(සුජිත් හේවාජුලිගේ)

සියලු ගලඅඟුරු ගනුදෙනු විමර්ශනයට පත් කෙරැණු ජනාධිපති කොමිෂන් සභාවේ කටයුතු අද (22) ආරම්භ කෙරිණ.

එම කොමිෂන් සභා කාර්යාලය පිහිටුවා අැත්තේ කොළඹ අලුත්කඩේ අධිකරණ පරිශ්‍රයේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුතු කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකාරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න යන මහත්වරැ කටයුතු කරති.

රාජ්‍ය අමාත්‍යාංශ හිටපු ලේකම් පී.වී. බන්දුලසේන මහතා කොමිෂන් සභාවේ ලේකම් ලෙස පත් කරනු ලැබ සිටී. කොමිෂන් සභාව ඉකුත්දා පත් කරනු ලැබුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි.