(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් (Oxford Union) සහ කේම්බ්‍රිජ් (Cambridge Union) ශිෂ්‍ය සංගම් ඇමතීමේ දෙසුම එංගලන්තයේ වෙසෙන එල්.ටී.ටී.ඊ හිතවාදී ඩයස්පෝරාවේ විරෝධයක් නිසා අවලංගු කර ඇතැයි රාජපක්ෂ මහතාගේ මාධ්‍ය අංශය පවසයි.
පෙබරවාරි අග සතියේ නාමල් රාජපක්ෂ මහතාගේ එම දෙසුම පැවැත්වීමට නියමිතව තිබිණි.ඊට එරෙහිව බ්‍රිතාන්‍ය පුරා වෙසෙන එල්.ටී.ටී.ඊ හිතවාදීන් ඒකාබද්ධව දැඩි විරෝධයක් ප්‍රකාශ කර ඇතැයි මාධ්‍ය අංශය කියයි.
එක්සත් රාජධානියේ දෙමළ ශිෂ්‍ය සංගම් සහ බ්‍රිතාන්‍ය දෙමළ තරුණ සංවිධානය (TYO UK) එක්ව නිකුත් කළ නිවේදනයකින් නාමල් රාජපක්ෂ මහතාට ලබාදී ඇති මෙම අවස්ථාව වහාම අවලංගු කරන ලෙස දැනුම් දී තිබෙන්නේ යැයිද මාධ්‍ය අංශය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොර පෙරකදෝරුවන්වත් කතාවලට ගෙන්නනවාද? ඒ යුනිවසිටිවල? සෑහෙන දියුණුයිනේ...!
කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයට ලැජ්ජා නැද්ද? විභාග හොරට ලියපු, හරිහමන් අධ්‍යාපනයක් නැති දූෂිතයකුට එම විශ්වවිද්‍යාලයෙ දේශනයකට ආරධනා කිරිමට. මෙය සත්‍යක්ද?
බොරුවට පුම්බන්න හදනවා... මෙයාට ආරාධනා කරන්නේ කවුද දේශනවලට...?
මොකක් ගැනද කතා කරන්නේ?
නාමල්ට වඩා හොද අය වෙන නැතුවා වත්ද?
එකම බොරු කතාව කියලා එපා වෙන්නේ නැද්ද? නාමල් ක්‍රියේටිව් වෙන්න. එකම කතාව අහලා මිනිස්සුන්ටත් එපා වෙලා.
විහිළු නොකර නිකන් හිටපන් බන්, මොකද ඔක්ස්ෆර්ඩ් ක්‍රෙම්බ්‍රිජ් විශ්ව විද්‍යාලවල හොරකම් කරන්න මිනී මරන්න ඉගෙන ගන්නවාද, ඔබගෙන් උපදෙස් ගන්න.
මේ පුවත ඇත්තක්ද කියා සොයා බැලිය යුතුයි, හොරට නිතී විභාග ලියපු , රටක් හොරකමින් විනාශ කරපු පරම්පරාවක , ඇප පිට නිදහස්ව ඉන්න , ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු රිනගපු මේවැනි වන්චනිකයින්ව ඔවැනි තැන් වලට ගෙන්න ගන්නවද?
ඇත්තටම ඒක උනා නම්, මෝඩ සිංහලයින්ට වඩා දෙමල ප්‍රජාවට මොලේ තියන බව මම නම් අවිවාධයෙන් පිළිගන්නවා... මෙතරම් උගත්, බුද්ධිමතුන් ඉන්න ලංකාවේ, මෙහෙම කෙනෙකුට ඔක්ස්පර්ඩ් එකෙන්, දේශනයකට ආරාධනාවක් කලේ කාගේ උවමනාවටද..? අනික, මොනා ඉගෙන ගන්නද..?
ඩෝබි සෙට් එක මේ සිදුවීමටත් හුරේ දානවා. ඒ කියන්නේ නාමල්ට වඩා දෙමළ ඩයස් පෝරා එක හොදයි. අපේ රටේ ඇත්තටම ඉන්නේ මුල මතක නැති කුහකයින්...