(බී.එච්.රම්‍යා) 

අහංගම මුහුදේ දිය නෑමටගිය ඉන්දියානු  ජාතික තරුණයෙකු (.18) දියේ ගිලීම හේතුවෙන්  මිය ගොස් ඇති බව අහංගම පොලිසිය පවසයි.

මෙම තරුණයා ඇතුළු පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ ඇති අතර එහිදී  අහංගම මුහුදේ දිය නෑමට යාමේදී  මෙම තරුණයා සහ තවත් තරුණියක දිය පහරට හසුව  ගසාගෙන ගොස්  දියේ ගිලී ඇත.

පසුව ප්‍රදේශවාසීන් එක්ව ඔවුන් බේරාගෙන ඇති අතර පොලිසිය සඳහන් කළේ  අදාල තරුණයා අහංගම ගොන්නගාහේන ප්‍රාදේශීය  රෝහලට ඇතුළත් කිරීමෙන් පසු  මියගොස් ඇති බවයි.