පවුම ලක්ෂ තුන හමාරකට ආසන්න වෙයි ශ්‍රී ලංකාව තුළ රත්තරන් මිල රුපියල් 5,000කින් අද (15) දිනයේ ඉහළ ගොස් ඇතැයි කොළඹ හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති. 15 October 2025
කම්කරු පනත් හතරක් එයි යෝජිත කම්කරු නීති ප්‍රතිසංස්කරණය යටතේ ප්‍රධාන පනත් කෙටුම්පත් හතරක් හඳුන්වා දීම පිළිබඳව සලකා බලමින් සිටින බව කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය. 15 October 2025
මනුෂ අත්අඩංගුවට කම්කරු හා විදේශ රැකියා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මීට ස්වල්ප මොහොතකට පෙර අත්අඩංගුවට ගනු ලැබීය. 15 October 2025
අගමැතිනිය හෙට ඉන්දියාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය දෙදින නිල සංචාරයක් සඳහා හෙට (16) පෙරවරුවේ ඉන්දියාවට පිටත්ව යාමට නියමිතය. 15 October 2025
සයිනොපැක් විජිතට දුන් පොරොන්දුව හම්බන්තොට නව තෙල් පිරිපහදුව කඩිනමින් ඇරඹීමට සයිනොපැක් සමාගම අමාත්‍ය විජිත හේරත්ට පොරොන්දු වී ඇත 15 October 2025
ඉෂාරා ගෙන එන්න STF නිලධාරීන් නේපාලයට නේපාලයේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකාරියක වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් පස්දෙනා මෙරටට රැගෙන ඒමට සහායවීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් දෙදෙනෙකු නේපාලය බලා පිටත්ව ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 15 October 2025
සංචාරක පහසුවට රජයෙන් වැඩ ගොඩක් ඉදිරි සංචාරක සමය ඉලක්ක කර ගනිමින් සංචාරකයන්ගේ පහසුකම් නැංවීමට රජය වැඩසටහන් රැසක් සැලසුම් කර තිබේ. 15 October 2025
ලංකාවේ සෞඛ්‍ය සේවය ගැන විදෙස් සුව ඇමතිලාගේ ප්‍රසාදය ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික කලාපයේ 78 වන සමුළුවට මෙරටට පැමිණි විදෙස් සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ මෙරට සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස -නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහත්වරුන් අතර සාකච්ඡා කොළඹදී පැවැත්විණි 15 October 2025
සූදු අධිකාරිය පටන් ගන්න මුදල් සභාවෙන් නියෝගයක් සූදු නියාමන අධිකාරිය ලබන වසරේ ජූනි 30ට පෙර පිහිටුවා මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව දුන් නිර්දේශය ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශයේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ එකඟතාව පළවිය. 15 October 2025
ඉසෙඩ් ඩී ඇලට වැටුණු කෙනර පැය තුනකින් පසු ගොඩට වැලිකන්ද කාසන්වැව ප්‍රදේශයේදි අද (15) උදෑසන ඉසෙඩ්.ඩී. ඇලට වැටී අනතුරට පත්ව සිටි කෙනරක් වනජීවී නිළධාරීන් විසින් සිදුකළ පැය තුනක මෙහෙයුමකින් පසුව ගොඩට ගෙන කාසන්වැව රක්ෂිතයට පලවා හැරීමට හැකිව තිබේ. 15 October 2025
ගුවන් විදුලි සංඛාත වෙන්දේසි කරන රෙගුලාසි පාර්ලිමේන්තුවට ගුවන් විදුලි සංඛ්‍යාත වර්ණාවලිය වෙන්දේසි කිරීමේ රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 15 October 2025
ආධුනිකයන් බඳවා ගන්නා පොලිස් ලොක්කෙක් බාල වැඩක් කරලා පොලිස් මූලස්ථානය ආධුනිකයන් බඳවා ගැනීමේ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 15 October 2025
උළුගේතැන්න අධිකරණයෙන් පිටව යයි තරුණයකු අතරුදන් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් ගතව කුරුණෑගල අධිකරණයෙන් ඇප ලැබූ හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මහතා ඇප සම්පූර්ණ කිරීමෙන් අනතුරු පොල්ගහවෙළ අධිකරණයෙන් පිටව ගියේය. 15 October 2025
සුනිල් සෙනවිට තවත් පුටුවක් බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ශ්‍රී ලංකා - බංග්ලාදේශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස තේරී පත් විය. 15 October 2025
අගමැතිනිය යළි පැමිණෙයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය සිය චීන සංචාරය නිමා කර අද(15) අලුයම කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය. 15 October 2025
රෝහල්වලට දුන් කෝටි 421ක බෙහෙත් කුණු කූඩෙට රජයේ රෝහල්වලට 2024 වර්ෂයේදී නිකුත් කෙරුණු රුපියල් කෝටි 421කට වැඩි වටිනා ඖෂධ ශල්‍ය හා රසායන ද්‍රව්‍ය තත්වයෙන් අසමත් වීම හේතුවෙන් භාවිතයෙන් ඉවත් කර ඇතැයි අලුත්ම විගණන වාර්තාවක සඳහන්වේ. 15 October 2025
පතලකට වැටි මෝටර්රථ කාර්මිකයා මරුට පස්සර ආගරතැන්න දෙමළ විදුහල අසල ඉඩමක පිහිටි අඩි 50 ක් පමණ ගැඹුරු අනාරක්ෂිත මැණික් පතලකට ඇද වැටුණු පුද්ගලයකු තුවාල ලබා පස්සර රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව අද (15) අලුයම මියගිය බව පස්සර පොලිසිය පවසයි . 15 October 2025
මූල්‍ය වංචා මඩින්න ලංකා-මොරිෂස් ගිවිසුමක් ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පවතින මුල්‍ය බුද්ධි ඒකකය සහ මොරිෂස් ජන රජයෙහි මූල්‍ය බුද්ධි ඒකකය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 15 October 2025
නිල්වලා ගඟේ ලෙඩකට බෙිතක් සොයයි මාතර නිල්වලා ගඟේ ලවණ බාධකය ඉදි කිරීමෙන් පසු මතුව ඇති ගැටලු වලට ස්ථිර විසඳුම් ලබා ගැනීම සඳහා අධ්‍යයනයක් සිදු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 15 October 2025
මෝටාර් උණ්ඩ 40ක් කිලිනොච්චියේ ඉඩමක කිලිනොච්චිය මුහමාලේ පොන්දර් කුඩියිරිප්පු හි තිබී මෝටාර් උණ්ඩ තොගයක් ආරක්ෂක අංශ විසින් සොයා ගත් බව පලෙයි පොලිසිය සදහන් කරයි. 15 October 2025
අද සිට කාලගුනයේ වෙනසක් අන්තර් නිවර්තන අභිසාරි කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරි වන කලාපය) සහ දිවයිව ආශ්‍රිතව පවතින වායුගෝලිය කැළඹිලි ස්භාවය දිවයිනේ කාලගුණයට බපෑම් කරමින් පවතාන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 15 October 2025
’’ විදුලි බිල වැඩි නොවුනේ අපි නිසා’’ විදුලි බිල වැඩි කිරීම නතර වූයේ සමගි ජන බලවේගයේ බලපෑම නිසා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. 14 October 2025
අස්වැසුම ප්‍රතිලාභීන්ට සුබ ආරංචියක් අස්වැසුම පළමු අදියර ප්‍රතිලාභීන්ගේ ඔක්තෝම්බර් මස දීමනාව හෙට (15) ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි. 14 October 2025
’’බලශක්තිය ඇමැතිවරයාගෙන් ලිඛිත එකඟතාවයක් ඕනේ’’ බලශක්තිය අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගෙන් ලිඛිත එකඟතාවයක් ලැබුණු පසු ලංකා විදුලිබල මණ්ඩලය වෘත්තිය සමිති ගෙනයන අකුරට වැඩකිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හිටුවන බව ලංවිම නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත මහතා අද (14) පැවසීය. 14 October 2025
රැකව දියඹෙන් මත්ද්‍රව්‍ය කිලෝ 1200ක් ගොඩගනී තංගල්ල රැකව මුහුදු තීරයෙන් එහා ඈත දියඹේ පාවෙමින් තිබූ මත්ද්‍රව්‍ය අඩංගු සුදු පැහැති මළු 51ක් තංගල්ල නාවික හමුදාවේ මුර යාත්‍රාවකට අද(14) පෙරවරුවේ හමුවී ඇතැයි පොලිසිය පැවසීය. 14 October 2025
සෞන්දර්ය කලා සරසවියට ඉඩමක් තෑගි දෙයි සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨය පිහිටා ඇති ඉඩම් කොටස එම විශ්ව විද්‍යාලය වෙත පවරා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 14 October 2025
’’මට මැණික් ගඟ ළඟ ගෙදරක් නෑ’’ කතරගම මැණික් ගඟ අසබඩ ගොඩනැගිල්ල තමාට අයත් දේපළක් නොවන බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 14 October 2025
වරාය නගර පනත සංශෝධනය වෙයි කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 14 October 2025
උළුගේතැන්නට ඇප දුන් අධිකරණයෙන් සී.අයි.ඩීයට දොස් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මහතා අත්අඩංගුවට ගැනීමේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති ආකාරය දැඩිව විවේචනය කරමින් ඔහු ඇප මත මුදාහරින ලෙස කුරුණෑගල මහාධිකරණ විනිසුරු ටිකිරි ජයතිලක මහතා අද නියෝග කළේය. 14 October 2025
කනත්තේ මල් ශාලාවට කෝපාවෙන් දොස් බොරැල්ල සුසාන භූමි පාලකගේ නිල නිවාසය හා ඉඩම අවභාවිතා කරමින් අනවසරයෙන් ඉදිකර ඇති මල්ශාලාව පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳව එම කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ජා විය. 14 October 2025
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත... 11 March 2026