(ගයාන් සූරියආරච්චි)

තෙලිප්පලේ අලවෙඩ්ඩි ප්‍රදේශයේ අඩි පාරක් දිගේ ගමන් කළ පුද්ගලයකු ලිඳකට වැටී ඊයේ (22) රාත්‍රී මියගොස් ඇති බව තෙලිප්පලේ පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ අලවෙඩ්ඩි ප්‍ර දේශයේ පදිංචි 77 හැවිරිදි පුද්ලයෙකි.

පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබූ අතර එම පුද්ගලයා ලිදට වැටුණේද නැතිනම් එය ඝාතනයක් ද යන්න පිළිබදව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මෘත ශරීරයට පශ්චාත් මරණ පරීක්ෂණය සදහා යාපනය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. තෙලිප්පලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.