රේණුකා පොලිස් කොමිසමෙන් අස්වෙයි රේණුකා ඒකනායක මහත්මිය ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇත 12 August 2025
තල් ලොක්කා ගෙදර යයි තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති වී. සගාදේවන් මහතා එම තනතුරින් ඉල්ලා අස්වී ඇත. 12 August 2025
කෝටිය මත්ද්‍රව්‍ය සමඟ අඹු සැමි යුවළක් ඇතුළු තිදෙනකු අල්ලයි පාතාල කල්ලි නායකයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මන්දිනු පද්මසිරි පෙරේරා නොහොත් කෙහෙල් බද්දර පද්මෙ නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ අඹු සැමි යුවළක් ඇතුළු තිදෙනෙක් රුපියල් කෝටියකට ආසන්න වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි. 12 August 2025
කෝටි දෙකක මත්ද්‍රව්‍ය සමඟ දෙන්නෙක් මාට්ටු රුපියල් කෝටි දෙකහමාරකට වැඩි වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සමගින් සැකකරුවන් දෙදෙනෙකු අද (12) දින අලුයම මීගොඩ ඕවිටිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි 12 August 2025
උසස්පෙළ සිසුවියගේ සිරුර ළිඳකින් හමුවෙයි වවුනියාව, වෙෙරවපුලියංකුලම් හි පෞද්ගලික උපකාරක පංති පැවැත්වෙන ස්ථානයක ළිඳක්තුල තිබි මියගිය උසස්පෙළ සිසුවියකගෙ සිරුරක් ඊයේ (11)සවස සොයාගත් බව වවුනියාව පොලිසිය කියයි 12 August 2025
පොලිස්පති තෝරන ව්‍යවස්ථා සභා රැස්වීම අද මීළඟ පොලිස්පති තනතුරට ජනාධිපතිවරයා විසින් නිර්දේශ කෙරුණු වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නාම යෝජනාව සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ රැස්වීමක් අද පස්වරු 1.30ට පැවැත්වේ. 12 August 2025
බස්-ටිපර් අනතුරින් 28 ක් රෝහලට: ටිපරය බටුඔය පාලමෙන් පහළට කොළඹ - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය, බටුඔය පාලම අසලදී පෞද්ගලික බස්රථයක් ඉදිරියෙන් පැමිණි ටිපර් රථයක ගැටී අද(12) අලුයම 3.30 ට පමණ සිදුවූ අනතුරකින් පුද්ගලයන් 28 දෙනකු තුවාල ලබා පොළොන්නරුව, මින්නේරිය සහ හිගුරක්ගොඩ යන රෝහල්වලට ඇතුළත් කර ඇති බව මින්නේරිය පොලිසිය කියයි. 12 August 2025
තැනින් තැනට වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තනේතුව කියයි. 12 August 2025
මොරටුවට ලාදුරු බියක් මොරටුව එගොඩ උයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයෙන් ලාදුරු බවට සැක කෙරෙන රෝගීන් 23 පසුගිය මාස හයක කාලයේදී වාර්තා වී ඇති අතර එයින් හය දෙනකුම දරුවන් බව එගොඩ උයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. 12 August 2025
වැඩබලන පොලිස්පතිගේ පැටිකිරිය සොයයි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සම්බන්ධයෙන් විස්තර වාර්තා එවන්නැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අධිකරණය, ජාතික පොලිස් කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඇතුළු ආයතන කිහිපයකට දැනුම්දි ඇත. 12 August 2025
දුම්රිය අබලි යකඩ හොර පාරෙන් යෑමේ සූදානමක්? දුම්රිය දෙපාර්තුමේන්තුව භාවිතයෙන් ඉවත් කළ දුම්රිය මැදිරි ඇතුළු අබලි යකඩ මෙටි්රක්ටොන් 6,000 ක පමණ විශාල ප්‍රමාණයක් ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ප්‍රධාන පෙළේ යකඩ සමාගම් දෙකකට විකිණීමට සූදානම් වන බවට මෙරට ප්‍රධාන ආයතනයක නිලධාරියෙක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණි කර තිබේ. 11 August 2025
පරාක්‍රම සමුද්‍රයේ ඔරුපදින්න ගිය පිය පුතු ගිලී මරුට පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ අද සවස 5.30ට ඔරු පැදීමට ගිය පිය පුතු දෙපළකට ඔරුව පෙරළී පරාක්‍රම සමුද්‍රයේ ගිලි මිය ගොස් ඇතැයි බව පොළොන්නරුව පොලිසිය කියයි. 11 August 2025
තොරතුරු පද්ධතිය හාන්සි: සමාගම් ලියාපදිංචිය කොටඋඩ තොරතුරු පද්ධතිය බිඳවැටීම හේතුවෙන් සමාගම් රෙජිස්ටර් කාර්යාලයේ සමාගම් ලියාපදිංචි කටයුතු සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය. 11 August 2025
රැකියා විරහිත උපාධිධාරීහු පැලවත්ත වටලති වර්තමාන ආණ්ඩුව පොරොන්දු වූ පරිදි රැකියා දෙන ලෙස බලකරමින් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය පැලවත්තේදී අද (11) පැවැත්වූ විරෝධතාව අතරතුරදී විරෝධතාකරුවන් සහ පොලිසිය අතර නොසන්සුන්කාරී තත්වයක් ඇති විය. 11 August 2025
කෝටි 11ක රන් කටුනායකින් අල්ලයි රුපියල් එකොළොස් කෝටි පනස් ලක්ෂයක් වටිනා පවුම් 408 ක් බරැති රන් බිස්කට් 28 ක් , මෝටර් රථ අමතර කොටස් තුළ සගවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අද (11) පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ . 11 August 2025
තරුණ එක්දරු මවට හදි කළ වෛද්‍යවරයා වසර 15ක් සිරගෙට 25 හැවිරිද එක්දරු මවක සිය ශරීරය තුළ තැන්පත් කළ උපත් පාලන ලූපයක් ඉවත් කර ගැනීමට වෛද්‍ය මධ්‍යස්ථානයට ගිය තරුණ මවගේ ලූපය ඉවත් කරන මුවාවෙන් ඇය දූෂණය කිරීමේ චෝදනාවට වරද කරුවූ වෛද්‍යවරයකුට වසර 15ක සිරදඬුවමක් නියම කළ අනුරාධපුර මහාධිකරණ විනිසුරු ආචාර්ය නලීන් ද හේවාවසම් මහතා පැමිණිළිකාරියට මුදලින් රුපියල් ලක්ෂ පහළොවක වන්දියක් ගෙවන ලෙස ද අද නියෝග කළේය. 11 August 2025
ඊශ්‍රායලය - පලස්තීනය රටවල් දෙකක් ලෙස පිළිගත යුතුයි ඊශ්‍රායලය සහ පලස්තීනය රටවල් දෙකක් ලෙස පිළිගත යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 11 August 2025
මැතිසබේ වින්දිත නිලධාරිනියගෙන් පැය 5ක ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් කාන්තාවන්ට සිදුවී ඇතැයි පැවසෙන හිංසන ක්‍රියා සහ අඩන්තේට්ටම් සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතුකමිටුව වින්දිත නිලධාරිනියගෙන් අද (11) පැය පහකට වැඩි කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තේය. 11 August 2025
දරුවන් අතර මී උණ පැතිරීමේ අවදානමක් දරුවන් අතර මී උණ රෝගය සීඝ්රයෙන් පැතිර යාමේ අවදානමක් මේ දිනවල පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය. 11 August 2025
ගෙවුණු මාස 07ට ’’අයිස්’’ කිලෝ 1402ක් අත්අඩංගුවට මේ වසරේ ජනවාරියේ සිට අද (11) දක්වා රට පුරා කළ වැටලීම් වලින් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 934.55ක ප්‍රමාණයක්ද අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1402.976ක් සහ ගංජා මත්ද්‍රව්‍ය කිලෝ 11620.068ක් අත්අඩංගුව ගෙන ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය කියයි. 11 August 2025
ගීත ගැන බුද්ධිමය දේපළ නීතිය අලුත් කරන්න කමිටුවක් ලංකාවේ ගීත ක්ෂේත්රයට අදාළ බුද්ධිමය දේපළ නීතිය යථාවත් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර තිබේ. 11 August 2025
ඉල්මනයිට් සේදීමේ ස්ථානය පොලිස් භාරයට විල්පත්තුව ජාතික වන උද්‍යානය මායිමේ අරුවක්කාඩුව පුරා විද්‍යා අධි සංවේදි පරිසර පද්ධතියක් තුළ නිසි නිත්‍යානුකුල අවසරයකින් තොරව පවත්වාගෙන ගිය ඉල්මනයිට් සේදීමේ ස්ථානය වලාන පානදුර මධ්‍යම දුෂණ ප්‍රහාරක බළකාය අදාල පරික්ෂණ අවසන් වන තුරු පොලිස් භාරයෙ තැබිමට පුත්තලම දිසා විනිසුරු මිහිල් චිරන්ත සතුරුසිංහ මහතා 11 දින නියෝග කළේය. 11 August 2025
මෙරට හැඳුනුම්පත්වලට විදේශිකයන්ට ඔඩිසි ටිකට් අරන් අමාරුවේ මහනුවර සිට බදුල්ල දක්වා දිනපතා ධාවනය වන ඕඩිසි දුම්රියට සංචාරක සමාගම් සංචාරයට එක්වන විදේශීකයාගේ ගුවන් ගමන් බලපත්‍රයේ අංකය සදහන් නොකර මාර්ගගත ක්‍රමයට ලබා ගත් දුම්රිය ප්‍රවේශපත්‍රවලට විදේශීය සංචාරකයන් රැගෙන නොයෑමෙන් විදේශිකයින් දැඩි ලෙස පීඩාවට පත් වීය. 11 August 2025
සෞඛ්‍ය සේවකයා රජ්‍ය සේවකයකුට එහා ගිය නිලධාරියෙක් කරනවා සෞඛ්‍ය සේවකයා රජයේ සේවකයකුට එහා ගිය නිලධාරියෙක් බවට පත් කිරීම බලාපොරොත්තුව බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතා පැවැසීය. 11 August 2025
රජය සතු ඉඩම්වල දත්ත පද්ධතියක් හදයි රජය සතු ඉඩම් වල පවතින ව්‍යාකූලතා කඩිනමින් නිරවුල් කර ගනිමින් දත්ත පද්ධතියක් සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 11 August 2025
මාරුවීම් සදහා හොද ක්‍රමවේදයක් ගුරු අධ්‍යාපනඥ සේවයේ සහ අධ්‍යාපන පරිපාලන සේවයේ ස්ථානගත කිරීම් සහ මාරුවීම් සඳහා වඩාත් යහපත් ක්‍රමවේදයක් සකස් කරන බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පැවසුවාය 11 August 2025
වරාය අධිකාරියට කෝටි 5ක පාඩුවක් ගැන පැමිණිල්ලක් රුපියල් මිලියන 50 ක් හෙවත් රුපියල් කෝටි 5 කට අධික මුදලක් වැය කර ඉදිරිකළ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ගේට්ටු සහ පිවිසුම් මාර්ග පද්ධතිය පෞද්ගලික පර්යන්තවලට වාසිවන පරිදි වෙනස්කිරීමෙන් රාජ්‍ය මුදල් රුපියල් කෝටි 5 කට අධික මුදලක් නාස්තිවන්නේ යැයි වරාය වෘත්තීය නායකයෙක් වන ශ්‍යාමල් සුමනරත්න මහතා අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමට අද (11) පැමිණිල්ලක් කළේය. 11 August 2025
රටේ කැබිනටුව සාමූහික වගකීම ඉටු නොකරන බව ඔප්පු වුණා සුප්රීන් සැට් රොකටුව සම්බන්ධයෙන් අගමැති හරිනි සහ ඇමති වසන්ත පාර්ලිමේන්තුවේ දී දුන් පරස්පර උත්තර වලින් පෙනෙන්නේ රටේ කැබිනට් මණ්ඩලය සාමූහික වගකීම ඉටු නොකරන බව යැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මාධ්‍ය හමුවකදී පැවසුවාය. 11 August 2025
සහස්පුර වෙඩි තැබූවන්ට අධිකරණය දුන් නියෝගය බොරැල්ල සහස්පුර සිරිසරඋයන මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට අත් අඩංගුවට ගත් පළමු සැකකරු ලබන 25 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ කොළඹ ප්‍රධාන තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය ආධාර අනුබල දුන්නේ යැයි කියන තවත් සැකකරුවන් තිදෙනෙකු පැය 24 ක් පොලිස් භාරයේ රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නාය. 11 August 2025
ආරක්ෂක නියෝජ්‍ය ඇමතිට විශ්වාසභංගය භාරදීම හෙටට කල්යයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාව කතානායකවරයාට හෙට භාර දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා පැවසීය. 11 August 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025