
( රංජිත් රාජපක්ෂ )
නුවරඑලිය ප්‍රෙදේශයෙදි පුද්ගලයෙකුට ගිනි අවියක් පෙන්වා තර්ජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත හිටපු රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා අද (22) නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව දැඩි ඇප කොන්දේසි මත ඔහුව මුදා හරින්නැයි නුවරඑලිය මහේස්ත්‍රාත් පුෂ්පිකා ජයදාස මහත්මිය නියෝග කළාය.
සැකකරුට රුපියල් 25000ක මුදල් ඇපයක් , ලක්ෂ10ක ශරීර ඇපයක්ද නියම කළ මහෙස්ත්‍රාත්වරිය යළිත් මෙම නඩුව සැප්තැම්බර් මස 14 වන දින කැදවීමටත්, ගිනි අවිය නඩු භාණ්ඩයක් වශයෙන් අධිකරණය භාරයේ තබා ගැනීමටත් නියෝග කළාය.
සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දෙන ලෙසත් නියෝග කළාය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd