(ඩී.ජී.සුගතපාල)

ඉඩම් ආරවුලක් මත නෙළුව මිල්ලව ප්‍රදේශයේදි අද දහවල් පුද්ගලයෙකුට පහරදි ඝාතනය කර ඇතැයි ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

මෙසේ ඝාතනය කර ඇතතේ මොරවක පොල්ගස්ඕවිට පදිංචි කඩේවත්ත වැලිගමගේ අයිවන් නමැති 68හැවිරිදි පුද්ගලයෙකි.

මියගිය අය තම බිරිඳ සමග ඔවුනට අයත් පහල මිල්ලව ප්‍රදේශයේ පිහිටි ඉඩමේ වැඩ කරමින් සිටියදි ඇතිවු ආරවුලක් මත මොරවක පදිංචි පුද්ගලයෙකු විසින් පොල්ලකින් පහරදි ඝාතනය කර ඇත.

මෙහිදි මියගිය අයගේ බිරිඳටද සුලු තුවාල සිදුව ඇත. මියගිය අයගේ දේහය මොරවක රෝහලේ තැන්පත්කර ඇති අතර මහේස්ත්‍රාත් පරික්ෂණය හෙට පැවැත්විමට නියමිතය.

සැකකරු අත් අංගුවට ගැනිම සඳහා ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති එච්.සි.පුෂ්ප කුමාර මහතාගේ උපදෙස් පරිදි නෙළුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක පතිජිව මහතා ඇතුලු නිලධාරි කණ්ඩායමක් විසින් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.