
( ටී.කේ.ජී.කපිල )
රුපියල් පනස් ලක්ෂ හතලිස් දහසක් වටිනා , විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත" ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ විදේශීය ගුවන් මගී කාන්තාවක් අද(15) ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
ඇය 26 වියේ පසුවන චීන ජාතික ව්‍යාපාරික කාන්තාවකි .
ඇය මෙම දුම්වැටි තොගය චීනයෙන් මිළදී ගෙන , කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන්ගේ අවධානය වෙනතකට යොමු කිරීම සදහා , තායිලන්තයේ බැංකොක් නුවර වෙත පැමිණ , එතැන් සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරන ගුවන් යානයෙන් අද අලුයම 12.30 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
එහිදී ඇය විසින් රැගෙන ආ ගමන් මලු 02 ක් තුළ , චීනයේ නිෂ්පාදිත දුම්වැටි 33,600 ක් අඩංගු දුම්වැටි කාටූන් 168 ක් සගවා ගෙන තිබුණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ චීන්නු හරිම කපටියි. හැම වෙලේම පරීක්ෂා කරන්න ඕනේ.