
(අංජුල මහික වීරරත්න)
දාහත් වැනි ජාතික රණවිරු සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී අඟහරුවාදා (19) පැවැත්වේ.
මෙවර රණවිරු සැමරුම් උත්සවයේ සුවිශේෂීතා කිහිපයක් තිබෙන බව රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් එස්.බී.කොහොන මහතා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ගේ පවුල් වල සාමාජිකයන්ට මෙවර සැමරුමේ උපරිම අවස්ථාව ලබාදීම ප්රමුඛ අරමුණක් බව කී රණවිරු සේවා අධිකාරියේ සභාපතිවරයා ඒ නිසා වෙනදාට වඩා රණවිරු පවුල් වල සාමාජිකයන්ගේ සහභාගීත්වය වැඩිකර තිබෙන බව සඳහන් කළේය.
මෙවර රණවිරු සැමරුමේ තවත් විශේෂත්වයක් ලෙස උතුරු නැගෙනහිර ප්‍රදේශ වලින් යුද්ධයට එක්වී රටේ නිදහස වෙනුවෙන් සටන් කළ ද්‍රවිඩ සහ මුස්ලිම් රණවිරුවන්ගේ ඥාතීන්ටද රණවිරු සැමරුමට ආරාධනා කර තිබෙන බව සභාපතිවරයා පැවසීය.
ඒ අනුව උතුරු නැගෙනහිර රණවිරු පවුල් තිහක් පමණ මෙවර රණවිරු සමරුමට සහභාගී වීමට නියමිතව ඇතැයි රණවිරු සේවා අධිකාරියේ සභාපතිවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd