මහබැංකු සේවකයා නෙරපූ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අනුමත කරයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සේවයෙන් පහ කළ ජ්‍යෙෂ්ඨ පරිගණක විශ්ලේෂකයෙකුට විශ්‍රාම වැටුප් සහිතව රුපියල් දශ ලක්ෂයක වන්දි මුදලක් සහ වයස අවුරුදු 60 වන තෙක් වැටුප් ලබා දීමට කොළඹ මහාධිකරණය මඟින් ලබා දුන් තීන්දුව ඉවත දැමීමට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය , ඔහුව එම සේවයෙන් පහ කිරීම සාධාරණ බවට කම්කරු විනිශ්චය සභාව මඟින් ලබා දුන් තීන්දුව අනුමත කළේය.