(යොහාන් භාසුර)

කෙරවලපිටිය, කැලණිතිස්ස සහ සොජිට්ස් යන විදුලි බලාගාරයන්ට ඉන්ධන මෙටි්‍රක්ටොන් 6,000 කට ආසන්න ප්‍රමාණයක් ලංකා ඛනිජ තෙල් සංස්ථාව ලබාදුන් බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම ඉන්ධන ලැබීමත් සමඟ බලාගාර තුනේම විදුලි ජනනය ආරම්භ කළ බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.