
කොරෝනා රෝගය සඳහා 90%ක පමණ ඵලදායීතාවයකින් යුතු එන්නතක් නිපදවීමට ඖෂධ සමාගම් දෙකක් සමත් වී ඇතැයි වාර්තා වේ.
මෙම එන්නත නිපදවූ ෆයිසර් (Pfizer) සහ බයෝඑන්ටෙක් (BioNTech) සමාගම් පවසන්නේ එන්නත මගින් 90%ට වැඩි පිරිසකට කොවිඩ්-19 වලක්වාගත හැකි බව මූලික විශ්ලේෂණයකින් හෙළිවී ඇති බවයි.
"අද විද්‍යාවට හා මනුෂ්‍යත්වයට විශිෂ්ඨ දවසක්, අපගේ කොවිඩ් එන්නතේ තුන්වන අදියරේ අත්හදා බැලීම් මගින් කොරෝනා වැළැක්වීමට එන්නතට ඇති හැකියාව පිළිබඳ මූලික සාක්ෂි සපයයි." යනුවෙන් ෆයිසර් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය ඇල්බට් බෝලා පැවසීය.
මෙම එන්නත ලබාගැනීමෙන් දින 28 කට පසු එහි ක්‍රියාකාරීත්වය ඇරඹෙන අතර එය මාත්‍රා දෙකකින් සමන්විත වේ. එක් මාත්‍රාවක් එන්නත් කර සති තුනකින් පසුව අනිත් මාත්‍රාව එන්නත් කරනු ලබයි. දෙවන මාත්‍රාවෙන් දින හතකට පසු කොරෝනා රෝගයෙන් ආරක්ෂාව ලබාගත හැකි බවද ඔවුහු පවසති.
මේ වනවිට එන්නත ලෝකයේ රටවල් 06 ක පුද්ගලයින් 43,538 ක් සඳහා පරීක්ෂා කර තිබේ.
එහිදී කිසිදු ආරක්ෂිත ගැටලුවක් මතු නොවූ බව ඔවුහු පවසති.
නොවැම්බර් මස අවසානය වනවිට එන්නත භාවිතා කිරීම සඳහා අනුමැතිය ඉල්ලීමට සමාගම් සැලසුම් කර තිබේ.
බීබීසී ඇසුරිණි
085
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොක්කන්ට ගහපු එකද?
මේ එන්නත සෙල්සියස් -70 ක් උෂ්ණත්වයක ගබඩා කරන්න ඕනෙලු... ඒක නිසා මෙය ප්‍රවාහනයේදී සහ භාවිතයේදී ලොකු ගැටළුවක් මතුවෙනවා. එනිසා ඒ ප්‍රශ්නෙට දැන්මම ලෑස්තිවෙලා හිටියොත් හොදයි...
මෙය පවිත්‍රා නෝනා කිව්වේ එන්නත නොවෙයි වගේ පේන්නේ. කොහොම වුණත් මේ වැනි එන්නතක් සෑදීම ගැන සිතට දැනෙන්නේ අප්‍රමාණ සතුටක්. එහෙත් මේ රටේ ජනතාවට මේවා රජයෙන් ගෙන බෙදා හරිනවා නම් තමයි වඩා හොඳ. ඒ බෙදා හැරීමත් නොමිලේ විය යුතුයි. මන්දයත්.. කොරෝනා වලට කෝටිගනන් අපිට පිටරට ආධාර ලැබුණ නිසාය.
ඒ වුණාට ලංකාවට එන්නේ ඉන්දියාවේ නිෂ්පාදිත එන්නත නේද?
මෙ එන්නත පළමුව භාවිතා කරන්නේ සංවර්ධිත රටවලයි. 3වැනි ලෝකයේ රටවලට එන්න ගොඩක් කල් යයි.