(ටී.කේ.ජී.කපිල )
රුපියල් හය කෝටි හතලිස් ලක්ෂ දස දහසක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි විදේශීය සමාජ මාධ්‍යවේදීන් දෙදෙනෙකු අද(20) අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් දෙදෙනා ඉන්දුනීසියානු ජාතික සමාජ මාධ්‍යවේදීන් දෙදෙනෙකු වන අතර , පිරිමි මාධ්‍යවේදීයා 22 හැවිරිදිය . අනෙක් සමාජ මාධ්‍යවේදිනිය 30 හැවිරිදිය .
ඔවුන් මෙම " කුෂ්" මත්ද්‍රව්‍ය තොගය , තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන , ඒවා ඉන්දියාවේ බැංගලෝර් නුවර වෙත රැගෙන විත් , එතැන් සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6.ඊ.- 1183 දරන ගුවන් යානයෙන් 04/20 දින අලුයම 12.53 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
එහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 02 ක් තුළ පැකැට් 05 ක් ලෙස සකස් කළ " කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 06 ග්‍රෑම් 401 ක් සගවා ගෙන තිබුණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම වරදට ඉන්දුනීසියාවේ දඬුවම? අපේ රටේ , තරුණ පරපුරට ,පාසල් දරුවන්ට කරන විනාශයට -මේ මත් වෙළඳාමට දෙන දඬුවම් මදි මේ ක්‍රමය නිසා... ඍජු වින්දිතයන් වෙන්නේ පාසල් දරුවන්, තරුණයින් සහ ඔවුන්ගේ පවුල්. ඊට අමතරව රටේ අනෙකුත් ප්රජාවන්ගේ දේපල හා ජීවිත ආරක්ෂාව, රටේ මුදල් බිලියන ගණනින් කළු සල්ලි විදියට එළියට යාම...