කොවිඩ් මරණවලින් සියයට 85කට හේතුව දිගුකාලීන රෝගාබාධ කොවිඩ් ආසාදිතවීමෙන් මරණයට පත්වූවන්ගෙන් සියයට 85කටම කුමන හෝ දීර්ඝ කාලීන රෝගී තත්වයක් තිබී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය කළ සමීක්ෂණයකදී තහවුරු වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසීය. 30 August 2021
රිෂාඩ්ගේ බිරිඳගේ ඇප ප්‍රතික්ෂේප වෙයි මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සීමෙන් මියගිය බව කියන දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ගේ බිරිඳ ඇප මත මුදා හරින ලෙස ඉල්ලමින් නිතීඥවරුන් කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (30) ප්‍රතික්ෂේප කළාය. 30 August 2021
පැරාලිම්පික් තවත් පදක්කමක් ශ්‍රී ලංකාවට ජපානයේ ටෝකියෝහිදී දැන් පැවැත්වෙන පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩක සමිත දුලාන් කොඩිතුවක්කු ‘එෆ් 64’ කාණ්ඩයේ (දණහිසට පහළින් එක් පාදයක් අහිමි හෝ ඊට සමාන ආබාධිත) හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට අද (30) පස්වරුවේ සමත් විය. 30 August 2021
දිනේෂ් ප්‍රියන්තට එ.ජා.පයේ සුබපැතුම් ජපානයේ ටෝකියෝ නුවර පැවැති පැරාලිම්පික් (Paralympic) ක්‍රීඩා උළෙලේ දී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් පිහිටුවමින් මාතෘභූමිය රනින් බැබළවූ දිනේෂ් ප්‍රියන්ත හේරත් ට තමාගේ සහ එක්සත් ජාතික පක්ෂයේ හෘදයාංගම සුබපැතුම් පිරිනමන බව එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි 30 August 2021
කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලැබූ 14,394ක් අද සුවය ලබයි කොවිඩ් -19 වයිරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 14,394 දෙනෙක් අද (30) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 30 August 2021
හික්කඩුවේ එන්නත් හබය ගැන පරීක්ෂණයක් හික්කඩුව කොරෝනා එන්නත්කරණ මධ්‍යස්ථානයක දී ජනතාවට එන්නත ලබා දෙන්නේ නැතිව එන්නත දුන් බවට කාඩ් පත පමණක් සලකුණු කළැයි කියන සිද්ධිය ගැන පරීක්ෂණයක් කරන්නැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා දැනුම් දී තිබේ. 30 August 2021
ඖෂධ නියාමන අධිකාරියේ දත්ත අතුරුදන් විම ගැන සී.අයි.ඩි යට පැමිණිල්ලක් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත අතුරුදන් විම පිළිබදව සමගි ජනබලවේගයේ නියෝජ්‍ය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද (30) පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමෙින්තුව වෙත පැමිනිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය. 30 August 2021
තවත් සීනී ගබඩාවකට සීල් තියයි පාරිභෝගික කටයුතු අධිකාරියේ සීනි ගබඩා වැටලීමේ මෙහෙයුම යටතේ අද (30) පෙරවරුවේ වත්තල, කෙරවලපිටිය ප්‍රදේශයේ පිහිටි සීනි ටොන් 4100 ක් ගබඩා කර තිබූ ගබඩාවට මුද්‍රා තැබූ බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය. 30 August 2021
ශාකසාර සංඝටක 21 කින් සැකසු මුව ආවරණයක් බැක්ටීරියා සහ වෛරස් වලින් ආරක්ෂාව ලබා දෙන දේශීය ශාකසාර සංඝටක 21කින් සැකසූ මුව ආවරණයක් නිෂ්පාදනය කරන්නට නව නිර්මාණ ශිල්පියෙක් සමත්ව තිබේ. 30 August 2021
ගැබිනි මවුවරුන්ගෙන් සියයට 75කට කොවිඩ් මර්දන එන්නත් දී අවසන් මෙරට ගැබිනි මවුවරුන්ගෙන් සියයට 75කට මේ වන විට කොවිඩ් මර්දන එන්නත් ලබා දී ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා මහත්මිය පැවසුවාය. 30 August 2021
පාර්ලිමේන්තුව ලබන සතියේදී දින දෙකකට සීමා වන ලකුණු පාර්ලිමේන්තුවේ ලබන සතියේ රැස්වීම්ද දින දෙකකට පමණක් සීමා වනු ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති. 30 August 2021
මදුරන්කුලියේ මංගල ජෝඩුවක් ඇතුළු 28 ක් නිවසේම නිරෝධායනයට මදුරන්කුලිය ප්‍රදේශයේ ඇදිරි නීතිය නොතකමින් මංගල උත්සවයක් පැවැත්වූ ස්ථානයක මංගල ජෝඩුව ඇතුළු පුද්ගලයින් 28 දෙන නිරෝධයනයට ලක් කිරීමට කටයුතු කල බව මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 30 August 2021
පෝලන්තයේ පළමු ශ්‍රී ලංකා තානාපති කොවිඩ් ආසාදිතව මිය යයි පෝලන්තයේ පළමු ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ හා ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ටියුඩර් ගුණසේකර මහතා කොවිඩ් ආසාදිතව ජීවිතක්ෂයට පත්ව ඇත. 30 August 2021
ලක්මව රනින් සැරසූ දිනේෂ්ට ජනපතිගෙන් සුබපැතුම් “ජාත්‍යන්තර ක්‍රීඩා සිතියමේ ශ්‍රී ලංකාව ඉහළින් ඔසවා තැබීමට ඔබ ගත් ප්රයත්නය මා ඉතාමත් අගය කොට සලකමි” යනුවෙන් සඳහන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රන්පදක්කම් ලාභී දිනේෂ් ප්‍රියන්ත මහතාට සුභ පතමින් සිය ට්විටර් ගිණුමේ පණිවුඩක් තබා ඇත. 30 August 2021
“සීනි කිලෝවක් රුපියල් 98කට ලබාදිය හැකියි’’ ලෝක වෙළෙඳ පොළේ පවතින මිල ගණන් අනුව සීනි කිලෝවක් රුපියල් අනූ දෙකකට මිලදී ගෙන රුපියල් අනූ 98 ක මුදලකට පාරිභෝගික ජනතාවට ලබාදීමේ හැකියාව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කොළඹ දී අද (30) පැවසීය. 30 August 2021
පාර්ලිමේන්තු පොලීසියේ ඕ.අයි.සී නිරෝධායනයේ පාර්ලිමේන්තු පොලිසියේ ස්ථානාධිපතිවරයාද නිරෝධායනයට යොමුවී සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 30 August 2021
අතවශ්‍ය නඩු පමණක් විවෘත අධිකරණයේ කැඳවීමේ දිනය දීර්ඝ කරයි කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් ලබන හදිසි අතවශ්‍ය නඩු පමණක් විවෘත අධිකරණය හමුවේ කැදවීමට ගෙන තිබූ තීරණය ලබන 03 වැනිදා තෙක් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි එහි ලේඛකාධිකාරී ප්‍රදීප් මහමුතුගල මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 30 August 2021
ආණ්ඩුව වරද්දාගත් තැන ගැන රනිල්ගෙන් හෙළිදරව්වක් ලංකාව වත්මන් ආර්ථිකය අර්බුදයට මුහුණ දීමට හේතුව කොරෝනා වසංගතය ම නොව ආණ්ඩුවේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 30 August 2021
මන්ත්‍රී අසංක නවරත්න - ඔහුගේ දියණියට කොවිඩ් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා සහ ඔහුගේ දියණියට කොවිඩ් ආසාදනය වී ඇත. 30 August 2021
දිනේෂ් ප්‍රියන්තගෙන් ලෝක වාර්තාවක් ටෝකියෝ නුවරදී මේ දිනවල පැවැත්වෙන පැරලිම්පික් උළෙලේ එෆ් 46 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේදී නව ලෝක වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත අද (30 වැනිදා) සමත් විය. 30 August 2021
වරෙන්තුකරු අල්ලන්න ගිය පොලිසියේ දෙකකට පරහදිලා වරෙන්තු කරුවෙකුව අත්අඩංගුවට ගැනීම සදහා ගිය පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුට වරෙන්තුකරු පහර දීම හේතුවෙන් ප්‍රතිකාර සදහා වනාතවිලළුව ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇති බව වනාතවිල්ළුව පොලීසය කියයි. 30 August 2021
තබ්බෝවෙන් ගිනි අවි සමග හතරක් මාට්ටු නීති විරෝධී ගිනි අවි 2ක් ඇතුළු උපකරණ තොගයක් සමග සැකකරුවන් සිව් දෙනකු තබ්බෝව අභයභූමියේ ස්ථාන දෙකකදී අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය කියයි. 30 August 2021
ශ්‍රී ලාංකිකයන්ට කටාරයේ වැඩි රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයින් සඳහා කටාර් රාජ්‍යයේ වැඩි රැකියා අවස්ථා ලබා දීමට එරට රජය අපේක්ෂාවෙන් පසුවන බව ශ්‍රී ලංකාවේ කටාර් තානාපති ජසින් බින් ජාබීර් ජසීම් අල් සොරූර් මහතා පැවසීය. 30 August 2021
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සිරින්ජර් ලක්ෂ 20ක් ලබ දෙයි එන්නත්කරණය සදහා ශ්‍රී ලංකාවට අවශ්‍යව තිබූ සිරින්ජර් ලක්ෂ 20 ක් ලබා දුන් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය කියා සිටී. 30 August 2021
විටින් විට අදත් වැස්ස සබරගමුව සහ මධ්‍යම පළාත්වල අද විටින් විට වැසි හා බස්නාහිර, වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 30 August 2021
වැසි හා සුළංවලින් පවුල් 191ක 848 පිඩාවට දිවයිනේ දිස්ත්‍රික්ක හතරකට ඊයේ (29) ඇතිවූ තද වැසි සහ තද සුළං හේතුවෙන් පවුල් 191 කට අයත් 848 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 30 August 2021
පුත්තලමේ කැලෑ කපා නැවත වගා කරන්න යයි වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් එම දෙපාර්තුමේන්තුවට අයත් ස්භාවික රක්ෂිත වනාන්තර පද්ධතියට අයත් පුත්තලම හා කරුවලගස්වැව පිහිටි කැලෑ පද්ධතියෙන් හෙක්ටයාර් 100 ක භුමියක් සම්පූර්ණයෙන් කපා නැවත වන වගාවකට සැරසෙන බව පරිසරවේදීහු චෝදනා කරති. 30 August 2021
ෆයිසර් එන්නත් තවත් 150,000 කටුනායකට ඇමෙරිකානු ’’ ෆයිසර් ’’ වර්ගයේ තවත් එන්නත් 150,000 ක පමණ තොගයක් අද දින අලුයම කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ. 30 August 2021
ඉදිකරමින් තිබූ නිවෙසේ බිත්තියක් වැටී දරුවකු මරුට දර්ගා නගරය වැලිපිටිය එස්.එම් .පාර ප්‍රදේශයේ ඉදිකරමින් තිබූ නිවසක ගල් බැම්මක් ඇඟට වැටී 9 හැවිරිදි පාසල් සිසුවකු මියගොස් ඇතැයි අලූත්ගම පොලිසිය කියයි . 29 August 2021
සුළං බලාගාරයේ කණුවක ගින්නක් පුත්තලම - කල්පිටිය මාර්ගයේ නාරක්කල්ලිය මුහුද ආසන්නයේ ගොවි බිම අතර පිහිටි සුළං විදුලි බලාගාරයක සුළං බල කණුවක අද සවස හට ගත් ගින්නකින් එහි පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව නොරොච්චෝලේ පොලීසිය කියයි. 29 August 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026