කොවිඩ් මළ සිරුරු භූමිදානයට තවත් සුසාන භූමි තුනක් කොවිඩ් සිරුරු භූමිදානය සඳහා ත්‍රිකුණාමලය, පුත්තලම සහ අම්පාර යන ප්‍රදේශවල තවත් සුසාන භූමි තුනක් සූදානම් කිරීමට කටයුතු යොදා ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික සේවා අධ්යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසයි. 29 August 2021
කොරෝනා මරණ 192ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 192 දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) තහවුරු කළේය. 29 August 2021
කොරෝනා ආසාදිතයන් තවත් 914ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 914 දෙනකු අද(29) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 4,612 කි. 29 August 2021
සීදූවෙනුත් සීනි කිලෝ ලක්ෂ හයක් අල්ලයි පාරිභෝගික සේවා අධිකාරියෙහි ලියා පදිංචි නොකොට සීදූව ප්‍රදේශයේ ගබඩා දෙකක තිබූ සීනි කිලෝ හය ලක්ෂ පනස්පන් දහසක් අද සවස පාරිභෝගික සේවා අධිකාරිය බාරයට ගෙන ඇත. 29 August 2021
කාබුල් අගනුවරට රොකට් ප්‍රහාර ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරට රොකට් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි ඇසින් දුටුවන් උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය අද (29) පස්වරුවේ වාර්තා කළේය. 29 August 2021
ඇමෙරිකන් හමුදා යානයකත් දරු ප්‍රසූතියක් යහපත් ජීවිතයක් උදෙසා සිය මවුබිම අත්හැර විදෙස් රටකට යමින් සිටි ඇෆ්ගන් යුවලකට දාව දැරියක උපත ලබා ඇතැයි ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි. 29 August 2021
අඩි 30,000 ඉහළ සිදුවුණු දරු ප්‍රසූතිය ඇෆ්ඝනිස්ථානයේ තලෙයිබාන් පාලනය හමුවේ රටින් පලා යන ඇෆ්ඝන් කාන්තාවකට ගුවන් යානයකින් බ්‍රිතාන්‍ය බලා ගමන් කරමින් සිටියදී අඩි 30000ක් ඉහළ අහසේදී දරු ප්‍රසුතිය සිදු ව ඇත. 29 August 2021
කොරෝනා ආසාදිතයන් 3698ක් වාර්තා වෙයි කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 3,698 දෙනකු අද (29) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 4,25,255 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත. 29 August 2021
ලොව පුරා රටවල කොරෝනාවේ තතු අගෝස්තු 28 වැනි දා අවසන් වූ නව සතියෙන් ලොවපුරා රට රටවලින් වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත. 29 August 2021
කොස්හේන කන්දේ මහා ගලක් පහළට තල්ලු වෙයි මීරිගම බෝතලේ පහලගම කොස්හේන් කන්ද මුදුනේ තිබූ දෑවැන්ත ගල් කුට්ටියක් අද උදේ ගස් ගල් පෙරලාගෙන පහළට ඇද වැටී නිවසක් ආසන්නයේ කොස් ගසක රැදීම නිසා ඊට පහලින්වූ නිවාස දහයක පමන ජනතාව අනුනවයෙන් බේරී ඇතැයි මීරිගම පොලිසිය කියයි. 29 August 2021
මෙරට ලක්ෂ හැත්තෑවක් පූර්ණ එන්නත් කරණයට මෙරට සමස්ථ ජනගහනෙයන් මිලියන 07කට අධික සංඛ්‍යාවක් පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. 29 August 2021
පානදුර රෝහලේ දි මළ සිරුරු දෙකක් මාරු වෙයි පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ සිංහල කාන්තාවගේ මළ සිරුරුක් මුස්ලිම් කාන්තාවකගේ මළසිරුරක් ලෙස අවසන් කටයුතු ද සිදු කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 29 August 2021
සීනි ටොන් 12000ක් දින 60ක් තිස්සේ වරායේ හිර වෙලා ආනයනය කරන ලද සීනි කන්ටේනර් 600 කට ආසන්න සංඛ්‍යාවක් මාස දෙකක පමණ කාලයක් තිස්සේ කොළඹ වරායේ සිරවී ඇති බව ආනයනකරුවෝ පවසති. 29 August 2021
ෆයිසර් එන්නත ලබාදීමේ බලය යුද හමුදාවට කොරෝනා මර්දන ෆයිසර් එන්නත ලබාදීමේ පූර්ණ බලය පළමු වතාවට යුද හමුදාවට පවරනු ලැබ ඇත. 29 August 2021
ගිනි අවි පහක් උණ්ඩ සමග සැකකරුවෙක් මාට්ටු මෙරට නිෂ්පාදිත ගිනි අවි පහක්,උණ්ඩ 22 ක්, විදේශ රටක නිෂ්පාදිත අත් බොම්බයක් සමග සැකකරුවකු රඹුක්කන දී අද පෙරවරුවේ අත් අඩංගුවට ගත් බව කෑගල්ල පොලිසිය කියයි. 29 August 2021
ආදිවාසි නායක පවුලේ කීප දෙනකුට කොරෝනා දඹානේ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ බිරිඳ සහ පවුලේ සාමාජිකයින් කිහිප දෙනකු කොවිඩ් ආසාදිතව රෝහල්ගත කර ඇත. 29 August 2021
පොලිතින් නිෂ්පාදන තවත් හතක් තහනම් කිරීමට යයි වරක් භාවිත කර ඉවතලන ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්රිත නිෂ්පාදන 07ක් තහනම් කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව හෙට (30) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි පරිසර අමාත්‍යාංශය පවසයි. 29 August 2021
සෆාරි උද්‍යානයේ අධ්‍යක්ෂවරයකුටත් සේවකයන් 11කටත් කොරෝනා අම්බලන්තොට සෆාරි උද්‍යානයේ සහකාර අධ්යක්ෂවරයකු ඇතුළු එහි සේවකයන් 12 දෙනකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි. 29 August 2021
සතොසෙන් සීනි 130 හෙට සිට පාරිභෝගිකයා වෙත රුපියල් 130 බැගින් අලෙවි කිරිම සඳහා අවශ්‍ය දුඹුරු සීනි තොග මේ වනවිට සතොසට නිකුත් කර ඇති අතර හෙට සිට ලංකා සීනි සමාගම මගින් සමුපකාර සමිති වෙත නිකුත් කරන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි. 29 August 2021
හොර දැව ඇද්දාට අමතක නොවන දඬුවමක් බලපත්‍ර නොමැති දැව ප්‍රවාහනය කිරීමේ චෝදනාවට වරදකරු කළ දැව ජාවාරම් කරුවකුට රුපියල් 60,000/= දඩයක් නියම කළ කුරුණෑගල මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා නීතිවිරෝධී අයුරින් ප්‍රවාහනය කළ රුපියල් ලක්ෂ 5 කට ආසන්න තේක්ක දැව තොගය මෙන්ම එම දැව ප්‍රවාහනය කිරීමට යොදාගත් රුපියල් ලක්ෂ 50ක පමණ වටිනා ලොරි රථයද රාජසන්තක කිරීමට නියම කළේය. 29 August 2021
තවත් හෙදියක් කොරෝනාවට බිලි කොරෝනා වයිරසය ආසාදිත වීමෙන් තවත් හෙදියක් ඊයේ (27) ජීවිතක්ෂයට පත්වූවාය. 29 August 2021
‘‘කැපකිරීමක් කරන්නැයි ඉල්ලන්න ආණ්ඩුවට අයිතියක් නෑ‘‘ කැපකිරීම් කරන්නැයි ජනතාවගෙන් ඉල්ලන්නට ආණ්ඩුවට අයිතියක් නැතැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 29 August 2021
කොළඹින් සුපිරි ඩෙල්ටාවක් ? අලුත් විකෘතිතා ඇතිවීමත් සමඟම ශ්‍රී ලංකාවේ ’’ සුපිරි ඩෙල්ටා’’ ප්‍රභේදයක් බිහි වන්නේ දැයි සැකයක් මතුවන හෙයින් ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ඇරැඹූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මහතා පවසයි. 29 August 2021
සඟවා තිබූ සීනි ටොන් 5000 අල්ලයි සීනි හිඟයක් නිර්මාණය කිරීමේ අරමුණින් වත්තල, මාබෝල ප්‍රදේශයේ ගබඩාවක සඟවා තිබූ සීනි ටොන් 5000 කට ආසන්න තොගයක් පාරිභෝගික කටයුතු අධිකාරිය බාරයට ගෙන තිබේ. 29 August 2021
කෝටි පහක ගංජා සමග දෙකක් දැලේ රුපියල් කෝටි පහමාරකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනකු මන්නාරම ප්‍රදේශයේදී අත්අඩගුවට ගත් බව නාවික හමුදා පවසයි. 29 August 2021
අද දින තරමක් තද වැසි බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (29) දිනයේදී මිලිමීටර 75 ඉක්ම වූ තරමක තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 29 August 2021
අයි.එස්. ඉලක්ක වෙත පහර දෙයි ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක, අයි.එස්.අයි.එස්. ත්‍රස්ත ජාලයට අයත්, ’අයි.එස්.කේ’ ත්‍රස්ත කල්ලි සාමාජිකයන් ඉලක්ක කරමින් ඇමෙරිකන් හමුදාව ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරයි. 29 August 2021
කොරෝනා ආසාදිතයන් තවත් 818ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 818 දෙනකු අද(28) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 4,596 කි. 28 August 2021
ගෙට ගිනි ඇවිලි අඹු සැමියන් මරුට කඩවත ඇල්දෙනිය ජනතා මාවතේ පිහිටි දෙමහල් නිවසක උඩුමහලේ ඇති වූ ගින්නකින් අඹු සැමි යුවළක් මියගොස් ඇතැයි කඩවත පොලිසිය කියයි. 28 August 2021
කොරෝනා මරණ 212ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 212 දෙනකු ඊයේ මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (28) තහවුරු කළේය. 28 August 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026