
(සුජිත් හේවාජුලිගේ )
කවුරුන් හෝ වැරදි කර ඇත්නම් තරාතිරම නොබලා ඔවුන් සිවුරෙන් ඉවත් කළ යුතු බව රාමාඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඕමල්පේ සෝභිත නාහිමියෝ පැවසූහ
ශාසන සංශෝධන සඳහා සංගායනාවක් අවශ්‍ය බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.
සෝභිත හිමියන් මෙසේ පැවසුවේ ඊයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීය
සංඝාධිකරණයට රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා මහනාහිමිවරුන් ඉක්මනින් ක්‍රියාත්මක විය යුතු බවද උන්වහන්සේ පැවසූහ.
ශ්‍රී ලංකා භික්ෂු සමාජයේ ඛේදජනක සිද්ධීන් කිහිපයක් පසුගිය දිනවල අත්දුටු බවත් මේවා මුල් කරගෙන සමස්ත භික්ෂු සමාජයටම අපහාස කරන තත්ත්වයක් ඇතිවී තිබෙන බවත් සෝභිත හිමියෝ කීහ.
එය වැරදි බව කී උන්වහන්සේ එක්කෙනෙකු දෙන්නෙකු කරන වැරදි වලට සමස්ත භික්ෂු සමාජයම වගකිවයුතු නැතැයිද ප්‍රකාශ කළහ.
සෝභිත හිමියෝ මෙසේද පැවසුවේය
එක් කෙනෙකු දෙන්නෙකු කරන වැරදි වලට සියලුම භික්ෂූන් වහන්සේලාට දොස් නැගීම වැරදියි. කළ යුත්තේ වැරදි කරන අයට එරෙහිව ධර්මානුකූලව ඉදිරි පියවර ගන්න එක. මහා නා හිමිවරුන් මේ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් රජයට යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. දැන් තියෙන්නේ ඒවා ක්‍රියාත්මක කරන්න.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිවුරේ ඉඳගෙන දේශපාලනේ කරන අයවත් ඉවත්කළ යුතුයි. එහෙම බැරි නම් සිවුර පක්ෂේ පාටින් ඇඳිය යුතුයි.
අනිවාර්යෙන්ම අපේ නායක හාමුදුරුවනේ. ඒ වුණාට ඔය වැඩේ කරන්න ගියහම තමා වස්ත්‍රයේ කැත වෙන්නේ. අදට අවශ්‍යම සංඝායනාවක් කරන්න මහාකාශ්‍යප මහරහතුන් වහන්සේලා කොහෙන් හොයාගන්නද අද?
ආගමික පූජකයින් අද සමාජයට අවශ්‍යද? සමාජයේ පිහිහීමට පූජකයින් සෑහෙන්න දායක වන බව පෙනේ. මෙයත් එහෙම කෙනෙක්....
පොලිටික්ස්ම තමා කලේ
අටමස්ථාන අධිපති ගැන අදහසකුත් කියමු.
ඔබතුමා කියනවා සිවුරෙන් අයින් කරනවා කියලා... හැබැයි මාත් බෞද්ධයෙක් හැබැයි මං අවුරුදු 10ක් විතර වෙනවා ආගමික ව්‍යාපාර වලින් ඉවත් වෙලා... මං දැක්කා ගොඩාක් අය කරන්නේ ආගම ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යනවා... හරියට දැන් තියෙන දේශපාලන ව්‍යාපාර වගේ.
අරගලයෙදි සිංහල බෞද්ධ පදනම අවසන් කිව් ඔබ වහන්සේ ගැනත් මහනායක හිමිවරුන් විසින් තින්දුවක් නොගැනිම කණගාටුවට කරුණක් බෞද්ධ උරුමය රැකෙන්නේ සිංහල බෞද්ධ පදනම මත එදා ඔබ වහන්සේ සිටි අන්තවාදින් සමග කතෝලික පල්ලියේ ලෝගුව සමග සිට එලවන්න කටයුතු කලේ සිංහල බෞද්ධ නායකයෙක් අද බෞද්ධාගමට පහර දෙන සංඝරත්නයට නොයෙක් ආකාරයෙන් අපහාස උපහාස කරන කෙනෙක් පත්වුනේ ඔබ වහන්සේලා වැනි අය නිසා මුලින්ම ඔබ වහන්සේ සාසනයෙන් ඉවත්වි යන්න වරද පිලිගෙන කෙනෙකු අධිකරණයෙදි වරදකරුවකු වනතුරු නිර්දෝෂී පුද්ගලයෙකුවේ එනිසා අධිකරණ තින්දුව එනතුරු සිටින්නට සිදුවේ හාමුදුරුවනේ
පන්සලට ගිහිල්ල නායක හාමුදුරුවන් දකින්න බයයි.මේ පොඩි වැඩේ කරල දුන්නොත් හොඳයි කියල කියන බයට.කොච්චර පොඩි වුනත් ලක්ෂ ගණනකට තට්ටු වෙනව...පන්සල තව්තිසාව වෙනකම්ම ඉදිකිරීම් ඉවර වෙන්නේ නෑ..
සිවුර පෙරවාගෙන දේශපාලනය කරන අයත් පහ කළ යුතුයි. එදා ගෝල් ෆේස් එකේදී සිංහල බෞද්ධ බලය මෙතැනින් අවසන් කියපු අයත් පහකළ යුතුයි.