
(අංජුල මහික වීරරත්න)
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කලීඩ් නසාර් අල්අමෙරි මහතා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අතර හමුවක් වෙළෙඳ අමාත්‍යාංශයේදී සිදු විය.
ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ශක්තිමත් සහ වර්ධනය වන වෙළෙඳ හා ආර්ථික සබඳතා පිළිබඳව මෙහිදී සමාලෝචනය කෙරිණි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය දැනට ශ්‍රී ලංකාවේ 7 වන විශාලතම අපනයන ගමනාන්තය සහ 3 වන විශාලතම ආනයන හවුල්කරු වන අතර වත්මන් ද්විපාර්ශ්වික වෙළෙඳ පිරිවැටුම ආසන්න වශයෙන් ඇමරිකා ඩොලර් බිලියන 1.5 කි.
කොළඹ වරායේ අයෝජන අවස්ථා සඳහා අබුඩාබි වරාය සමාගම උනන්දුවක් දක්වන බව තානාපති අල්අමෙරි මහතා මෙහිදී පැවසීය. ඊට ප්‍රතිචාර වශයෙන්, කොළඹ වරායේ සහ ත්‍රිකුණාමල වරායේ ආයෝජන අවස්ථා ඇති බවත්, යෝජනා සඳහා ඉල්ලීම් (RFPs) නියමිත වේලාවට ප්‍රකාශයට පත් කරන බවත් අමාත්‍ය සමරසිංහ මහතා පැවසීය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කොළඹ අතර දිනපතා මගී සහ භාණ්ඩ ප්‍රවාහන ගුවන් ගමන් 17 ක් ක්‍රියාත්මක වන අතර ගුවන් යානා නඩත්තු කිරීම සහ අලුත්වැඩියා කිරීම වැනි සහායක සේවාවන්හි දී, ශ්‍රී ලංකන් ගුවන් සේවය සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය කැමැත්ත පළ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd