
(අංජුල මහික වීරරත්න)
රූපවාහිනී නාලිකා බලපත් කොන්දේසි කැඩුවොත් ඒ සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණ ආරම්භ කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා අද (22)පැවසීය.
ජාතික ආරක්ෂාව, ජාතික ආර්ථිකය සහ ජනතාවගේ සෞඛ්‍ය,ජාතික සමගිය සංහිඳියාව සම්බන්ධයෙන් බලපත්‍ර නිකුත් කිරීමේදී මාධ්‍ය ආයතන එකඟ වන කරුණු කඩ කළොත් ඒ සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාට පැමිණිලි ලැබුණු පසු අදාළ පාර්ශ්ව ගෙන්වා සාකච්ඡා කරන බවද අමාත්‍යවරයා කීය.
වැරදි තොරතුරු ප්‍රචාරය කරන.
මාධ්‍ය ආයතන වල නිවැරදි කිරීම් ප්‍රමාණවත් නැතිනම් කරන්නේ කුමක්දැයි ඊළඟට සාකච්ඡා කළ හැකි බවද නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.
ලාල් කාන්ත අමාත්‍යවරයා ජනමාධ්‍ය ආයතනයක් සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යංශයට කළ පැමිණිල්ලේ යථා තත්ත්වය කුමක්දැයි මෙහිදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නලින්ද ජයතිස්ස මහතා පැවසූයේ ලාල් කාන්ත ඇමතිවරයාගෙන් පමණක් නොව තවත් පැමිණිලි කිහිපයක්ම ලැබී තිබෙන බවයි.ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා ඒ ගැන අදාළ කටයුතුු කරනු ඇතැයි නලින්ද ජයතිස්ස මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැමිණිල්ලක් ලැබෙනකම්ම ඉන්නේ නැතිව, නිවැරදි විවරණ ක්‍රමවේදයකට අනුව බලපත්‍ර වාර්ෂිකව අළුත් කිරීමක් හඳුන්වා දෙන්න. එතකොට ඊළඟ වසරට අළුත් කරනවද, නැද්ද කියලා තීරණය කරන්න පුළුවන් - හැබැයි හැමෝටම එක හා සාධාරණව ක්‍රියාත්මක කරන්න. සෑම නාලිකවකින්ම කරන්නේ කාට හරි පහර ගහන එකයි තවත් කාගේ හරි අසූචි හෝදන එකයි විතරමයි. ඊට අමතරව මෙගා ටෙලිත් එක්ක ඉන්දියානු ව්‍යාප්ත වාදය සමගින් සමාජ වයිරය සහ ක්‍රෝධය හොසේට වපුරණ එකයි. වෙන මොකොවත්ම නෑ...
බොහොමයක් රූපවාහිනී නාලිකා රටකාපු හැතිකරේගේ අසූචි හෝදන්නේ අපේ රැකියාවටත් ඇඩ්රස් නැති වෙන්න
රුපියල් 80 කෝටියක වංචාවක් මහා බැංකුවේ වෙලා තියෙනවා. ආචාර්ය හර්ෂ කියල තියෙනවා මීට කලින් 5 සැරයක් වාරික ගෙවපු එකක් කියල. සමහරවිට වංචාව මේ වගේ කිහිප ගුණයක් වෙන්නත් බැරි නැහැ. එත් මේ ගැන තියෙන්නේ පුංචිම පුංචි පුවතක් විතරයි. ඊට කලින් තවත් බැංකුවක බිලියන 38ක් තරම් අති විශාල වංචාවක් වුනා. ඒ ගැනත් ප්රවෘත්ති බොහොම ටිකයි. මේ ඔක්කොම රටේ ආර්ථිකයට ඍජුවම බලපාන සිදුවීම්. ආණ්ඩුව මාධ්‍ය වාරණයක් කරනවවත්ද?