
කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයන් 4 දෙනෙකු මිය ගොස් ඇති බව අද (10) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
මියගොස් ඇත්තේ 51, 45 සහ 55-60 අතර වයස්වල පිරිමි පුද්ගලයන් තිදෙනෙකු සහ 63 හැවිරිදි කාන්තාවකි.
ඒ අනුව, කොරෝනා ආසාදනය වීමෙන් මිය ගිය මුළු ආසාදිතයන් ගණන 40 කි.

COMMENTS
මේ මරණ වලට කවුද වග කියන්නේ. බ්‍රැන්ඩික්ස් ආසාදිත කාන්තාව හමුවුණු දවසෙම ටිකක් සැලකිලිමත් වුණා නම් මෙහෙම දේවල් වලට මුහුණ නොදි ඉන්න තිබුණා. කොහොම වුණත් මේවාට බලධරයින් වග කියන්න ඕනෑ. දැන් දඟලන දැඟලිල්ල හරි... නමුත් කලින් මෙහෙම කලේ නැහැ. තරගය අවසන් වෙන්න කලින්ම ජයග්‍රහකයා නම් කළ නිසා ජනතාව කෝවිඩ් එතරම් ගණන් ගත්තේ නැහැ. පාලකයින් කිසිම වගකීමක් නැතිව මහමග ගමන් කළා. කොරෝනා - දොඩෝනා කියලා වීරවංශලා ඔච්චම් කළා. අපිට කිසිම දේශපාලනයක් අවශ්‍ය නැහැ. ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ සැලකිලිමත්ව කටයුතු කළයුතු බවත්, එහිදී වතු කම්කරුවන් සහ ධීවර ජනතාව පිළිබද සැලකිල්ලෙන් කටයුතු කරන්න කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයා කීවා. ඒ මාර්තු මාසයේදී. රනිල් නෙමෙයි ඉස්කෝලෙක ගිහිං නැති හරමානිස් කීවත් ඇත්ත නම් ඇත්ත තමයි. දැන් ඉතිං බොහොම වගකීමෙන් වැඩ කරන්න. හැබැයි රට වහන එකත් හොඳ නැහැ. නීති කඩන අයට මැරෙන්න නොවෙයි, රිදෙන්න ගහන්න. ඒකට විතරයි අපේ මිනිස්සු බය. නීති මගින් කටයුතු කරන කොට වංසගතය බෝකරලා ඉවරයි. නීති කාටත් පොදුයි. ඒ නිසා තරාතිරම බලන්න අවශ්‍ය නැහැ. එහෙම නොවුණොත් තව තවත් විපාකවලට මුහුණ දීමට සිදුවේවි...!!! අපිට කිසිම දේශපාලනයක් අවශ්‍ය නැහැ.
පාලකයෝ කොරෝනා සමඟ ජීවත් වීමට කැමැත්තක් දක්වති!
සුව වෙන විදිය ආශ්චර්යක්. මැරෙන විදිය වේදනාවක්. වගකීම් විරහිත මිනිස්සුනේ මැරෙන්නේ.
හොඳට තිබුණු තත්වේ මේ දේශපාලුවෝ එකතුවෙලා කෑවා.