ගම්වාසින් දැනුවත් කිරීමට කටයුතු කර තිබු අතර ඉන් පසු පොලිස් පරික්ෂණ ආරම්භ කර ඇති බව කියයි.
එහිදි අනාවරනය වී ඇත්තේ මෙසේ ඝාතනය කර ඇත්තේ ඒ ආසන්නයේ පදිංචිකරුකු බවයි. අදාල ත්‍රිරෝද රථ රියදුරු නිවසේ සිටියදී ඔහු කුලි ගමනක් යන මුවාවෙන් මෙලෙස රැගෙන විත් ඇති බව තහවුරු වි තිබුනී.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd