රටේ අපරාධ රැල්ලක් නෑ ඇතමුන් පෙන්නුම් කිරීමට උත්සාහ කරන ආකාරයේ අපරාධ රැල්ලක් රටේ නොමැති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය. 11 August 2025
නව පක්ෂ හදන්න මැකෝට දුන් අයදුම්පත් හතළිහක් කුණු කූඩෙට නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කෙරුණු අයදුම්පත් 77 කට අසන්න ප්‍රමාණයකින් 40 කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතික්ෂේප කෙරුණු බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. 11 August 2025
කුරුඳුගහ පිවිසුමේ ලොරියක් ගිනි ගනී දකුණු අධිවේගි මාර්ගයේ කුරුඳුගහහැතැප්ම පිටවීමේ දී ලොරි රථයක් පෙරළී ගිනි ගැනීමෙන් එහි ගමන් ගත් තිදෙනකු පිළිස්සුම් තුවාල සහිතව රෝහල් ගත කළ බව පොලිසිය කියයි. 11 August 2025
ලේවැල්ලේ ගුවන් යානා නාශක ජීව උණ්ඩ වත්තේගම, ලේවැල්ලේගම ප්‍රදේශයේ නිවෙසකට යන මාර්ගයේ තැපැල් පෙට්ටිය අසල තිබී ගුවන් යානා නාශක ජීව උණ්ඩ 2 ක්, මූනිස්සමක්, ටී 56 සරඹ උණ්ඩ 2 ක් සහ ටී 56 ටූල් කිට් එකක් ඊයේ (10) සොයාගත් බව වත්තේගම පොලිසිය පවසයි. 11 August 2025
දියේ ගිලී විදෙස්කත මරුට මොරගල්ල මුහුදේ දියනාමින් සිටි තායිලන්ත ජාතික කාන්තාවක දියේ ගිලී මියගොස් ඇති බව අලුත්ගම පොලිසිය සදහන් කරයි . 11 August 2025
වැඩි මිලට වාහන අලෙවි වන රටවල් අතරින් ලංකාව තෙවන තැනට ලෝක බැංකු දත්ත වාර්තාවලට අනුව ලෝකයේ වාහනයක් මිලදී ගැනීම සඳහා මිල අධිකම වෙළෙඳපොළවල් තිබෙන රටවල් අතර තෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිවන බව ඇඩ්වොකාටා ආයතනය සිය මුහුණු පොතේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය. 11 August 2025
වසර 32කට පසු ජාතික තරුණ සමුළුවක් වසර 32කට පසු ජාතික තරුණ සමුළුවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය. 11 August 2025
ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යත්ව ගත් ඇමැති දූ පුතුන්ට රතු නිවේදන දුප්පත් ජනතාවට සෞඛ්‍යාධාර ලබාදීම වෙනුවෙන් පිහිටුවන ලද ජනාධිපති අරමුදලෙන් විදේශ ශිෂ්‍යත්ව ලබාගත් බව කියන මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලඥයන්ගේ දරුවන් ඇතුළු ඥාතීන්ගෙන් එම මුදල් කඩිනමින් අය කරගැනීම සඳහා රතු නිවේදන ළඟදීම යැවීමට බලාපොරොත්තු වන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. 11 August 2025
බොරැල්ලේ වෙඩි තැබීමට තිදෙනෙක් මාට්ටු බොරැල්ල සහස්‍රපුර ප්‍රදේශයේදී පුද්ගලයන් පස්දෙනාට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි උදය කුමාර වුට්ලර් මහතා පැවසීය. 11 August 2025
තැනින් තැනට සිහින් වැස්සක් බස්නාහිර, වයඹ, සහ සබරගමුව පළාත්වලත නුවරඑලිය, මහනුවර,ගාල්ල සහ මාතර දිස්ත්‍රිකකවලත සිහින වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව කියයි. 11 August 2025
ලොව සංචාරක රූ රැජින ආදිත්‍යා දිවයිනට පිලිපීනයේ පැවති ’’ මිස් ටුවරිසම් යුනිවර්ස් - 2025 ’’ ( Miss Tourism Universe ) තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ආදිත්‍යා වැලිවත්ත , එහිදී ’’ ජාත්‍යන්තර සංචාරක රූ රැජින ( Queen of the International Tourism ) ලෙස කිරුළ දිනා ගත්තාය 11 August 2025
‘ඩේලි මිරර්’ - ‘ඩේලි එෆ්ටී’ ජනප්‍රියතම සම්මාන ලබයි ‘ලන්ඩන් ව්‍යාපාරික උපදේශන ආයතනය’ සංවිධානය කළ ලෝක ව්‍යාපාරික විශිෂ්ඨතා සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ඉංග්‍රීසි පුවත්පත ලෙස ‘ඩේලි මිරර්’ පුවත්පතට ද, ශ්‍රී ලංකාවේ හොඳම ව්‍යාපාරික පුවත්පත ලෙස ‘ඩේලි එෆ්ටී’ පුවත්පතට ද, සම්මාන හිමිවිය. 10 August 2025
ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම පුවත්පත ‘ලංකාදීප’ ‘ලන්ඩන් ව්‍යාපාරික උපදේශන ආයතනය’ සංවිධානය කළ ලෝක ව්‍යාපාරික විශිෂ්ඨතා සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම පුවත්පත ලෙස ‘ලංකාදීප’ පුවත්පතට සම්මාන හිමිවිය. 10 August 2025
වීසා ගාස්තු නිදහස් කිරීම නිවැරදි තීරණයක් තවත් රටවල් 40 ක සංචාරකයන් සඳහා වීසා ගාස්තු නිදහස් කිරීමට රජය ගත් මෑත කාලීන තීරණය නිවැරදි තීරණයක් බවත් සංචාරක ව්‍යාපාරය හරහා මෙරටට ඇති ආර්ථික අවස්ථා සම්පූර්ණයෙන්ම විවෘත කර ගැනීම සඳහා වීසා ලබාදීමේ ක්‍රියාවලිය පුළුල් ලෙස ලිහිල් කරන ලෙස ඉල්ලා සිටින බවත් ඇඩ්වොකාටා ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පසුගියදා ප්‍රකාශ කළේය. 10 August 2025
සා.පෙළට, උ.පෙළට දින නියම කරයි 2025 අ.පො.ස. උසස් පෙළ විභාගය ලබන නොවැම්බර් මස 10 වැනි දින ආරම්භ කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මිය පැවසුවාය. 10 August 2025
ගාසාවේ දරුවන් 100 කුසගින්නේ මැරිලා කුසට ආහාරයක් නොමැතිවීම හේතුවෙන් ගාසා තීරයේ තවත් 5 දෙනකු මියගොස් ඇතැයි අල්-ජසීරා පුවත් සේවය වාර්තා කළේය. 10 August 2025
ගාල්ල ධීවර වරායේ ගින්නක් ගාල්ල ධිවර වරායේ ගාල්කොට තිබු පැරණි භාවිතයට නොගත් බෝට්ටු කිහිපයක අද (10) පෙරවරුවේ ඇති වු ගින්නක් හේතුවෙන් බෝට්ටු හතරක් දැවි විනාශවි ගොස් ඇති බැව් ගාල්ල වරාය පොලිසිය පවසයි. 10 August 2025
එස් අයි වෙඩි වැදී මිය ගිහින් වීරගුල පොලිස්ථානය තුළදී උප පොලිස් පරීක්ෂකවරයකුට වෙඩි වැදී මියගොස් ඇතැයි පොලීසිය කියයි. 10 August 2025
බඹරු ඇන 5ක් රෝහලේ අනුරාධපුර,එච්.බි.සේමසිංහ මාවතේ පිහිටි උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ සේවකයන් පස් දෙනෙකු එම කාර්යාල භුමියේදි බඹර ප්‍රහාරයකට ලක්ව ඊයේ (09 රෝහල් ගත කළ බව අනුරාධපුර පොලිසිය කියයි. 10 August 2025
ආරක්ෂක නියෝජ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංගය හෙට බාරදෙයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව සමගි ජන බලවේගය ගෙන එන විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට හෙට බාරදීමට නියමිත බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය. 10 August 2025
ශිෂ්‍යත්වය අහවර කොට- මල් පිපිලා පොඩි හිත් වල 2025 පහ වසර ශිෂ්‍යත්ව විභාගය අද පැවැත්විණි. 10 August 2025
නීතී විරෝධී දැල් මගින් මසුන් ඇල්ලූ තිදෙනෙක් අල්ලයි මාදැල් ධීවර කර්මාන්තය සඳහා ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති කින්නියා මුහුදු තීරයේ කිලෝමීටර් එකහමාරක මුහුදු වපසරිය තුළ කෘතිම ආලෝක ධාරා සවිකල නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ තිදෙනෙකු අද (10) අත්අඩංගුවට ගත් බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව කියයි. 10 August 2025
දේශපාලනය ඈඳාගෙන යෞවන සමාජ වල රණ්ඩු ඇති කරගන්න එපා වසර හතළිහක් තිස්සේ තරුණ තරුණියන්ට ඉදිරියට එන්නට අත දුන් යෞවන සමාජ වල වර්තමානයේ උද්ගතව ඇති ප්රශ්නය දෙපාර්ශවය සාකච්ඡා කොට විසඳා ගන්නැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද කොළඹ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ඉල්ලා සිටියේය. 10 August 2025
හිටපු මන්ත්‍රී 499කගේ පැන්ෂන් අහෝසියි? මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත් කෙටුම්පත සම්මතවූ වහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 499 කගේ විශ්‍රාම වැටුප අහිමි වී යන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. 10 August 2025
ඕස්ට්‍රේලියා අග්‍රාණ්ඩුකාරවරිය තෙදින සංචාරය නිම කරයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව මෙරට නිල සංචාරයක නිරත වූ ඕස්ට්‍රේලියා අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් (Samantha Joy Mostyn) මහත්මිය ඇතුළු දූත පිරිස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් අද(10) පිටත්ව ගියාය. 10 August 2025
මත්පැන් හලට මාර්ගය වසා විරෝධය බණ්ඩාරගම අළුබෝමුල්ල රවුම් කඩේප්රදේශයේ ආරම්භ කිරීමට නියමිත මත්පැන් හලකට විරෝධය පාමින් මහා සංඝයා ප්රමුඛ පිරිසක් එක්ව අද(10) එම ස්ථානයේදී විරෝධතාවයක් පැවැත්වුහ. 10 August 2025
ජාතියේ අනාගතය තීරණය කරන හැටි ජනපති කියයි ජාතියේ අනාගතය තීරණය කිරීමේදී විද්‍යා හා තාක්ෂණයේ ජයග්‍රහණ මෙන්ම ඓතිහාසික උරුමයද උකහා ගත යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවරදී පැවැසීය. 10 August 2025
ගංවතුර හානි වැළක්වීමේ ව්‍යාපෘතියකට කෝටි 4 ක් අපතේ යවලා ආපදාකළමණාකරණ මධ්‍යස්ථානය මගින් ගලේවෙල ප්‍රා දේශිය සභාවට සහ ඒ අවට පොදු භුමියට සිදුවන ගංවතුර හානිය වලක්වාගැනිමේ ව්‍යාපෘතිය සදහා රුපියල් 43,297,181 වැයකොට ගලේවල මහජන ක්‍රිඩාංගනය හා ප්‍රේක්ෂකාගාරය අලුත්වැඩියා කළද මෙකි ව්‍යාපෘතියේ අපේක්ෂිත අරමුණු ඉටුවි නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත. 10 August 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025