පොලිස් නිලධාරියට බෝතලෙන් ගැසූ ප්‍රා මන්ත්‍රී මාට්ටු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේදී පොලිස් නිලධාරියෙකුට බෝතලයකින් පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඊයේ (27) කළුතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය පවසයි. 28 August 2025
නීතී විරෝධිව ගෙන ආ දුරකතන කරඳමුංගු ගුවන්තොටේ හිරවෙයි රුපියල් කෝටි දෙකක් වටිනා අති නවීනතම ජංගම දුරකථන සහ කරදමුංගු තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරිත මාවත ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(28) උදෑසන ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 28 August 2025
නව ත්‍රස්ත විරෝධී පනත එන මාසයේ එළියට නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් පත් කළ විද්වත් කමිටුවේ කටයුතු සැප්තැම්බර් මාසයේදී අවසන් කරන බව එහි සභාපති, ජනාධිපති නීතීඥ, රියෙන්සි අර්සකුලරත්න මහතා පවසයි. 28 August 2025
පානදුර නගර සභා පිහිනුම් තටාකය අපායක්: ප්‍රවේශපත් වංචාවකුත් එළියට? පානදුර නගර සභාව යටතේ පාලනය වන පිහිනුම් තටාකය එහි සේවකයන් නිසි පරිදි පිරිසිදු නොකිරීම හේතුවෙන් කුඩා දරුවන් ඇතුළු එම පිහිනුම් තටාකය පාවිච්චි කරන ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති. 28 August 2025
සුව ඇමැති සෞදි තානාපති හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කාලීඩ් හාමඩ් නසර් අල්කතානි (Khalid Hamoud Nasser Alkahtani) මහතා අතර හමුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය. 28 August 2025
“ජාතික පර්යේෂණ ප්‍රමුඛතා වාර්තාව” පිටවෙයි මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට රජයේ සමාජ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ සහ සමගාමී වන ’’ශ්‍රී ලංකාව සඳහා වූ පර්යේෂණ ප්‍රමුඛතා – 2026’’ වාර්තාව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාට අද (28) ජනාධිපති කාර්යාලයේදී බාර දුන්නේය. 28 August 2025
තුසිත හල්ලොලුව යළි රිමාන්ඩ් ගමන් ගත් වාහනයට වෙඩි තබා එහි තිබී ලිපිගොනු පැහැර ගත් බවට රංගනයක් ඉදිරිපත් කළේ යැයි කියන ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්යක්ෂ තුසිත හල්ලොලුව සැකකරු ලබන 04 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා අද නියෝග කළේය. 28 August 2025
කුලියාපිටිය මාරක අනතුරේ රියැදුරා රිමාන්ඩ් සිසුවියන් දෙදෙනකු ඇතුලු තිදෙනකුට මරු කැඳවමින් කුලියාපිටියේ දී සිදු වූ මාරක අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටිපර් රථ රියදුරා සැප්තැම්බර් මස 8 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා අද නියම කළේය. 28 August 2025
බ්ලැක් කොරල් විකුණන්න් ගිහින් අමාරුවේ සමුද්‍ර සම්පත් අතරින් ඉතා වටිනා කොරල් විශේෂයක් වන ගැඹුරු මුහුදු ජලයේ දක්නට ලැබෙන ගසක් මෙන් හැඩැති බ්ලැක් කොරාල් විකිණීම සඳහා ප්‍රදර්ශනය කළ වයස අවුරුදු 23ක පුද්ගලයෙක් ගම්පහ දී අත්අඩංගුවට ගත් බව හොරගොල්ල ජාතික වන උද්‍යානය කියයි. 28 August 2025
ගැබිනි මුවදෙන මරා මස් කරමින් සිටි 5ක් අල්ලයි විල්පත්තු ජාතික උද්‍යානයේ කුකුල්කටුව බීට්ටු කාර්යාලයේ වනජීවී නිලධාරීන් සිදුකළ ක්ෂණික මෙහෙයුමකදී ගැබිණි මුව දෙනක මරා මස් කිරීමට සූදානම්ව සිටි පුද්ගලයින පස් දෙනෙකු ගිණී අවියක් හා තියුණු අයුධ ද සමඟ අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ. 28 August 2025
පද්මෙ ඇතුළු කණ්ඩායම දින දෙකකින් ලංකවට ඉන්දුනීසියාවේ පොලිසිය සහ මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මෙ ඇතුළු කණ්ඩායම ඉදිරි දින දෙක ඇතුළත රටට ගෙන ඒමට කටයුතු කරන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. 28 August 2025
’’රනිල්ට දැන් යන්න වුණත් පුළුවන්’’ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පිටව යෑමට හැකියාව තිබුණද රෝගී තත්වය සලකා දැඩි සත්කාර ඒකකයේ තවදුරටත් සිටින බව එහි නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය. 28 August 2025
ආයතන දෙකක ලොක්කෝ ලබන සතියේ කෝප් කමිටුවට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ භූ විද්‍යා පතල් කාර්යාංශය යන ආයතන වල ප්‍රධානීන් ලබන සතියේ කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර ඇත. 28 August 2025
නඩු වැඩ ඉවර වී සති දෙකක් ඇතුළත ගුරු විභාගය ගැසට් කරන්න යයි ගුරු පත්වීම් සම්බන්ධයෙන් පැවැරුණු නඩු කටයුතු අවසන් වී සති දෙකක් ඇතුලත ගුරු විභාගය පැවැත්වීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය අතර පැවති සාකච්ඡාවකදී අනාවරණය විය. 28 August 2025
උසාවිය අසළදී පොලිස් නිලධාරියාට පහරදුන් හිටපු ප්‍රා.ස.මන්ත්‍රී අත්අඩංගුවට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේදී පොලිස් නිලධාරියෙකුට බෝතලයකින් පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඊයේ (27) කළුතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය පවසයි. 28 August 2025
ලංවීම හතරකට කැඩෙයි නව විදුලිබල පනතේ විධිවිධාන යටතේ ලංකා විදුලිබල මණ්ඩලය වෙනම සමාගම් හතරකට ප්‍රතිව්‍යුහගත කර ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට ඔවුන් අනියුක්ත වන සමාගම් ඒ පිළිබඳව දැනුවත් කළ ලිපියේ සඳහන් වන බවත් ලංකා විදුලිබල මණ්ඩලය පැවැසුවේය. 28 August 2025
කඩවත මහමායා ශිෂ්‍ය පාර්ලිමේන්තුව ජනාධිපති කාර්යාලයේ කඩවත මහමායා බාලිකා මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මංගල සභාවාරය ජනාධිපති කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී පැවැත්විණි. 28 August 2025
ව්‍යාජ පොලිස් ලාංඡන-පිස්තෝලයක් සමඟ අයෙක් අල්ලයි මහරගම නාවින්න ප්‍රදේශයේදී මාර්ග බාධකයේදී වෑන් රථයක් නවතා පරික්ෂා කිරීමේදී ව්‍යාජ පිස්තෝලයක් ඇතුළු පොලිස් ලාංඡන රැසක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියය 28 August 2025
කෝටි 5ක මත්ද්‍රව්‍ය සමඟ හතරක් මාට්ටු රුපියල් කෝටි 5 කට ආසන්න වටිනා හොරයින් මත්කුඩු තොගයක් සමග පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි. 28 August 2025
නිෂ්පාදන කර්මාන්තය ශක්තිමත් කරන්න රජයේ සහාය සෙරමික් කර්මාන්තයේ පවතින ගැටලු සම්බන්ධයෙන් අදහස් සහ යෝජනා විමසීම සඳහා දේශීය ව්‍යාපාරිකයින් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 28 August 2025
’’කෝප්’’ හොරු සොයා ඔෆිස් 457 ක් පීරයි රාජ්‍ය ආයතන 457 ක දූෂණ වංචා සහ අක්‍රමිකතා සොයා ගැනීම සඳහා විමර්ශන වේගවත් කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර ඇත 28 August 2025
පානදුරේ වෙඩි පහරින් අයෙක් මරුට අවිගත් නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු ඊයේ රාත්‍රී පානදුර වඳුරාමුල්ල අළුබෝගහවත්ත නිවසකට කඩා වැදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි පානදුර දකුණ පොලිසිය කියයි. 28 August 2025
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධකරුවන් පිරිසක් අත්අඩංගුවට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ, කොමන්ඩෝ සලින්ත ඇතුළු අපරාධකරුවන් පිරිසක් ඉන්දුනීසියාවේ දී මෙරට පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරියේ නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය. 28 August 2025
ඒකාබද්ද කාලසටහනට ලංගමයේ විරෝධය ලංගම හා පෞද්ගලික බස් රථ එකාබද්ධ කාලසටහන් ක්‍රමය වහාම අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලංගම වෘත්තීය සමිති අද (27) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. 27 August 2025
සෙවනගල පැල්වත්ත උක් ගොවීන්ගේ සල්ලි ඉක්මනින් ගෙවන්න සෙවණගල සහ පැල්වත්ත උක් ගොවීන්ට ගෙවීමට ඇති සියලු මුදල් කඩිනමින් නිසි පරිදි ගෙවා අවසන් කරන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 27 August 2025
ඉඳුල් කට ගෑමේ උත්සවයේ තරුණයෙක් මැරුවාට තුනක් පෝරකයට වලස්මුල්ල මැදගංගොඩ ප්‍රදේශයේ ඉඳුල් කැට ගෑමේ උත්සවයකදී එවකට වසය අවුරු 30ක වූ තරුණයකුට පිහියකින් ඇන මරා දැමීමේ චෝදනාවකට වැරදිකරුවන් වූ තිදෙනකුට තංගල්ල මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා මරණ දඩුවම අද නියම කළේය. 27 August 2025
මානසික සෞඛ්‍ය ගැටලු විසඳන්න මිලියන 250ක් මානසික සෞඛ්‍යය පිළිබඳව දැනුම්වත් කිරීමේ සහ උපදේශන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 27 August 2025
අමාත්‍යාංශ දෙකක වියදමට අමතර කෝටි 1478 ක් නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි 1328ක අතිරේක මුදලක්ද කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය වෙනුවෙන් කෝටි 150ක අතිරේක මුදලක්ද වෙන් කිරීමට අදාළ පරිපූරක ඇස්තමේන්තු යෝජනා දෙකක් පාර්ලිමේන්තුවේදී ඉදිරි දිනවල සම්මත කරගැනීමට නියමිතය. 27 August 2025
රනිල් අත්අඩංගුවට ගත්තේ පළිගැනීමකට නොවෙයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට පත්වීම කිසිදු පෞද්ගලික පළිගැනීමක් හෝ දේශපාලන පළිගැනීමක් හෝ ඒකාධිපති ව්‍යවස්ථා ක්‍රියාත්මක කිරීමක් නොවන බව විදෙස් සහ සංචාරක කර්මාන්ත අමාත්‍ය විජිත හේරත් මහතා කොළඹදී අද(27) පැවසීය. 27 August 2025
බෙල්ලනට එරෙහිව විනය පරීක්ෂණයක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට පත්ව ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුගේ රෝගී තත්වය සම්බන්ධයෙන් ජනමාධ්‍යයට ප්‍රකාශ නිකුත් කළ කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයකු වන වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන බව වැඩබලන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය. 27 August 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025