ජනාධිපති අරමුදලේ ඩිජිටල් වැඩසටහනට සම්මාන දෙකක් ජනාධිපති අරමුදලේ නව පරිපාලනය යටතේ ක්‍රියාත්මක වන ඩිජිටල්කරණ වැඩසටහන, කීර්තිමත් NBQSA (National Best Quality Software Awards) පරිගණක වැඩසටහන් සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගනිමින් සිය විශිෂ්ටත්වය තහවුරු කිරීමට සමත් විය . 11 October 2025
කඳුකරයේ දෙදාහකට නිවාස හිමිකම් කඳුකර මලයගම් ප්‍රජාවගේ නිවාසලාභීත්ව හිමිකම් පත් ලබා දීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රධානත්වයෙන් බණ්ඩාරවෙල මහජන ක්‍රීඩාංගනයේදී හෙට (12) සිදු කෙරේ. 11 October 2025
කලවානේ ළිඳකින් සිරුරක් හමුවෙයි කලවාන උතුරු වැද්දාගල , පහේ කණුව ප්‍රදේශයේ වත්තක තේ දලු මඩුවක් අසල ළිඳක තිබි මළ සිරුරක් අද (11) සොයා ගත් බව කලවාන පොලිසිය පවසයි. 11 October 2025
නෙලු බලන්න එනවා නම් නීති රකින්න හෝර්ටන් ජාතික වන උද්‍යානයේ නෙළු වසන්තය නැරඹීමට පැමිණෙන්නේ නම් ජාතික උද්‍යානයේ පවතින නිතී රීති අනුව කටයුතු කළ යුතු බව හෝර්ටන්තැන්න ජාතික උද්‍යාන භාරකාර සිසිර රත්නායක මහතා පැවසිය. 11 October 2025
විදුලි බිල ගැන කොමිසමේ තීරණය 14 දා විදුලි බිල සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව සිය අවසාන තීරණය ලබන 14 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. 11 October 2025
විදුලි රැහැනක පැටලි වන අලියකු පොළොන්නරුව වැලිකන්ද රුහුණකෙත ගම්මානයේ,ගෙවත්තක බව භෝග ආරක්ෂාවට ඇද තිබූ විදුලි රැහැණක පැටලි අද (11) වන අලියෙකු මියගොස් ඇති බව වැලිකන්ද වැලිකන්ද පොලිසිය පවසයි. 11 October 2025
විමල්ට නැවත කැඳවීමක් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට හෙට (12) පෙරවරු 10 ට පැමිණෙන ලෙසට විමල් වීරවංශ මහතාට දන්වා ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි. 11 October 2025
තදබදයෙන් බන්ධනාගාර පුපුරයි බන්ධනාගාර ගොඩනැගිලිවල ඇත්තටම මනුස්සයෙකුට ජීවත් විය නොහැකි තත්වයක් පවතින බව අධිකරණ ජාතික ඒකාබද්ධතා සහ බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය. 11 October 2025
අද වහින පළාත් මෙන්න නැගෙනහිර,ඌව,මධ්‍යම පළාත්වලත් පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 11 October 2025
ඉරාන තෙල් ලංකාවට දුන් සමාගම් 2කට ඇමෙරිකාවෙන් සම්බාධක ඉරාන ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් ශ්‍රී ලංකාවට නැව්ගත කිරීමට පහසුකම් සැලසූ සමාගම් දෙකක් ඇතුළු ඉරානයේ තෙල් හා ඛනිජ රසායනික වෙළෙඳාමට සම්බන්ධ පුද්ගලයන්, ආයතන සහ නැව් 50 කට ආසන්න ප්‍රමාණයක් ඉලක්ක කර ගනිමින් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගියදා සම්බාධක පැනවූවේය. 11 October 2025
සයිනොපෙක් තෙල් පිරිපහදුව ගිවිසුමට සීමාවෙයි? අවබෝධතා ගිවිසුම අත්සන් තබා මාස නවයකට ආසන්න කාලයක් ගතවී ඇතත් ඇමෙරිකානු ඩොලර් බිලියන 3.7 ක වටිනාකමින් යුත් සයිනොපෙක් තෙල් පිරිපහදුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් තවමත් අත්කර ගෙන නැතැයි ආරංචි මාර්ග ඊයේ (10) ප්‍රකාශ කළේය. 11 October 2025
“ඇප ලැබෙන විදිහට බඩු නොදැම්මොත් මරනවා” සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු බව කියන කොස්ගොඩ සුජී නමැත්තාගේ මත්කුඩු ජාවාරමේ නිරතව සිටි කාන්තාවක අත්අඩංගුවට ගත් අහුංගල්ල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට දුරකතනයෙන් මරණ තර්ජන කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අහුංගල්ල පොලිසිය පවසයි. 10 October 2025
ලොකු ලූණු අස්වැන්න කුණු ගොඩට අනුරාධපුර ගලෙන්බිදුණුවැව ගොවීන් යල කන්නයේ වගා කළ අක්කර දහස් ගණනක ලොකු ලූනු අස්වැන්න නිවෙස්වල ගොඩ ගසා තිබීමෙන් කුණු වී කිලෝ දහස් ගණනක් ඉවත දැමීමට සිදුව ඇතැයි හුරුළුනිකවැව ගොවීහු පවසති. 10 October 2025
20න් පසු පියයුරු පරීක්ෂාවක් කර ගන්න මෙරට සෑම දිනකම කාන්තාවන් 15ක් පියයුරු පිළිකාවට ගොදුරුවන බැවින් වයස අවුරුදු 20න් පසුව සෑම මසකම ස්වයං පියයුරු පරීක්ෂාවක් කර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහන සඳහන් කරයි. 10 October 2025
ආනන්ද සාගරට විදෙස් ගමන් තහනමක් ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ හිටපු සභාපති ආනන්ද සාගර මහතාට විදෙස් ගමන් තහනමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන් වරුස විතාන මහතා අද (10)නිකුත් කළේය. 10 October 2025
තේ කම්හල් 106ක් වැහිලා විවිධ හේතු මත තේ කර්මාන්තශාලා 106ක් පසුගිය වසර හතේදි වැසී ගොස් ඇතැයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යා රත්න මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 10 October 2025
නොබෙල් සාම ත්‍යාගය වෙනිසියුලා විපක්ෂ නායිකාවට වෙනිසියුලානු විපක්ෂය නායිකා ප්රජාතන්ත්රවාදී ක්‍රියාකාරිනී මාරියා කොරිනා මචාඩෝට නොබෙල් සාම තෑග්ග හිමි වූවාය. 10 October 2025
කෙහෙළියට අල්ලසෙන් තවත් නඩුවක් ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍ය ධූරයන් දැරූ අවධියේ සිය පුද්ගලික කාර්ය මණ්ඩලයට දේශපාලන හිතවතුන් 15දෙනෙකු නාමිකව බඳවා ගනිමින්, එම සේවකයින්ට වැටුප් හා අතිකාල දීමනා ලෙස ගෙවූ රුපියල් ලක්ෂ අසූවක් අවභාවිතා කරමින් රජයේ මුදල් සපරාදී සාවද්‍ය පරිහරණය කලේ යැයි කියන හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන්ට කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසම අද(10) 10 October 2025
නව අමාත්‍යංශ ලේකම්වරයෙක් පත් වෙයි ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී.කේ. පෙරේරා මහතා පත් කර තිබේ. 10 October 2025
වාහන ආනයනකරුවන්ගේ පෙත්සමට දින දෙයි මෙරටදී ණයවර ලිපි විවෘත කර වෙනත් රටකින් වාහන ආනයනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින වාහන මුදා හරින නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා වාහන ආනයනකරුවන් ගොනුකර ඇති රිට් පෙත්සම් සමථයට පත් කිරීමට ඇති හැකියාව සොයා බැලීම සඳහා පෙත්සම් ලබන 14 වැනිදා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (10) නියම කළේය. 10 October 2025
ළමා නීතියට කාදිල් හිමියෝ අසතුටින් දරුවන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් යෝජිත පනත ක්‍රියාත්මක කිරීමේ දී බටහිර ලෝකයේ රටවල්වලට හොඳයි කියන සියලුම නීති ලංකාවට නොගැලපෙන බව බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ කොළඹදී පැවසූහ. 10 October 2025
කබ්රාල්ට එරෙහි නඩුව විභාගයට දින ඉදිරියේදී ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව දැන දැනම ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් කළ බවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු පස්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිෂම පවරා ඇති නඩුවේ පූර්ව නඩු විභාගය කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා නඩුව විභාග කිරීම සඳහා ඉදිරියේදී දින නියම කරන බව අද (10) දැනුම් දුන්නේය. 10 October 2025
ඇමති මණ්ඩල සංශෝධනය කළ හේතුව කියයි අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කරන ලද්දේ රජයේ සංවර්ධන ඉලක්ක වේගවත් සහ කාර්යක්ෂම කිරීම වෙනුවෙන් බව ජනාධිපති කාර්යාලය පවසයි. 10 October 2025
වාරියපොල කසල නසන්න ලොකු වැඩක් අරඹයි ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන යටතේ දිවයින පුරා අපද්‍රව්‍ය කළමනාකරණය විධිමත් කිරීමේ තවත් පියවරක් සනිටුහන් කරමින්, වාරියපොළ නව ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානයක් (MRF) ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරිණි. 10 October 2025
අතුරුදන් වු සිසුන් දෙදනාගේ සිරුරු මහවැලි ජලාශයේ තැන්නේකුඹුර ප්‍රදේශයේදී අතුරුදන් වු බව කියන පාසල් සිසුන් දෙදෙනාගේ මළ සිරුරු තැන්නේකුඹුර පාලමේ සිට කිලෝමීටර් 2 1/2ක් පමණ දුරින් ගුරුදෙණිය ප්‍රදේශයේ මහවැලි ජලාශයේ තිබී හමු වූ බව පොලිසිය කියයි. 10 October 2025
කැනඩා යවන බව කියා ලක්ෂ 149ක් ගැරූ කෙනෙක් දැලේ කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 149 ක මුදලක් වංචා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 10 October 2025
ඝාතනයක් සම්බන්ධයෙන් අයෙක් අල්ලයි මත්ද්‍රව්‍ය ආරවුලක් මත කොටහේන ආමර්බාබර් හන්දිය අසලදී කිසියම් පිරිසක් විසින් පුද්ගලයකු පැහැරගෙන ගොස් ඝාතනය කර ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ඇළක දැමූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ බාල සහෝදරයා සැකපිට අත්අඩංගුවට ගත් බව කොටහේන පොලිසිය පවසයි. 10 October 2025
නිධානයක් ගන්න ගිහින් පොලිසියට මාට්ටු ඉඟිණියාගල කොක්නහර ප්‍රදේශයේ නිවසක් පිටුපස පුරාවස්තු සෙවීමේ අරමුණින් ගලක් කඩමින් සිටි සිව්දෙනකු අම්පාර පොලිස් කොට්ථාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් අද පෙරවරුවේ අත්අඩංගුවට ගැනිමට සමත්ව ඇත. 10 October 2025
දිස්ත්‍රික්ක දොළහක මී උණ අධි අවදානමක් රට පුරා මී උණ අධි අවදානම් දිස්ත්‍රික්ක දොළහක් හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය. 10 October 2025
වතු කම්කරුවන්ගේ වැටුප 1700ක් දක්වා ඉහළට? වතු කම්කරුවන්ගේ වැටුප 1700ක් දක්වා වැඩි කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යා රත්න මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 10 October 2025
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත... 11 March 2026