මැලේසියාව ලංකාව එක්ක බෙදා හදා හදාගන්න කැමති වෙයි මැලේසියාවේ සංචාරක, වෙළෙඳාම් සහ අධ්‍යාපන ක්ෂේත්‍ර වල මෙන්ම මෑතකාලීනව අත්පත් කර ගත් ජයග්‍රහණවල අත්දැකීම් ශ්‍රී ලංකාව සමඟ බෙදා ගැනීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ මැලේසියා මහකොමසාරිස් බද්ලි හිෂාම් බින් ඇඩම් (Badli Hisham bin Adam) මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ පැවසීය. 13 August 2025
අපනයන ආදායම ඩොලර් බිලියන 36ක් කරන්න උපරිම දහිරිය දායි ශ්‍රී ලංකාවේ අපනයන ආදායම 2030 වන විට ඩොලර් බිලියන 36ක් දක්වා වර්ධනය කර ගැනීමේ රජයේ ඉලක්කය සපුරා ගැනීම සඳහා විධිමත් සැලැස්මක් සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අපනයන සංවර්ධන අමාත්‍ය මණ්ඩල සභාවට දැනුම් දුන්නේය. 13 August 2025
මාදුරුඔය ජලාශයට කඩා වැටුනු යානයේ නියමුවා අත්දැකීම උසාවියේදී දිග හරියි තමා පැදවූ බෙල් 212 හෙලිකොප්ටර් යානය නිදර්ශන චාරිකාවක් සඳහා මාදුරුඔය යුද හමුදා විශේෂ බළකා කඳවුරෙන් ගුවන්ගත කර තප්පර 30ක් ඇතුළත තම පාලනයෙන් මිදී මාදුරුඔය ජලාශයට කඩාවැටුණු බව හෙලිකොප්ටර් යානය පැදවූ හිඟුරක්ගොඩ ගුවන් හමුදා මූලික කඳවුරේ අංක 7 හෙලිකොප්ටර් බලඝනයේ ප්‍රධාන ගුවන් නියමු, ෆ්ලයිට් ලෙෆ්ටිනන් පෝලන් ජයවර්ධන මහතා දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැසීය. 13 August 2025
පොලිස්පතිට කියන්න වට්ස්ඇප් අංකයක් අපරාධ හා විවිධ ගැටලුකාරී තත්ත්වයන් ක්ෂණිකව පොලිස්පතිවරයාට දැනුම්දීම සදහා නව වට්ස්ඇප් අංකයක් හදුන්වාදී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 13 August 2025
සරුංගලයට බට කපන්න ගිය දරුවෝ උණ්ඩ බෝතලයක් සොයා ගනිති දර්ගා නගරය,මීගම,තොටුපොල පාර ලිදමුල්ලගේවත්ත, උඩුගම ලදුකැලැවේ ඇති උණ පදුරක් අසල සඟවා තිබු ජීව උණ්ඩ සහිත බෝතලයක් හමු වී ඇතැයි වැලිපැන්න පොලීසිය කියයි. 13 August 2025
ලබන පාර්ලිමේන්තු සතියේ වැඩ වෙන්නේ මෙහෙමයි මීළඟ පාර්ලිමේන්තු සතිය අගෝස්තු 19 සිට 22 දක්වා පැවැත්වේ. 13 August 2025
බන්ධනාගාර රෝහල්වලට හදිසි ප්‍රතිකාර ඒකක බන්ධනාගාර ගත වන රැදවියන්ගේ සෞඛ්‍ය රැකවරණය වරප්‍රසාදයක් නොව අයිතිවාසිකමක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 13 August 2025
දැරියක් මුහුදේ ගිලී මරුට පිළියන්දල, මඩපාත ප්‍රදේශයේ සිට පැමිණ තංගල්ල වෙරළ තීරයේ රැල්ල පාගමින් සිටි අවුරුදු හයක දැරියක් මුහුදට ගසාගෙන ගොස් මිය ගිය තිබුණු බව තංගල්ල මූලස්ථාන පොලීසිය පවසයි. 13 August 2025
ආරක්ෂක නියෝජ්‍ය ඇමතිගේ විශ්වාසභංගය සිකුරාදා න්‍යාය පුස්තකයට? ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් බාර දෙනු ලැබූ විශ්වාස භංග යෝජනාව බොහෝ දුරට මේ සතියේ සිකුරාදා පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළේය. 13 August 2025
රුමේනියා හීන පෙන්වා මුදල් වංචා කළ ඒජන්සි කළමනාකරු දැලේ රුමේනියාවේ රැකියාවක් ලබා දෙන බව පවසා තරණයකුගෙන් රුපියල් නව ලක්ෂ හතලිස්පන්දහසක් වංචා කළ බවට සැකපිට විදේශ රැකියා ඒජන්සි සමාගමක කළමනාකරුවකු අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි. 13 August 2025
ධීවර විශ්‍රාම වැටුපට ලබන මාසයේ පණදෙයි අක්‍රියව පැවැති ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමවේදය ලබන මාසයේ සිට යළි ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි 13 August 2025
ලංකාවේ ක්ෂේත්‍ර තුනක සංවර්ධනයට ඕස්ට්‍රේලියා සහය මෙරට සංචාරක, අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු ක්ෂේත්‍ර වල සංවර්ධනය වෙනුවෙන් ඕස්ට්‍රේලියාව දිගටම සහාය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් (Paul Stephens) මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ පැවසීය. 13 August 2025
විශ්වාසභංගයට පොහොට්ටුවේ සහය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහය දෙන බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 13 August 2025
බෝමිරිය මැදි විදුහලේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව ජනපති කාර්යාලයේ කඩුවෙල බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ජනාධිපති කාර්යාලයීය පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී පැවැත්විණි. 13 August 2025
කෝටි 7 ක කේරළ ගංජා සමඟ දෙන්නෙක් අල්ලයි ඉන්දියාවෙ සිට ධීවර බෝට්ටුමාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටි හතක පමණ වටිනාකමින් යුතු කේරළ ගංජා කිලෝ 284 යි ග්‍රෑම් 415 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු යාපනය අරුකුවේලි හීදි ඊයේ (12) අත්අඩංගුවට ගත් බව යාපනය,චාවකච්චේරි පොලිසිය පවසයි. 13 August 2025
ඇමති බංගලා තීරණය මේ සතියේ ඇමති බංගලා සම්බන්ධයෙන් මේ සතියේ තීරණයක් ගැනීමට නියමිතව ඇතැයි වාර්තාවේ. 13 August 2025
ඩෙංගු චිකුන් ගුන්යා යළි පැතිරෙන අවදානමක් ඩෙංගු සහ චිකුන් ගුන්යා යළි ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. 13 August 2025
උණ්ඩ කිහිපයක මරදානේ දමා ගිහින් මරදාන ගාමිණී වටරවුම අසල තිබි ටි 56 ජීව උණ්ඩ සහ රිවොල්වර උණ්ඩ කීපයක් සොයාගත් බව මරදාන පොලිසිය කියයි, 13 August 2025
තැනින් තැනට අද දවසෙත් වැසි බස්නාහිර, සබරගමුව, සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 13 August 2025
ජනපති - කැනේඩියා මහකොමසාරිස් අතර හමුවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (12) පස්වරුවේ පැවැත්විණ. 12 August 2025
වරෙන්තුකරුවෝ 375ක් දැලේ පොලිසිය සහ හමුදාව එක්ව දිවයින පුරා කළ සෝදිසි මෙහෙයුමකදී වරෙන්තුකරුවන් 375 දෙනකු අත්අඩංගුවට පත්ව ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයය කියයි. 12 August 2025
කේලරයේ කෝවිලක් ලංකාව පිළිගනී ශ්‍රී ලංකා රජය පිළිගත් පූජනීය වන්දනා ගමනක් ලෙස සබරිමලෛ වන්දනා ගමන ප්‍රකාශයට පත් කිරීම හා පහසුකම් සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 12 August 2025
ජිව උණ්ඩ සමඟ අයෙක් අත්අඩංගුවට සමනල වැව ,අලුත්නුවර හේන්යාය ප්‍රදේශයේ දි ජිව උණ්ඩ තොගයක් සමඟ පුද්ගලයකු අද (12) දා අත්අඩංගුවට ගෙන ඇතැයි සමනල වැව පොලිසිය පැවැසීය. 12 August 2025
වියට්නාමයේ මහා පරිමාණ ආයෝජන ලංකාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වියට්නාමයේ ROX සමූහයේ උපදේශක මණ්ඩලයේ සභාපති සහ සමුද්‍රීය වාණිජ ඒකාබද්ධ කොටස් බැංකුවේ (MSB) සභාපති ට්‍රන් අන් තුවන් (Tran Anh Tuan) මහතා ඇතුළු නියෝජිතයින් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (12) පස්වරුවේ පැවැත්විණි. 12 August 2025
බලංගොඩ පාරකදී බඹරු ඇන 10 ක් රෝහලේ බලන්ගොඩ රාස්සගල රත්නපුර ප්‍රධාන මාර්ගයේ ඇල්ල වත්ත ප්‍රදේශයේ දි මාර්ගයේ ගමන් ගත් 10 දෙනෙකු බඔර ප්‍රහාරයකට ලක්ව ඉන් තුන් දෙනෙකු අද (12) දා සවස බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර ඇත. 12 August 2025
නාවලපිටිය පහේ හපනුන්නට අසාධාරණයක් කරලා පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේදී නාවලපිටිය කනිෂ්ඨ බාලිකා විද්‍යාලයේ ශාලා අංක 1 දරුවන්ට පළමු ප්‍රශ්න පත්‍රය පැය කාලක් පමාකර දී පැය කාලක් කලින් එකතු කර අසාධාරණයක් සිදු කර ඇතැයි පවසා මව්පියෝ පිරිසක් අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ ගම්පොළ කලාප අධ්‍යාපන අධ්යක්ෂ ඇතුළු වගකිව යුතු නිලධාරීන්ට පැමිණිල්ලක් අද භාරදුන්හ. 12 August 2025
අතරමඟ නැවතුණු වැඩ එකොළහක් යළි අරඹයි නාගරික සංවර්ධන විෂය පථයට සම්බන්ධ තාවකාලිකව අත්හිටුවන ලද ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 12 August 2025
‘‘ලංකාවේ නමින් කිසිදු යානයක් නෑ‘‘ ලංකාවට අයිති කක්ෂ ස්ථානවල ‘‘සුපිරිම් සැට් වන්‘‘ නමින් හෝ ‘‘චයිනා සැටි 12‘‘ නමින් කිසිදු යානාවක් පිළිබඳ තොරතුරු වාර්තා වී නැතැයි ජාත්‍යන්තර විදුලි සංදේශන සංගමයේ තොරතුරු අනුව වාර්තා වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී පැවසීය. 12 August 2025
‘‘විශ්වාසභංගෙ අපට අභියෝගයක් නොවේ‘‘ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහි විපක්ෂයේ විශ්වාසභංග යෝජනාව ආණ්ඩුවට කිසිදු අභියෝගයක් නොවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී පැවසීය. 12 August 2025
ධම්මික පන්නන්න හේතුව නිදහස් සේවක සංගමය කියයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් දෙදෙනෙක් පෞද්ගලික දුරකථන සමාගමක් සමඟ එකතුව ක්‍රියාත්මක කළ දුම්රිය මාර්ගයේ කේබල් ඇදීමේ වංචනික ගණුදෙනුවක් නතර කිරීම දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා එම තනතුරෙන් ඉවත්කිරීමට හේතුව බව ශ්‍රී ලංකා නිදහස් දුම්රිය සේවක පෙරමුණ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යොමු කරමින් පවසයි. 12 August 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025