
(කේ. බුද්ධික කුමාරසිරි)
පන්නිපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලකට එහි තාප්පයෙන් පැන නීති විරෝධී ලෙස ඇතුලු වී පාසලේ සිට් උසස් පෙළ සිසුන් දෙදෙනකුගේ ගෙලට තියුණු ආයුධයක් තබා මරණ තර්ජනය කර ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.
මෙවර උසස් පෙළ විභාගය සදහා මුහුණ දෙන සිසුන් පිරිසක් විද්‍යාලයේ පිට්ටනිය කෙළවරක තිබූ අඹ ගසකින් අඹ කඩා කමින් සිටියදී එම ස්ථානයට පැමිණි අසල නිවසක තරුණයකු එම සිසුන්ට බැණ වැදී ඇති බවත් පසුව සිසුන් පිරිස ද එම තරුණයාට "හූ" සංග්‍රහයක් සිදු කර පාසලට තුලට පැමිණ ඇතැයි ද අදාල පැමිණිල්ලෙහි සදහන් වේ.
පසුව සිසුන් පිරිස පාසල තුල සිටින විට පාසලේ තාප්පයක් උඩින් පැන පාසලට තුලට පැමිණ ඇති සැකකාර තරුණයා සිසුන් දෙදෙනකු අල්ලා ගෙන ඔවුන්ගේ ගෙලට කිණිස්සක් වැනි තියුණු ආයුධයක් තබා මරණ තර්ජනය කර ඇති බව විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනියක විසින් සිදු කළ පැමිණිල්ලෙහි සදහන් වන බවද කොට්ටාව පොලිසියේ උසස් නිළධාරියෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd