(සුජිත් හේවාජුලිගේ)

රජයේ රෝහල්වල හදවත් සැත්කම් සඳහා දසදහසකට අධික රෝගීන් ප්‍රමාණයක් පොරොත්තු ලේඛනවල සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය

මෙම ශල්‍යකර්ම සඳහා දිනය 2029දක්වා දික්වීම නිසා රෝගීන් දැඩි ලෙස අසරණ වී සිටින බව  ඔහු පෙන්වා දෙයි

රජයේ ඇතැම් රෝහල්වල ශල්‍යකර්ම සඳහා අවශ්‍ය කරන උපකරණවල පවතින හිඟය හේතුවෙන් රෝගීන්ට  ඇතැම් රසායනාගාර පරීක්ෂණ  පුද්ගලික අංශයෙන්  කර ගැනීමට සිදුව ඇති බව විශේෂඥ වෛද්‍යවරයා  ප්‍රකාශ කරයි.