
(අංජුල මහික වීරරත්න)
සහකම්පනයක් සහිත තරුණ පරපුරක් බිහි කිරීම අරමුණු කරගනිමින් ජනතා විමුක්ති පෙරමුණ රට පුරා තරුණ සමුළුවක්(SYU Youth Summit) ආරම්භ කර තිබේ.
එම තරුණ සමුළුව දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් ව්‍යාප්ත කර ජාතික තලයට ගෙන ඒමට ඉදිරියේදී කටයුතු කරන බව සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය.
" රට හදන තරුණ ජවය " යන්න තේමා කරගත් මෙම තරුණ සමුළුව මස 16 ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමට නියමිතව ඇත .
දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මටිටමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම වැඩසටහනේ දෙවැන්න මැයි මස 17 වන දින හම්බන්තොටින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
බත්තරමුල්ල, පැලවත්ත ජවිපෙ මූලස්ථානයේ පැවැති මේ පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට සමාජවාදී තරුණ සංගමයේ මාතර දිස්ත්‍රික් සංවිධායිකා මල්ෂි අමාශා, සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් අංජන අමරසිංහ සහ සමාජවාදී තරුණ සංගමයේ අධ්‍යාපන ලේකම් මහේෂ් අඹේපිටිය මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd